IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි 2025 මූල්‍ය වර්ෂයේදී සියයට 7 ක ආදායම් වර්ධනයක්

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් සහ වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා හමුවේ වුවද 2025 මාර්තු මාස 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහයේ මෙම ඉහළ වර්ධනයට සුව සේවා අංශයේ කැපී පෙනෙන දායකත්වය හේතු වූ අතර 2025 මූල්‍ය වර්ෂයේ සමූහයේ සමස්ත ආදායමට ද එම අංශය විශාල වශයෙන් දායක විය.
සමූහය 2025 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 59.3 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 7.0 ක වර්ධනයකි. මෙම කාර්යසාධනයට ප්‍රධාන වශයෙන් සුව සේවා අංශයෙන් විශාල දායකත්වයක් ලැබුණු අතර එය සමූහයේ මුළු ආදායමෙන් සියයට 55.0 ක් විය. එමෙන්ම සමූහයේ ආදායමට පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර අංශ පිළිවෙළින් සියයට 31.6 ක් සහ සියයට 13.4 ක් ලෙස දායක වූ අතර ඉන් සමූහයේ සමබර හා විවිධාංගීකරණය වූ ව්‍යාපාර ආකෘතිය පෙන්නුම් කරයි.
සුව සේවා ව්‍යාපාරයේ වර්ධනය සහ කෘෂි ව්‍යාපාරවල මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ යාම හේතුවෙන් සන්ෂයින් සමූහයේ මෙහෙයුම් ලාබය (EBIT) පසුගිය වසරට සාපේක්ෂව සියයට 7.1 කින් රුපියල් බිලියන 9.3 දක්වා ඉහළ ගියේය. පාරිභෝගික අංශයේ ලාබය අඩු වුවද සමූහය සිය සමස්ත ආදායමෙහි සියයට 15.7 ක් මෙහෙයුම් ලාබයක් (EBIT) ලෙස තවදුරටත් පවත්වා ගැනීමට සමත් විය. 
සමූහයේ බදු පසු ලාබය (PAT) රුපියල් බිලියන 5.9 දක්වා සුළු වශයෙන් අඩු විය. කෘෂි ව්‍යාපාර අංශයට අදාළ බදු ප්‍රතිපත්තිවල වෙනස්කම් හා පාරිභෝගික අංශයේ ලාබය මත පවතින පීඩනයත් හේතුවෙන් ආදායම් බදු ගාස්තු සියයට 48.9 කින් ඉහළ යාම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය.
මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා මෙසේ පැවසුවේය. “2025 මූල්‍ය වර්ෂය සන්ෂයින් සමාගමට වැදගත් වසරක් වූ අතර අපගේ ප්‍රධාන ව්‍යාපාරික අංශ හරහා අප ශක්තිමත් කාර්යසාධනයක් හා වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවා. එහිදී සුව සේවා අංශය ශක්තිමත් වර්ධනයක් සහ ඉහළ ලාබයක් වාර්තා කරමින් හොඳින් ක්‍රියාත්මක වුණු අතර අපගේ පාරිභෝගික හා කෘෂි ව්‍යාපාර අංශ වෙනස් වන වෙළෙඳපොළ තත්වයට ඉක්මනින් අනුවර්තනය වීමට සමත් වුණා. ඉහළ ලාබයක් පවත්වා ගැනීමේදී අභියෝගවලට මුහුණ දීම සහ වෙළෙඳපොළ ඉල්ලු‍ම වෙනස් වුවද සමූහය ස්ථාවර ඉපැයීම් පවත්වාගෙන ගිය අතර දිගුකාලීන වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනගා ගනු ලැබුවා.” 
2025 මූල්‍ය වසරේදී සුව සේවා අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 17.3 කින් වර්ධනය වී රුපියල් බිලියන 32.6 ක් විය. මෙයට ඖෂධ බෙදාහැරීම, වෛද්‍ය උපකරණ, ෆාමසි සහ ඖෂධ නිෂ්පාදනයෙන් ලැබෙන ආදායම ඇතුළත් විය. මෙම ආදායම් වර්ධනය මගින් මෙම අංශයේ ලාබදායීත්වය වර්ධනය විය. ඒ අනුව සුව සේවා අංශයේ මෙහෙයුම් ලාබය (EBIT) 2024 වසරේ වාර්තා කළ සියයට 15.5 සිට 2025 මූල්‍ය වසරේදී සියයට 16.9ක් දක්වා වැඩි වී ඇත.
ප්‍රධාන වෛද්‍ය ප්‍රතිකාරවල වැදගත් ක්ෂේත්‍ර හරහා අලෙවි කරන ලද ඖෂධ ප්‍රමාණය අඛණ්ඩව වැඩි වීම හේතුවෙන් ඖෂධ බෙදාහැරීමේ ව්‍යාපාරය පසුගිය වසරට සාපේක්ෂව සියයට 14.3 ක වර්ධනයක් පෙන්නුම් කළේය. 
සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනුෆැක්චරින් පෞද්ගලික සමාගම පසුගිය වසරට සාපේක්ෂව සියයට 69.2 ක ආදායම් වර්ධනයක් වාර්තා කර ඇති අතර Metered-Dose ඉන්හේලර් (MDI) නිෂ්පාදන ඉහළ යාම මෙයට හේතු විය. සමාගම විසින් 2024 වසර සඳහා රජයේ සමස්ත MDI අවශ්‍යතාව සපුරාලන ලදී.
පසුගිය වසරට සාපේක්ෂව අපනයන සහ දේශීය ව්‍යාපාර ඇතුළත් පාරිභෝගික අංශයේ ආදායම සියයට 3.0 කින් පහළ ගොස් රුපියල් බිලියන 18.7 ක් වාර්තා කර ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ වසරේ පළමු අර්ධයේ දේශීය ඉල්ලු‍ම අඩු වීමයි. සන්නාමගත තේ සහ රසකැවිලි ව්‍යාපාරවලින් ලැබෙන ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 12.7 කින් පහත වැටුණි.
සන්නාමගත තේ අලෙවිය පසුගිය වසරට සාපේක්ෂව සියයට 1.6 කින් සුළු වශයෙන් වැඩි වූ නමුත් වැට් බද්ද ආශ්‍රිත මිල සම්බන්ධයෙන් ඇතිවූ පීඩනය හේතුවෙන් පළමු අර්ධය තුළ ආදායම සියයට 8.8 කින් පහත වැටුණි. 

 



අදහස් (0)

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි 2025 මූල්‍ය වර්ෂයේදී සියයට 7 ක ආදායම් වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site