IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය සහය මහ බැංකුවෙන් බැංකුවලට තවත් උපදෙස්

 


  • වසර 10කට නොඅඩු ණය එකඟතා ඇති ණය කාලය වසර 10ක් දක්වා දීර්ඝ කිරීමේ හැකියාව
  • සෑම බලපත්‍රලාභී බැංකුවකම සහන බැංකුකරණ ඒකකයක් පිහිටුවීමට උපදෙස් 
  • ණයකරුවන් සතු දේපළ වෙන්දේසියේදී විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙයි
  • ණය සහන පිළිබඳව සෑම මාසයක් අවසානයේදීම මහ බැංකුව වෙත වාර්තාවක් නිකුත් කිරීමට උපදෙස්

භානුක අමරසිංහ


ආර්ථික අර්බුදය හේතුවෙන් බලපෑමට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ((SME) ) වෙත ලබා දෙන ණය සහන සම්බන්ධයෙන් බලපත්‍රලාභී බැංකු වෙත තවත් අතිරේක උපදෙස් කිහිපයක් නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

ඒ අනුව මෙය 2024 දෙසැම්බර් 19 වැනිදා බලපත්‍රලාභී බැංකු වෙත නිකුත් කෙරුණු 2024 අංක 04 දරණ චක්‍ර ලේඛයට අදාළව මෙම අතිරේක උපදෙස් නිකුත් කෙරෙන බව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ අත්සනින් යුතුව 2025 ජනවාරි 02 වැනිදා නිකුත් කළ 2025 අංක 01 දරණ චක්‍රලේඛය මගින් සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය සහ සාර්වආර්ථික තත්වය හමුවේ බලපෑමට ලක් වූ මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත බලපෑ පරාටේ නීතිය, තවත් මාස තුනකින් එනම් 2025 මාර්තු 31 වැනිදා දක්වා කල් දැමීමේ තීරණය නිකුත් කෙරුණේද 2024 අංක 04 දරණ එම චක්‍රලේඛය මගිනි.

පසුගිය ජනවාරි 02 වැනිදා මහ බැංකුව නිකුත් කළ මෙම නවතම චක්‍රලේඛයට අනුව මෙම ණය සහනය ක්‍රියාත්මක කිරීම යටතේ මූලිකවම බලපත්‍රලාභී බැංකු මගින් සහන බැංකුකරණ ඒකකයක් (Relief Banking Unit)  ස්ථාපිත කළ යුතු බව දැනුම් දී තිබේ.

“2024 අංක 04 දරණ චක්‍රලේඛය මගින් මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ලබා දෙන සහන සම්බන්ධ උපදෙස් ක්‍රියාත්මක කිරීම සහ ඒවා නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් මෙම ඒකකය පිහිටුවිය යුතුය.” මහ බැංකුව සඳහන් කරයි. 

එසේම අදාළ චක්‍රලේඛය මගින් බලපත්‍ර ලාභී බැංකු තුළ ව්‍යාපාර නැවත නගා සිටුවීමේ ඒකකයක් පිහිටුවීමටද උපදෙස් ලබාදී තිබුණි.

ඒ අනුව මෙම අලු‍ත් චක්‍රලේඛය මගින් පැරණි චක්‍රලේඛය වෙත අලු‍තින් 1.4 යන ඡේදය එක් කරමින් මෙම සහන ලබාදීම සම්බන්ධයෙන් මෙලෙස නව උපදෙස් ලබාදීමට මහ බැංකුව පියවර ගෙන ඇත.

“මෙහිදී මුල් ණය එකඟතාව වසර 10කට වඩා වැඩි නොවන්නේ නම්, සුදුසුකම් ලත් ණයකරුවන් සතු ණය පහසුකම උපරිම වසර 10ක කාලයක් දක්වා යළි සකස් කිරීමට මෙම බලපත්‍රලාභී බැංකු වෙත අවස්ථාව පවතී.” මහ බැංකුව පවසයි.

මෙහිදී බලපත්‍රලාභී වාණිජ බැංකු මෙන්ම සුදුසුකම්ලත් ණයකරුවන්ද මෙම ණය සහනය පිළිබඳ වගන්ති සහ කොන්දේසි වෙත එකඟතාවට පැමිණීම අවශ්‍ය වන බවත්, මූලිකවම පොලී අනුපාත පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇතැයිද මහ බැංකුව පෙන්වා දෙයි.

එසේම මෙම නව චක්‍රලේඛය මගින් අංක 3.3 වන ඡේදය එක් කරමින්, මහ බැංකුව මෙම ණය සහන ලබාදීමේදී ක්‍රියාත්මක විය යුතු විනිවිදභාවය සම්බන්ධයෙන්ද බලපත්‍රලාභී බැංකු වෙත උපදෙස් ලබාදී ඇත. 

ඒ අනුව පරාටේ නීතිය යළි ක්‍රියාත්මක වන අවස්ථාවේදී ණයකරුවෙකු සතුව ඇති යම් දේපළක් වෙන්දේසි කිරීමේදී බැංකුව සහ ණයකරුවා අතර ඇති විය හැකි මතභේදයක් වැළැක්වීම සඳහා විනිවිදභාවයෙන් ක්‍රියාත්මක මැසිවිලි දරා ගැනීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත විය යුතු බවත් එහි සඳහන් වෙයි.

මීට අමතරව නව චක්‍රලේඛය වෙත 4.1 දරණ වගන්තිය එක් කරමින්, 2025 ජනවාරි 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලු‍ම බලපත්‍රලාභී බැංකු මෙම ණයකරුවන් වෙත ලබාදී ඇති ණය සහන සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ යුතු බව දැනුම් දී තිබේ. ඒ අනුව සෑම මාසයක් අවසානයේදී දින 15ක් ඇතුළතදී මෙම වාර්තාව මහ බැංකුවෙහි බැංකු ආවේක්ෂණ අධ්‍යක්ෂවරයා වෙත දැනුම්දිය යුතු බව මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියි. ඊට අදාළව බැංකු විසින් සම්පූර්ණ කළ යුතු වගුවක ආදර්ශයක්ද මහ බැංකුව විසින් සියලු‍ම බලපත්‍රලාභී බැංකු වෙත ලබා දී තිබේ. 



අදහස් (0)

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය සහය මහ බැංකුවෙන් බැංකුවලට තවත් උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site