පිටිගල ප්‍රදේශයේ පිහිටි අතුකෝරළ තේ කර්මාන්තශාලාව විසින් නිෂ්පාදනය කරන ලද තේ වර්ගයක්, 2026 ජූලි 7 වන දින පැවැති තේ වෙන්දේසියේදී Low Grown Category යටතේ ඉහළම මිලක් ලබා ගැනීමට සමත් වී ඇත.

එම වෙන්දේසියේදී,  FBOP1 වර්ගයට අයත් තේ කිලෝග්‍රෑමයක් රු. 2,500.00ක් වැනි  මිලකට අලෙවි වී ඇති බව වාර්තා වේ. මෙම අලෙවිය සතියේ එම කාණ්ඩය යටතේ වාර්තා වූ ඉහළම මිල ලෙස සටහන් වී ඇත.  BPML Produce Marketing (Pvt) Ltd සමාගම විසින්  මෙම තේ තොගය අලෙවි කරන ලද අතර Vintage Teas Ceylone Ltd ආයතනය විසින් මිලදී ගන්නා ලදී.

ISO 22000:2018 සහ HACCP ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, උසස් තත්ව පාලනයක් යටතේ සිදුකරන නිෂ්පාදන ක්‍රියාවලිය සහ නවීන තාක්ෂණය සහ අත්දැකීම් සහිත සේවක පිරිසකගේ කැපවීම මෙම ජයග්‍රහණයට මූලිකව හේතු වී ඇත.

අතුකෝරළ තේ කර්මාන්තශාලාව, ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ නාමය ජාත්‍යන්තර වෙළෙඳපොළේ තවදුරටත් ඉහළ නැංවීමට සහ තේ හා බැදුණු සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය උපයා දේශීය ආර්ථිකයෙහි වර්ධනයට දායකත්වය ලබා දීමට  අඛණ්ඩව කැපවී කටයුතු කරන බව අතුකොරළ සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනුර අතුකෝරළ මහතා පැවසීය.