
- මූතූර්, ඉලංකන්තෙයි වැවේ ස්ථාපිත මත්ස්‍ය කූඩු වෙත මත්ස්‍ය ඇඟිල්ලන් 80,000 තැන්පත් කෙරේ
ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර කාර්මිකයන්ගේ ආදායම් තත්වය ඉහළ නන්වමින් දිස්ත්‍රික්කයේ ප්‍රෝටීන් අවශ්‍යතාව දිස්ත්‍රික්කය තුළින්ම සපයා ගැනීම මුල් කරගෙන මූතූර්, ඉලංකන්තෙයි වැවේ ස්ථාපිත මත්ස්‍ය කූඩු වෙත මත්ස්‍ය ඇඟිල්ලන් 80,000 තැන්පත් කිරීම කළ බව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය කියයි.
මාස එකහමාරක් තුළ මෙම මත්ස්‍ය ඇඟිල්ලන් දිගින් සෙන්ටිමීටර් 2.5 හා ග්‍රෑම් දෙකක බර වශයෙන් වර්ධනය වූ පසු මිරිදිය ධීවර සමිති කේන්ද්‍රීය වැව් වෙත මුදා හරින බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් ජල ජීවී වගා ව්‍යාපෘති නිලධාරී එල්. ඩී. එම්. ඉන්දික සඳරුවන් මහතා පැවසීය.
ස්වයං මූල්‍යකරන වැඩසටහන හා ව්‍යාපාර සැලසුම් සකස් කරන මෙම ව්‍යාපෘතිය වසර තුනක් දක්වා දිවෙන ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවකී ජල ජීවී වගා ව්‍යාපෘති නිලධාරී මිරිදිය ධීවර කාර්මිකයන්ට අඩු පිරිවැයකින් මිරිදිය මත්ස්‍ය අස්වැන්නක් නෙළා ගැනීමට හැකිවන අතර අඩු පිරිවැයකින් වැඩි ආදායමක් ලබා ගැනීම මේ තුළින් සිදුවන බව කීය.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මත්ස්‍ය පැටවුන් ඉගිනියාගල ජල ජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයෙන් ලබාගෙන ඇති අතර වර්ල්ඩ් විෂන් ශ්‍රී ලංකා එම්පවර් ව්‍යාපෘතිය යටතේ මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදී තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd