
ශ්‍රී ලංකාව පුරා මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය වෙනුවෙන් ‘1333’ මානසික උපදේශන දුරකතන සේවය හරහා ලබාදෙන උපදේශන සේවාව පිළිබඳ මහජන දැනුවත්භාවය වැඩි කිරීම උදෙසා CCC පදනම දරන ප්‍රයත්නයට සහයෝගය ලබාදෙමින් 2026 ‘1333’ පාපැදි සවාරිය’ සඳහා නිල සත්කාරක හවුල්කරු ලෙස හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් එක්වෙයි.
සිය 13 වන වසර සමරනු ලබන 1333 පාපැදි සවාරිය මෙවර නගර 13ක් ආවරණය කරමින් කිලෝමීටර් 1333ක දුරක් ධාවනය කෙරෙන අතර සැප්තැම්බර් 10 වැනිදාට යෙදෙන ලෝක සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ දිනයෙන් සවාරිය නිමා කිරීමට නියමිතය. සවාරිය යෙදෙන මග පුරා රැස්ව සිටින ජනතාව සමග මානසික සෞඛ්‍යයේ වැදගත්කම සහ 1333 දුරකතන සේවය හරහා සියදිවි නසා ගැනීම් වළක්වා ගැනීම පිළිබඳවද දැනුවත් කිරීමට ධාවකයෝ කටයුතු කරති.
මෙවර ඒ සමග අත්වැල් බැඳගන්නා හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් ‘Make It Matter’ යන තේමාව යටතේ කුඩාම ක්‍රියාවක් වුවත්, සෑම ක්‍රියාවක්ම වැදගත් අරමුණක් වෙනුවෙන් දායක විය හැකි බව හඳුනා ගැනීම සඳහා ජනතාව දිරිමත් කරන්නට කටයුතු කරයි. මෙම වැඩසටහන පුරා දුරකථන සහාය සේවාව පිළිබඳව දැනුවත්භාවය ඉහළ නැංවීම මෙන්ම තමන්ගේ සහ තමන් අවට සිටින අයගේ යහපැවැත්ම පිළිබඳව සිතා බැලීමට ජනතාව දිරිගැන්වීම උදෙසා ධාවකයන්ට සහයෝගය දැක්වීමට හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සහයෝගය ලබාදෙයි.
“CCC පදනමට සහ 1333 පාපැදි සවාරිය සඳහා සහයෝගය දැක්වීමෙන් සමාජීය ගැටලු සඳහා අර්ථවත් විසඳුම් සොයා ගැනීම සහ තමන් සේවාව සපයන ජනතාව වෙත යම් දායකත්වයක් දැක්වීම සඳහා ව්‍යාපාරවලට ඇති වගකීම පිළිබඳ අපගේ විශ්වාසය පිළිබිඹු කරනවා. යනුවෙන් එයිට්කන්ස් ස්පෙන්ස් පීඑල්සී හී සභාපතිනිය වන ස්ටෂානි ජයවර්ධන මහත්මිය (Ms. Stasshani Jayawardena) පැවසුවාය.
සෞඛ්‍ය සම්පන්න සහ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම සඳහා මානසික යහපැවැත්ම අත්‍යවශ්‍ය අංගයක්. ඒත් ඒ ගැන සංවාදය බොහෝ ප්‍රජාවන් මගහැර යනවා. ඒ වගේම සමහර කාණ්ඩවලට මේක අපකීර්තියක් ඇති කරවන දෙයක්. 1333 පාපැදි සවාරිය යනු ශාරීරික සහ මානසික යන දෙඅංශයෙන්ම පුද්ගල සංවර්ධනය සඳහා අවකාශයක් නිර්මාණය කළ හැකි බවට කරන ප්‍රබල මතක් කිරීමක්. ‘Make It Matter’ මානසික යහපැවැත්ම පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම දිරිමත් කිරීම, විවෘත හා අර්ථවත් සංවාදවලට ජනතාව පෙළඹවීම, මානසික උපදේශන ඉල්ලා සිටීම තවත් දිරිමත් කිරීම යන මෙම වැදගත් අරමුණු සහ එකී පණිවිඩය රැගෙන යන ධාවකයන්ට සහාය වීමට ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ජනතාව පෙළගැස්වීමට අපි බලාපොරොත්තු වෙනවා.
හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්හි ආගන්තුක සත්කාරය හුදෙක් සිය ආගන්තුකයන් සඳහාම නිර්මාණය කළ අත්දැකීමකින් එහාට විහිදෙයි. එනම් එම සන්නාමය ක්‍රියාත්මක වන ප්‍රදේශවල සිටින ජනතාව සහ ප්‍රජාව වෙනුවෙන් අර්ථවත් දායකත්වයක් ලබාදීමද එයට ඇතුළත් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd