
මහජන බැංකුවේ ‘පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි 2025’ දිනුම් ඇදීමේ 2025.04.16 සිට 2025.04.22 දක්වා සතිය තුළ බැංකොක් සවාරිය හිමි වාසනාවන්ත ජයග්‍රාහකයා බවට පත්වීමට දකුණු කොරියාවේ E9 Pay ආයතනය හරහා මහජන බැංකුවේ ගිණුමක් වෙත සේවක ප්‍රේෂණ එවූ ටී.එල්.සී. බුද්ධික මහතා සමත් විය.
එහි ටිකට්පත් ඔහු වෙත සංකේතාත්මකව පිරිනැමීම මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලියිව් ෆොන්සේකා මහතාගේ අතින් දකුණු කොරියාවේදී පසුගියදා සිදුකෙරිණි.
මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු හා එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියණගුනවර්ධන, දකුණු කොරියාවේ මහජන බැංකුවේ නියෝජිතයන් ලෙස කටයුතු කරන ලහිරු අල්විස්, කේ.කේ.වී.එස්. ධනංජය, ලක්ෂාන් දසනායක, දකුණු කොරියාවේ E9 Pay ආයතනය නියෝජනය කරමින් එහි අලෙවි කළමනාකරණ සහ පාරිභෝගික සේවා අංශයේ අංශ ප්‍රධානි ඉන්හන් ලී, කලාප ව්‍යාපාර කළමනාකරු (දකුණු ආසියාව) තාරුක විජේසිංහ, අලෙවි කළමනාකාර කසුන් දිසානායක සහ අලෙවි ප්‍රවර්ධන නිලධාරි ඉඳුනිල් සමයමන්ත්‍රී යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ඔවුන්ගේත්, ඔවුන්ගේ පවුල්වලත් ජීවන තත්වය නගා සිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැකී රක්ෂාවල නියැලෙන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් දිරිමත් කර ඔවුන්ව ඇගයීමේ අරමුණින්, ‘People’s Remittance වාසි කෝටියයි 2025-බැංකුවට එන්න බැංකොක් යන්න’ දිනුම් ඇදීම මහජන බැංකුව විසින් දියත් කරන ලදි.
මේ තුළින් වසරේ සති 52කට බැංකොක් සවාරි 52ක් හිමිවේ. 2025.01.01 සිට 2025.12.31 දක්වා People’s Web Remit, People’s Instant Remit, Telexes, Swift, Western Union, Ria හෝ ඒ හා සමාන වෙනත් මාධ්‍ය ඔස්සේ මහජන බැංකුව වෙත විදේශ ශ්‍රමික ප්‍රේෂණ එවන ගනුදෙනුකරුවන් මේ සඳහා සුදුසුකම් ලබයි. වැඩියෙන් එවන තරමට දිනුම් අවස්ථා වැඩිවේ. මීට අමතරව ‘People’s Remittance හරහා වසර පුරාවට එතෙර සිට මහජන බැංකුව වෙත ශ්‍රමික ප්‍රේෂණ එවන ගනුදෙනුකරුවන්ට ‘දොළොස් මහේ වාසි චක්‍රයෙන් සෑම මසකම දිනුම් අවස්ථා රැසක් හිමි වේ.
2025 නොවැම්බර් මස 04
71
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහජන බැංකුවේ ‘පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි 2025’ ජයග්‍රාහකයකුට බැංකොක් සවාරියක්