සංචාරක කලාපවලට විදුලිය නොකැපීම හොඳ තීන්දුවක් විදුලිය ගාස්තු සහ විදුලිය කප්පාදුව පිළිබඳ අසන්න දකින්න ලැබෙන්නේම අවර ගණයේ කතා ය. ලබන වසරේ සිට විදුලි බිල යළිත් අවස්ථා දෙකක දී ඉහළ දැමීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි. ඒ අතර විදුලි කප්පාදුව මේ වනවිට පැය දෙකයි විනාඩි 20ක් දක්වා දීර්ඝ කෙරී තිබේ. 09 December 2022
අපේ රටේ සල්ලි ගිලින විදේශ විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කළ නොහැකිද යන ප්රශ්නය පසුගියදා පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මතුකර තිබුණි. එහිදී ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද මන්ත්‍රීවරුන් විශාල පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද අදහස් මෙන්ම රට ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව දෙපාර්ශවයෙන්ම ඇති වූ එකඟතාවද ඉතා වැදගත්ය. 08 December 2022
ලංකාවේ ණය කන්දරාව අඩු කරගන්නේ කවදාද? චයිනා ඇෆ්රිකා රිසර්ච් ඉනීසියේටිව් (CARI) විසින් ප්‍රසිද්ධියට පත්කොට ඇති වාර්තාවකට අනුව ශ්‍රී ලංකාව, පසුගිය වසර අග වන විට චීනයට ඩොලර් බිලියන 7.4ක් ණය වී ඇති බව කියා ඇතැයි පසුගිය මස 30 වැනිදා රොයිටර් පුවත් සේවය ලොවට කීවේය. මෙය ශ්‍රී ලංකාව මේ වන විට විදේශයන්ට ණය වී ඇති මුළු ණය ප්‍රමාණයෙන් පහෙන් එකක් පමණ වන බව ද එම පුවතේ සඳහන් වේ. 08 December 2022
මගඵල ලැබීමට විසිතුරු ඇඳුම බාධාවක්ද? ආදි මානවයා ඇඳුමින් පැලඳුමින් අලංකාරවත් වූවෙක් නොවේ. ක්‍රමයෙන් ශික්ෂාකාමී වීමත් සමඟ විලිබිය පිළිබඳව ඇතිවූ මානසික පෙරැළියත් පාරිසරික වශයෙන් ඇතිවූ සංසිද්ධී ද සමග ඇඳුම් භාවිතය සඳහා පෙළඹී ඇති බව නොරහසකි. 07 December 2022
දිළිදු සහන වැඩ පිළිවෙළ තවත් පුළුල් කිරීමක් අවශ්‍යයි ආර්ථික දුෂ්කරතා ඉවසා දරා ගැනීමට නොහැකිව සිටි වයෝවෘද්ධ කාන්තාවක කිසියම් විෂ දියරයක් ශරීරගත වීමෙන් මිය යාමේ පුවතක් අපගේ ‘‘ලංකාදීප’’ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයකින් පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. අරණායක පොලිසිය පවසන ආකාරයට 74 හැවිරිදි එක්දරු මවක මෙසේ මිය ගොස් ඇත. ජීවිතක්ෂයට පත්වූ එම මව සිය වයෝවෘද්ධ සැමියා සමඟ ඔවුන්ගේ නිවෙසේ පදිංචිව සිට ඇති බවත් ඔවුන්ගේ එකම දියණිය විවාහ වී රඹුක්කන වෙනම පදිංචිව සිටින බවත් සඳහන් විය. 07 December 2022
භාෂාව හිතුමතේ විකෘති කිරීමට මාධ්‍යයට අයිතියක් නෑ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රයෙහි දශක පහකට අධික කාලයක අත්දැකීම් ඇති ප්‍රවීණ මාධ්‍යවේදී රොස්මන්ඩ් සේනාරත්න මහතා රචනා කළ “ඇසිදිසි ‘මාධ්‍ය චාරිකාව” කෘතිය සරසවි ප්රකාශනයක් ලෙස පසුගියදා එළි දැක්වුණි. 06 December 2022
ආයෝජකයන්ට සිංගප්පූරු මොඩලය මෙවර අයවැය, නිදහසින් පසු මෙරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ අයවැයකි. නිදහස ලැබූ දා පටන් මේ දක්වා කාලයේදී ආර්ථිකය නිසි මාර්ගයේ ගෙන නොගිය බව ප්‍රථම වතාවට සමාජය ඉදිරියේ පිළිගෙන තිබීම එයට ප්‍රධාන හේතුවයි. අයවැය කතාව කරමින් මුදල් ඇමැති හැටියට ජනාධිපතිවරයා ඒ කාරණය පැහැදිලිව කියා සිටියේය. 06 December 2022
කෝටි හැත්තෑදාහක බදු යටගහන බහිරවයෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු එහෙත් විවිධ ආයතන සහ පුද්ගලයන් විසින් ගෙවීම පැහැර හරින ලද මුදල් ප්‍රමාණය රුපියල් කෝටි හැත්තෑහත්දහස් තුන්සියයක් බව පසුගියදා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දී (කෝපා) හෙළි වී තිබිණි. මෙම හිඟ මුදලට අදාළ කාල සීමාව කුමක්දැයි පැහැදිලි නැතත් මේ තරම් විශාල මුදල් කන්දරාවක් හිඟ බදු, දඩ සහ පොලී වශයෙන් නොලැබී යාම රාජ්‍ය ආදායමට ඇතිකරන බලපෑම ඉතා විශාල බව කිවයුතු නැත. 06 December 2022
ඕමාන් සිද්ධියට සම්බන්ධ තව දෙන්නෙක් ඉන්නවා ඕමානයේ මිනිස් ජාවාරම හෙලි කළ ඩුබායි සුද්දා දේශපාලනයට එන්න කැමැත්තෙන්. 05 December 2022
රට ඇත්තේ අනතුරක් අභියස ආර්ථික අර්බුදය හමුවේ රටේ වත්මන් තත්ත්වය සහ දේශපාලන කාරණා කිහිපයක් ගැන සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සමග කළ සාකච්ඡාවකි මේ. 05 December 2022
දුප්පතා අසරණ කරන වකුගඩු ජාවාරම බියකරු මෙන්ම ම්ලේච්ඡ ජාවාරමක් සම්බන්ධ පුවතක් අප පුවත්පත නොබෝදා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ වකුගඩුවකට රුපියල් කෝටි එක හමාරක් දෙන බව පවසා දිළිඳු පවුල්වල පුද්ගලයන්ගෙන් වකුගඩු ලබාගෙන මුදල් නොදී වංචාකර ඒවා ලොකු මිල ගණන්වලට දේශීයව හා විදේශීයව විකුණා ඇතැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කළ බවයි. 05 December 2022
බලවාදයේ හිරවුණු ජාතික ප්රශ්නය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේදී එනම් 1980 ගණන්වල මුලදී සතිපතා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගන්නා තීරණ දැනුම් දීමේ ජනමාධ්‍ය හමුව ප්‍රධාන වශයෙන්ම පැවැත්වුණේ එවක රාජ්‍ය ඇමති වූ ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙනි. 03 December 2022
ජනවාර්ගික ප්‍රශ්නයට දැන්වත් විසඳුමක් සොයමු ජනවාර්ගික ප්රශ්නය යළිත් පසුගියදා කරළියට පැමිණියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් හේතුවෙනි. බලය බෙදීම ඇතුළුව ජනවාර්ගික අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ එකඟත්වයකට පැමිණීම සඳහා වන සාකච්ඡාවක් දෙසැම්බර් 11 වැනිදායින් පසුව කැඳවන බව එම ප්‍රකාශයේ සඳහන් විය. එම සාකච්ඡාවට සහභාගි වෙන්නැයි ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනාවක්ද කළේය. 03 December 2022
ආණ්ඩුවට බිස්නස් බැරිද? මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය මාතෘකාව පිළිබඳවය. එයට හේතුව වන්නේ මේ දිනවල අය-වැය විවාදය තුළ මෙම කාරණය නැවතත් කරළියට පැමිණීමය. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2023 අය-වැය කථාවේ ඍජුවම කියා තිබූ කාරණයක් වූයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවය. 02 December 2022
නැවතත් නගින විදුලිය හා ජල බිල පවත්නා තත්ත්වය යටතේ ආර්ථික අංශයේ සුබදායක පුවතක් ගැන සාකච්ඡා කරන්නට ලැබෙන්නේ කලාතුරකිනි. මේ දිනවල මාධ්‍යයේ පැතිරෙන බොහොමයක් තොරතුරුවල අන්තර්ගත වන්නේ උග්‍ර වී ඇති ආර්ථික අර්බුදයේ විවිධ පැතිකඩය. එම පුවත් අතර ජනතාවගේ කනස්සල්ලට හේතුවන තොරතුරු රැසකි. 02 December 2022
එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්ව ගිය පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා මාස කීපයක් සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කළේය. නොවැම්බර් 14 වැනි දින ඉදිරිපත් කළේ 2023 වර්ෂය සඳහා අයවැය ලේඛනයයි. 01 December 2022
බහිරවයා ගිලින සල්ලි රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන කාර්යයන්ට සමගාමීව මාර්ග පද්ධතිය වැඩිදියුණු විය යුතුය. ඒ සඳහා දියුණු රටවල විද්‍යාත්මක පදනමක් මත වර්තමානයට සහ අනාගතයට ගැලපෙන පරිදි මාර්ග පද්ධතිය සකස් වෙයි. එහෙත් ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටවල එය තවදුරටත් නොවිසඳුණු ප්රශ්නයකි. 01 December 2022
එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක් 2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව 3600 ක් වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන වාර්තා කරයි. අවුරුදු 15 සහ 24 අතරේ පසුවන තරණයන් මෙකී වෛරසයට ගොදුරුවන සංඛ්‍යාව වැඩිවෙමින් පැවතීමත්, ඒ අතර පාසැල් සිසුන් හා විශ්වවිද්‍යාල සිසුන් සිටින්නේ යැයි වාර්තාවීමත් සෑහෙන තරම් සිත කම්පනයට පත්කරන පුවතකි. 01 December 2022
ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා 1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂූන් සහ භික්ෂුනීන් වහන්සේලා පෙරටුකරගත් පෙරහැරක් පැමිණියේය. ක්වාන් ඩක් හිමියන් මුලින්ම මෝටර් රථයෙන් බිමට බට අතර තවත් හිමි නමක් මෝටර් රථයෙන් බිමට බැස බිම වාඩි වීමට හැකි ආකාරයේ කුෂනයක් මහා මාර්ගයේ මැද තැබුවේය. කාරයෙන් බිමට බට තවත් හිමි නමක් එහි ඩිකියෙන් පෙට්රෝල් කෑනයක් එළියට ගත්තේය. 30 November 2022
ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ “ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත්‍යයකි. එහෙයින්ම ගුරුවරුන් රහසින්වත් පවක් නොකරන්නේ යැයි සිතීම පෙර කී පිළිගැනීමට යටත් වූවකි. 30 November 2022
නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිරිය කෙහෙලි ප්රකාශනයක් ලෙසිනි. මතු දැක්වෙන්නේ එම නවකතාව පසුබිම් කොටගෙන අප කළ සංවාදයකි. 29 November 2022
අයවැය වචන හරඹයක්ද? ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ මුහුණ දුන් දරුණු ආර්ථික අවපාතයට මැදිව සිටින විට 2023 වසර සඳහා වන අයවැය ලේඛනය ඉදිරිපත් කළේය. ආර්ථික වර්ධන වේගය සියයට සෘණ 9 ක අගයක පවතින අතර විරැකියාව සහ දිළිඳුකම ද ඉහළ ගොස් තිබේ. එසේම උද්ධමනය සියයට 60 ඉක්මවා ඇත. රටේ ආර්ථිකය තිබෙන්නේ සාමාන්‍ය තත්ත්වයක නොවන බව පැහැදිලිය. එවැනි පසුබිමක සාම්ප්‍රදායික අයවැයකින් මෙම ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කළ නොහැකිය. 29 November 2022
සරසවි සිසුන්ගේ ඔලු කන දේශපාලන කල්ලි සෑම මිනිසකුම දේශපාලන සත්වයෙකි. දේශපාලන විද්‍යාවේදී එය ඉගැන්වේ. එය වෙනම කතාවකි. දේශපාලනය යනු ප්‍රතිපත්තියක් මත පිහිටා ක්‍රියාත්මක කරන්නකි. ප්‍රතිපත්ති සැකසෙන්නේ දර්ශනයකට අනුවය. දර්ශනය වැරැදි ද නිවැරැදි ද යන්න තේරුම් ගැනීමට පැසුණු බුද්ධියක් ඇවැසි වේ. වයසද එයට පිටිබලයකි. 29 November 2022
රාජ්‍ය ආයතන නව මානයකට හැරවීමේ තිත්ත ඇත්ත 2023 අයවැය සැබැවින්ම ආර්ථිකමය සාධකවලට එහා ගියා ප්රජාතන්ත්රවා දී පිළිබිඹුවකි. ප්රජාතන්ත්රවාදයේ ජයග්‍රහණයකි. දින සිය ගණනක් කොළඹට ඒකරාශී වූ අරගල රැල්ල රාජ්‍ය ආයතන, ආර්ථික මර්මස්ථාන, අත්පත් කර ගනිමින් ජනාධිපතිවරයා ඉල්ලා අස්වන තැනට වැඩ සලසමින් අවසාන ඉලක්කය ලෙස ළඟාවීමට සූදානම් වූයේ පාර්ලිමේන්තුව වෙතය. 28 November 2022
අරගල සහ මන්ත්‍රී කුමාර වෙල්ගමගේ යෝජනාව රට ගැන සිතා අවුරුද්දකට දෙකකට උද්ඝෝෂණ නවතා දමන ලෙස කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේ දී සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 28 November 2022
අපේ බලාපොරොත්තුව ඉවත්වෙලා ගිය අය එකතු කර ගැනීමයි ඉතා කෙටි කාලයක් තුළ මැතිවරණ පොරපිටියේ හාස්කම් පාමින් පෙරට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මහෝඝයක් සේ රළ ගැසු රාජපක්ෂ විරෝධය හමුවේ සීසීකඩ කඩා ඉහිරුණේය. ඒ සමගම රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ද බරපතළ අභියෝගයට ලක්වී තිබේ. සිදුවූයේ කුමක්ද? ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රෝහණ රාජපක්ෂ මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි. 28 November 2022
වර්ජන - පීඩන කතරේ සිරවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ සිට ජුලි මාසය දක්වා පැවැති මහජන උද්ඝෝෂණවලදී පෙරමුණේ සිට කටයුතු කිරීමෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ශිෂ්‍ය නායකයන් දෙදෙනාගෙන් කෙනකු වූ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කාර ගල්වැව සිරිධම්ම හිමියෝ ඉකුත් බදාදා (23) ඇප පිට නිදහස් කරනු ලැබූහ. 26 November 2022
ජනතා විශ්වාසය පළුදු කරන්න එපා සිනහා නොවන මෙන් ඉල්ලමින් මෙහි ආරම්භක වැකිය සටහන් කරමු. එනම් රටේ උත්තරීතරම ආයතනය පාර්ලිම්න්තුව යන්නය. පාර්ලිමේන්තුව එසේ රටේ උත්තරීතර ආයතනය වන්නේ එය නියෝජනය කරන කඳ බඩ උස් මහත් ගරු කටයුතු මහජන නියෝජිතයන් නිසා නොවේ. 26 November 2022
ජාතිකවාදය සමාජවාදය ලිබරල්වාදය ලෝකයේ රටවල් දියුණු වී හෝ ශක්තිමත් වී ඇත්තේ වාද අතහැරීමෙන් නොව ප්රගතිශීලී වාද අනුව කටයුතු කිරීමෙන් ය. එය ජාතිකවාදය විය හැකිය. නැතහොත් සමාජවාදය විය හැකිය. එසේත් නැතහොත් ලිබරල්වාදය විය හැකිය. 25 November 2022
ඡන්ද ප්රචාරක වියදම් සීමාව අවශ්‍ය පියවරක් මැතිවරණයකදී මේ රටේ අපේක්ෂකයන් කරන වියදම රට තුළ ප්‍රබල විවේචනයකට ලක්වන මාතෘකාවකි. කොතරම් වියදම් කළත් වෙනත් බොහෝ රටවල මෙන් නොව මෙරටදී ඡන්ද අපේක්ෂකයකු නීතිය ඉදිරියේ ප්‍රශ්න කෙරෙන්නේ නැත. ඡන්ද වියදම් පාලනයට දැනට පවතින නීති යටින් රිංගා යාමට තිබෙන පහසුකම් හේතුවෙන් එසේ සිදුවන බව පිළිගැනීමය. 25 November 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025