වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කර ඉහළ නිපුණතාවලින් සමන්විත ශ්‍රමිකයන් දේශීය සහ අන්තර්ජාතික රැකියා වෙළෙඳපොළට හඳුන්වාදීමේ වගකීම ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයේ නිලධාරීන් හා ආයතන ප්‍රධානීන් සමඟ කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම උපදෙස් දුන්නේය.
දෙස් විදෙස් රැකියා වෙළෙඳපොළ අධ්‍යයනය කරමින් එම අවශ්‍යතා සපුරාලිය හැකි පාඨමාලා හඳුන්වාදීම කඩිනම් කළ යුතු බවත් දිළිඳු ප්‍රජාව නඟා සිටුවීම සඳහා ස්වයං රැකියා ආශ්‍රිත පුහුණු අවස්ථා පුළුල් කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.
නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයට අයත් ආයතනවල විෂය පථය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි විමසා බැලීය.
නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ වෘත්තීය පුහුණු ආයතන විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බව පැවැසූ ජනාධිපතිවරයා ඒ සියලු ආයතන ඒකරාශී කරමින් විධිමත් සහ සැලැසුම් සහගත වැඩපිළිවෙළක් සම්පාදනය කළ යුතු බව ද කීවේය.
වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය පිළිබඳ තරුණ පරපුර තුළ ආකල්පය වෙනසක් ඇති කිරීම වැදගත් බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාඨමාලා හඳුන්වාදීමේදී මෙන්ම පාඨමාලා නම් කිරීමේදී වෘත්තීය ගරුත්වයක් සහ ආකර්ශනයක් ඇතිවන අන්දමින් සැලැසුම් කිරීම ඉතා වැදගත් බව ද කීය.
රටේ වැදගත්ම ක්ෂේත්‍රය කෘෂිකර්මාන්තය වුවත් ඊට අදාළ උපාධි පාඨමාලා නැති බව පෙන්වාදුන් ජනාධිපතිවරයා වෛද්‍ය, ඉංජිනේරු ක්ෂේත්‍ර මෙන්ම කෘෂිකර්මාන්තය තුළින් ද ප්‍රවීණයන් සහ පර්යේෂකයන් රටට දැඩිව අවශ්‍ය බව ද පෙන්වා දුන්නේය. එම නිසා නව පාඨමාලා හඳුන්වාදීමේදී එකී අඩුපාඩුව මඟ හරවා ගත යුතු බව ද ජනාධිපතිවරයා කීවේය.
ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ට නිසි පුහුණුවක් ලබා දී වෘත්තීය ගරුත්වයක් ඇති ශ්‍රමිකයන් ලෙස රැකියා අවස්ථා උදා කළ යුතු බව ද ජනාධිපතිවරයා කීවේය.
ලොව ඉහළම ඉල්ලුමක් ඇති පුහුණු හෙදියන් එම රැකියා අවස්ථාවලට යොමු කිරීම සහ ඊට අදාළ පුහුණුවීම් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.
වෘත්තීය පුහුණුව ලබන තරුණ තරුණියන් කඩිනමින් රැකියා අවස්ථාව සඳහා යොමු කිරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ අවධානය යොමු කරන්නැයි ද ජනාධිපතිවරයා මෙහිදි නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තීය පුහුණුව අරක් ගත් බහිරවයින් කීපදෙනෙක් ඉන්නවා. අන්න ඒ අය ඉවත් කළොත් නම් මේක කරන්න පුළුවන් වෙයි නැත්නම් මේ කපේට ඒවා බොරු.. අනෙක පාඨමාලාවකට බඳවාගන්න පුළුවන් සීමිත සිසුන් ගණනක් උපදේශකවරු උගන්වනවා. අනිත් මිනිස්සු නිකම් ඉන්නවා පුටු රත් කරකර ලංගම වගේ වැඩක් මේ ක්ෂේත්‍රයේත් තියෙන්නේ..
මෙම යෝජනාව මා පෙන්වාදුන්නේ දැනට වසර 28කට කලින් අපේ දුප්පත් අම්මලා අක්කලා මැදපෙරදිග වහල් සේවයේ යෙදන කොට අනෙක් රටවල් ඔවුන්ගේ පුහුණු ශ්‍රමිකයින් රැකියා වෙළඳ පොලට එවමින් මහා ධනස්කන්ධයක් තම රටට ගෙනදෙනවා... දැන්දැන් මැදපෙරදිග රැකියා අවස්ථා අහිමි වීගෙන එන්නේ අපේ රටේ පාලකයන් 71 වසරක් සුරංගනා කතා කියා කියා හිටියා මිසක් කරපු දෙයක් නැහැ.
එහෙම නම් අර හිස්බුල්ලා හදපු ආයතනය අරින්න ඉඩ දෙමු නේද..?
මේ අදහස පුහුණු කර රට යවන්න නම් අපි අායෙත් පරාදයි නේද? ඔබතුමාට අපේ සමාජය ගැන නිසි වැටහීමක් නොමැති බවයි පේන්නේ...
පිලිපීනය දියුණු වෙලා තියන එක අංශයක් හෙදියන් පුහුණුව අපිත් කරන්න උත්සාහ කළා. නමුත් ඔය දොස්තරලා දෙන්නේ නැහැ. පරක්කු වෙලා හරි හොඳ හෙද පුහුණු පාසල් කීපයක් ඇති කළොත් ලොව පුරා ඕනෑතරම් අවස්ථා තාමත් පරක්කු නැහැ කරනවා නම්...
ඔබතුමාට තමයි පුළුවන් මේවට අකුල් හෙලන අබහිරවයින් ටික නැති කරලා ඒ ටික කරන්න.
මෙතනත් නිකං බොරුවට ඔළුව හොලවලා ඉදලා ආපහු පහුවදා ඉදන් කලින් විදියටම කරයි. රාජ්‍ය සේවකයන් ගන්නෙම ස්ථිර සේවයට නිසා, එකිනෙකාගේ කාර්‍ය්ක්ෂමතාව මැනෙන්නේ නෑ. ප්‍රථිපලය තමා ඕනැම මනුස්සයෙක් නිකංම කම්මැලි වෙන එක. පුද්ගලික අංශයේ වගේ ඉලක්කයන් ලබාදී ඒ මත අනෙකුත් දීමනා, පහසුකම් දුන්නා නම් ඉවරයි.