සඳලංකාව - හේමලතා ඩී. හේවගේ


ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දංකොටුව ශාඛාව මගින් සංවිධානය කළ 2026 හපන් ප්‍රණාම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය කටුකෙන්ද ශ්‍රී සංඝබෝධි මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

ප්‍රවීණ දේශක එස්.එම්. සරත් කුමාර සේතුංග මහතා විසින් මෙහෙයවන ලද මෙම සම්මන්ත්‍රණයට කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලය, බුජ්ජම්පොළ කනිෂ්ඨ විද්‍යාලය සහ මොහොට්ටිමුල්ල ප්‍රාථමික විද්‍යාලය යන විද්‍යාලවල මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් 150 කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම අවස්ථාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දංකොටුව ශාඛාවේ කළමනාකරු දිනේෂ් කුමාර, නියෝජ්‍ය කළමනාකරු ගයාන් හේරත්, කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනි ඉමෝජනී විජේනායක යන මහත්ම මහත්මීන් සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නිලධාරීන්, සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ පාසල්වල ආචාර්ය මණ්ඩලය ඇතුළු සිසු සිසුවියන් පිරිසක් සහභාගී වී සිටියහ.