IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සෞදි අරාබියේ Beautyworld ප්‍රදර්ශනයේදී Hemas ලාංකික නිෂ්පාදන විශිෂ්ටත්වය ලෝකයට රැගෙන යයි

සෞදි අරාබියේදී පසුගියදා පැවැති ප්‍රමුඛතම ප්‍රදර්ශනයක් වන Beautyworld හිදී ජාත්‍යන්තර පාරිභෝගිකයන් වෙත Hemas International Business විසින් සිය ස්වභාවික ශාකසාර නිෂ්පාදන පෙළ ඉදිරිපත් කරන ලදී. 
රියාද් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය සඳහා සුප්‍රසිද්ධ කර්මාන්ත වෘත්තිකයන්, ගෝලීය වෙළෙඳනාම සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නවෝත්පාදකයන් රැසක් සහභාගී වී සිටි අතර මෙම අවස්ථාවට සම්බන්ධ වූ එකම ශ්‍රී ලාංකික සන්නාමය Hemas වීමද විශේෂත්වයක් විය. දින තුනක් පුරාවට පැවැති මෙම ප්‍රදර්ශනයේදී විවිධ නිෂ්පාදන, ගෝලීය ප්‍රවණතා සහ ව්‍යාපාර අවස්ථා රැසක් ඉදිරිපත් කරන ලදී. 
මෙහිදී Hemas විසින් රටවල් හතළිහක් නියෝජනය කරමින් පැමිණ සිටි හාරසියයකට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් වෙත Ceylon Soul Cinnamon නිෂ්පාදන පෙළ සහ සිය සන්නාම වන Kumarika, Vivya, Swa සහ Prasara ආදී නිෂ්පාදන රාශියක් ප්‍රදර්ශනය කරනු ලැබීය. Hemas සන්නාමය සිය නිෂ්පාදන සඳහා පදනම් කරගෙන ඇති ස්වභාවික සංකල්පය මෙන්ම එහි විවිධ නිෂ්පාදන පිළිබඳ Hemas කුටිය වෙත පැමිණි ආයෝජකයන් සහ සම්භාවනීය අමුත්තන් වැඩි උනන්දුවක් දැක්වූ අතර ඔවුහු ඒ සම්බන්ධයෙන් දැනුම හුවමාරු කරගත්හ. 

 



අදහස් (0)

සෞදි අරාබියේ Beautyworld ප්‍රදර්ශනයේදී Hemas ලාංකික නිෂ්පාදන විශිෂ්ටත්වය ලෝකයට රැගෙන යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site