
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ජාත්‍යන්තර ධීවර දිනය නිමිත්තෙන්, ධීවර වරාය සංවර්ධන වැඩසටහන යටතේ ගාල්ල ධීවර වරායේ නව මත්ස්‍ය වෙන්දේසි ශාලාව, සිල්ලර වෙළෙඳ මධ්‍යස්ථානය සහ රථගාල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ සමාරම්භක උත්සවය ධීවර හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (21) ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු, ධීවර හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ. යූ. චන්ද්‍රලාල් යන මහත්වරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, ධීවර ක්ෂේත්‍රයේ නියෝජිතයන් සහ ධීවර ප්‍රජාව විශාල පිරිසක් ද මීට සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd