ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් වූ ස්වර්ණාභරණ සන්නාමයක් වන වෝග් ජුවලර්ස්, ලෝක පූජිත ශ්‍රී ලාංකේය ක්‍රිකට් පුරාවෘත්තයක් වන කුමාර් සංගක්කාර මහතා සිය නිල සන්නාම තානාපතිවරයා (Brand Ambassador) ලෙස එක්කරගත් බව නිවේදනය කරයි. විශිෂ්ටත්වය, විශ්වාසනීයත්වය සහ නොසැලෙන ප්‍රමිති පෙරදැරි කරගත් ගමනක නිරත ප්‍රමුඛතම නාම ද්විත්වයක් මෙලෙස එක්වීම සුවිශේෂී සන්ධිස්ථානයකි.

දශක හයකට අධික කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය, උසස් ශිල්පීය නිපුණත්වය, නවෝත්පාදනය සහ පාරම්පරික ගුණාත්මකභාවය මත පදනම්ව ගොඩනැගුණු වෝග් ජුවලර්ස් හි ඉදිරි ගමනට මෙම හවුල්කාරිත්වය නව පරිච්ඡේදයක් එක්කරයි. ශ්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තර තලය දක්වා කුමාර් සංගක්කාර මහතා ගොඩනඟාගත් ගෞරවනීය නාමය, වෝග් ජුවලර්ස් පදනම් වී ඇති මූලික වටිනාකම සහ අභිමතාර්ථ මැනවින් නිරූපණය කරයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළටම  ගමන් කළ සංගක්කාර මහතා, ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගිය විනය, ස්ථාවරත්වය, නායකත්වය සහ උසස් ප්‍රමිතින් උදෙසා ගෝලීය වශයෙන් මහත් හරසරට පාත්‍ර වූ චරිතයකි. එමෙන්ම, වෝග් ජුවලර්ස් ද ශ්‍රී ලාංකේය ස්වර්ණාභරණ ශිල්පීය අභිමානය ජාත්‍යන්තර තලයට ගෙන යමින්, මෙරට වෙනත් කිසිදු ස්වර්ණාභරණ ආයතනයක් ලබා නොමැති තරම් වැඩීම ජාත්‍යන්තර මෝස්තර සම්මාන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත්ව ඇත.