

- වෙරළබඩ සුඛෝපභෝගී අත්දැකීමක්
CLOVE Beach Wadduwa නව මුහුණුවර විවෘතකිරීමේ උත්සවය විලාසිතා, රසවත් ආහාර පාන, සංගීතය සහ කොක්ටේල් කලාවේ සුසංයෝගයෙන් ඉතා ඉහළ අන්දමින් පවත්වන ලදී. සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, මාධ්‍යවේදීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේදී නිවාඩු නිකේතනයේ නවීකරණය කරන ලද සේවා සහ අනන්‍යතාව ප්‍රදර්ශනය කෙරිණි.
පෙර “Serene Pavilions” ලෙස හැඳින්වුණු මෙම නිවාඩු නිකේතනය, MAC සමූහයට අයත් MAC Hotels and Villas (Pvt) Ltd සමාගම විසින් මිලදී ගන්නා ලද අතර, එය LOVE Beach Wadduwa ලෙස නව නාමයකින් විවෘත විය. සමකාලීන සුඛෝපභෝගී බව, පුද්ගලීකරණය කළ ආගන්තුක සත්කාරය සහ ශ්‍රී ලාංකේය වෙරළබඩ ජීවන රටාවේ සැබෑ අත්දැකීම එක් කරමින් මෙය නිර්මාණය කර ඇත.
කොළඹ සිට විනාඩි 45 ක දුරින්, අක්කර පහක වෙරළබඩ භූමිභාගයක පිහිටා ඇති මෙම නිවාඩු නිකේතනය, බාලිනි (Balinese) ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සකස් කළ විලා (Villas) 12 කින් සමන්විත වේ. වෙරළට මුහුණලා පිහිටි Ocean Villas සහ නිශ්ශබ්ද වටපිටාවක පිහිටි Garden Villas යන සෑම එකක්ම පෞද්ගලික පිහිනුම් තටාක (plunge pools) , ජැකුසි (jacuzzis) සහ පෞද්ගලික විවේකී කුටීරවලින් සමන්විත වේ.
මෙම සැමරුම් රාත්‍රිය කුඩා විලාසිතා දැක්මකින් සහ සජීවී මිශ්‍ර කොක්ටේල් (mixology) සංදර්ශනයකින් වර්ණවත් වූ අතර, MAC Holdings (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ අන්ද්‍රේ ප්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලද නිල යතුර භාරදීමේ උත්සවයෙන් නිකේතනයේ නව අනාගතය සලකුණු විය.
ස්වාභාවික විලාවලට අමතරව, CLOVE Beach Wadduwa හි පැමිණෙන අමුත්තන්ගේ රුචිකත්වයට අනුව ආහාර පිළියෙළ කරදෙන චෙෆ්වරුන් (chefs) , මුහුද දෙසට මුහුණලා පිහිටි බාර් එකක්, ස්පා (spa) මධ්‍යස්ථානයක් සහ සියලු පහසුකම් සහිත ව්‍යායාම ශාලාවක් (gym) ද අඩංගු වේ.
තම නව අනන්‍යතාව සහ විශිෂ්ට සේවාව සමගින්, CLOVE Beach Wadduwa සියලුම අමුත්තන් ආදරයෙන් ‘ආයුබෝවන්’ යනුවෙන් පිළිගන්නේ නොමැකෙන මතක රැසක් ලබාදීමේ පොරොන්දුව ද සමගිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd