IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තේ නිෂ්පාදනයේ ප්‍රමිතිය තබා නොගන්නා අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න - තේ වෙළෙඳුන්ගේ සංගමය

 

 


විමුක්ති එස් රුද්‍රිගු


 

තේ නිෂ්පාදනයේදී නිසි ප්‍රමිතිය හා තත්වය තබා නොගන්නා කර්මාන්තශාලාවලට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස තේ වෙළෙඳුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා ඇත. උසස්ම තත්වයේ සිලෝන් තේ සඳහා දීර්ඝ කාලයක සිට ජාත්‍යන්තරයේ නමක් දිනා සිටින ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට ඉහළ යන නිෂ්පාදන පිරිවැය, උච්චාවචනය වන ගෝලීය ඉල්ලු‍ම සහ අස්ථාවර ආර්ථික පරිසරය හේතුවෙන් පසුගිය වසර කීපයක සිට දැඩි පීඩනයක් එල්ල වී තිබේ. එම පීඩනයන් මධ්‍යයේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරඟකාරිත්වය පවත්වා ගෙන යාම සඳහා සිය නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය පහළ දැමීමට ඇතැම් නිෂ්පාදකයන් පෙළඹී ඇති බවත් එහි අරමුණ පිරිවැය අඩුකර ගැනීම බවත් තේ වෙ​ෙළඳුන්ගේ සංගමය ප්‍රකාශ කළේය,

එහිදී වසර 100 කට අධික කාලයක් වැයකර සදාගත් සිලෝන් තේ සන්නාමය පිළිබඳව කිසිඳු තැකීමක් නොකර පිරිවැය අඩුකර ගැනීම සඳහා ඇතැම් නිෂ්පාදකයන් තේ දලු නෙළන කාලය අතර තිබෙන පරතරය අඩු කිරීමටත්, අඩු වැටුපකට කුසලතාවෙන් අඩු ශ්‍රමිකයන් බඳවා ගැනීමටත්, පහළ තත්වයේ තේ දළු භාවිත කිරීමටත් පෙළඹී ඇතැයි තේ වෙෙළඳුන්ගේ සංගමය පැවැසුවේය. අපනයනකරුවන් මෙම කරුණ මතුකර තිබෙන බවත් සිලෝන් ටී සන්නමයේ ඇති තත්වය හා ප්‍රමිතිය තබා ගැනීමට අපොහොසත් වුවහොත් යුරෝපා සංගමයෙන්, ජපානයෙන් සහ මැද පෙරදිග රටවලින් ලැබෙන ඇණවුම් අහිමි වීමේ අවදානමක් මතුවිය හැකි බවත් තේ වෙ​ෙළඳුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.



අදහස් (0)

තේ නිෂ්පාදනයේ ප්‍රමිතිය තබා නොගන්නා අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න - තේ වෙළෙඳුන්ගේ සංගමය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site