සංචාරක කර්මාන්තයේ ඩොලර් ආදායම් අතරින් වැඩි ප්‍රමාණයක් රටින් පිටතට ගලා යෑමක් හෙවත් ආදායම් කාන්දුවීම වළක්වා ගැනීම සඳහා මේ වනවිට පියවර කිහිපයක් ගෙන තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කරයි.
විශේෂයෙන්ම සුවතා සංචාරක කර්මාන්තය හරහා මෙම ආදායම් කාන්දුවීම වැඩි වශයෙන් සිදුවන බවත්, එහිදී එම කර්මාන්තය සඳහා ගෙන්වන විදේශීය මානව සම්පත සහ ආනයනික නිෂ්පාදන හරහා එය සිදු වන බවත් සභාපතිවරයා පවසයි.
ඒ අනුව මෙරට තුළ සුවතා සංචාරක කර්මාන්තයට සුදුසුකම්ලත් පිරිස් පුහුණු කිරීම ආරම්භ කර තිබෙන බවත්, ආනයනික නිෂ්පාදන වෙනුවට දේශීය ආදේශන භාණ්ඩ යොදා ගැනීමට අවධානය යොමු කර තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
“මේ තත්වය හදන්න සංචාරක අංශයට විතරක් බැහැ. මූලිකවම මේ කර්මාන්තයට අවශ්‍ය පිරිස් පුහුණු කරන්න වෙනවා. ලංකාවේ ආයුර්වේද නිෂ්පාදනවල ජාත්‍යන්තර ගුණාත්මක බව ඉහළ නැංවීම අවශ්‍යයි. මේ කරුණු සඳහා අධිකාරිය එක්සත් ජාතීන්ගේ සංචරණය සමගින් එකතු වී සිටිනවා. උදාහරණයක් විදියට සංචාරකයන්ට දෙන්න ලංකාවේ වයින් නැත්නම් ඒ වෙනුවට දේශියව නිපදවූ මත්පැන් දෙන්න පුළුවන්. මීට අමතරව ගම්මාන, ග්‍රාමීය ප්‍රදේශ පාදක කරගත් සංචාරක ව්‍යාපාර ඇතුළු අත්දැකීම් පාදක සංචරණයක් රට තුළ ප්‍රචලිත කිරීමත් මේ කාන්දුවීම් අඩු කරගැනීමට අවස්ථාව සලසා දේවි.“ සභාපතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd