




යම් ක්ෂේත්‍ර හා සේවා වෙත ප්‍රවේශ වීමේදී TIN අංකය ඉදිරිපත් කළ යුතු වීම සම්බන්ධව 2026 අංක 11 දරන පනතින් සිදුවී ඇති සංශෝධන සමග සමාජයේ TIN ලබා ගැනිමේ කතිකාවතක් නැවත නිර්මාණය වි ඇත. වර්තමානයේදී ලෝකයේ සියලුම රටවල් ඩිජිටල්කරණයෙන් බදු පරිපාලන කටයුතු හා බොහෝ රාජ්‍ය පරිපාලන ක්‍රියාවලි සිදු කරන බැවින් TIN අංකයක් හෙවත් බදු ගෙවන්නා හඳුනාගැනිමේ අංකයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වී තිබේ. සමස්ත ආර්ථික ක්‍රියාවලිය තුළදී ඒ ඒ පුද්ගල කොටස් වලින් ආර්ථික දායකත්වය ලබා ගැනිමට මෙන්ම සමාජිය හා වෙනත් කටයුතු සදහා ද TIN අංකය අත්‍යවශ්‍ය අංකයක් වී ඇත. බදු ගෙවිම, ආනයන අපනයන ක්‍රියාවලිය, ඩිජිටල් සේවාකරණය හා විශේෂිත සේවා සැපයීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුළු බොහෝ කටයුතුවලදි බදු ගෙවන්නා හඳුනාගැනිමේ අංකය තම කාර්යයන් ඉටු කර ගැනිමට අත්‍යවශ්‍ය මුලික සාධකයක් වි ඇති බව පෙනේ.බදු අනුකූලතාව
බදු අනුකූලතාව ලෙස සරලව හඳුන්වා දිය හැක්කේ බදු ගෙවිමට ලියාපදිංචිය ලබා ගතයුතු තැනැත්තන් අදාළ නීතිරීතිවලට අනුකූලව කටයුතු කිරිම වේ. ඒ අනුව ප්‍රධාන කරුණු මත බදු අනුකූලතාව ගොඩනැගෙන අතර එය පහත පරිදි වේ.
(වගු අංක 01)
බදු අනුකූලතාව ඉහළ නංවාගැනීමේ අභියෝගය
OECD වර්ගීකරණයට යටත්ව රටක බදු ආදායම දළ ජාතික නිෂ්පාදන අවම වශයෙන් සියයට 15 ක් පැවතීම අත්‍යවශ්‍ය වේ. මීට වර්ෂ කිහිපයකට පෙර ශ්‍රී ලංකාව මුහුණ දුන් ද්විත්ව අර්බුදයේ එක් පැතිකඩක් වූ අභ්‍යන්තර මූල්‍ය ඒකාග්‍රතාව පවත්වා ගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුවක් වූයේ බදු ආදායම අහිමි වීමයි. 2020 දී දළ ජාතික නිෂ්පාදන ප්‍රතිශතයක් ලෙස බදු ආදායම සියයට 7.8 ක් හා 2026 දී සියයට 7.4 ක් විය. එනමුත් 2026 දි රජය අාදායම රුපියල් බිලියන 4990 වු බදු ආදායම් ඉලක්ක ළඟා කර ගැනීමට හැකියාව ලැබී ඇති පසුබිමක් තුළ 2027 විසර්ජන පනත අනුව රුපියල් බිලියන 4993 ක රාජ්‍ය වියදමක් අපේක්ෂා කරයි. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 12.6 ක වැඩිවීමකි. ඉහත තත්වයන් තුළ බදු අනුකූලතා ඉහළ නංවාලීම අත්‍යවශ්‍ය කාර්යයක් වී ඇත.
රටක බදු අනුකූලතාවේදි පුද්ගල බදු සඳහා ලියාපදිංචි විම හා ඒ අනුව බදු ගෙවිම වැදගත් සංචරණයකි. තෝරාගත් රටවල් කිහිපයක බදු සඳහා ලියාපදිංචි වීම සහ එරට මුළු බදු අනුකූලතාව දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කළ විට පහත පරිදි වේ.
රටෙහි ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ක්‍රියාකාරි ලිපි ගොනු ප්‍රමාණය
(තෝරාගත් රටවල් කිහිපයක - 2023 - වගු අංක 02)
දළ ජාතික නිෂ්පාදිතය - මුළුබදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස
(තෝරා ගත් රටවල් කිහිපයක - 2023 - වගු අංක 03)
TIN සහතිකය ලබා ගැනීමේ ක්‍රියාවලිය
I. මාර්ගගත ක්‍රමයට (Online) ලබා ගැනීම. මෙහිදි දේශීය ආදායම් වෙබ් ද්වාරය වන www.ird.gov.lk වෙත ගොස් e Service සේවාව තුළින් ලබා ගැනීම.
II. දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අදාළ මූලික ලේඛන ඉදිරිපත් කර TIN අංක ලබා ගැනීම. කොළඹ දේශීය ආදායම් කාර්යාලයේ ප්‍රාථමික ලියාපදිංචි අංශයට පැමිණ හෝ දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලවලින් හෝ නගර බද කාර්යාල වලින් හෝ ලබා ගත හැක.
III. ලියාපදිංචියට අදාළ මූලික අයඳුම්පත හා මුලික ලේඛන තැපැල් මගින් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට යොමු කර තැපැල් මගින් TIN අංකය තම ලිපිනයට ලබා ගැනීමේ පහසුව
බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය
2017 අංක 24 දරණ දේශිය ආදායම් පනතේ 102 වගන්තියේ බදු කාර්ය සඳහා අදාළ වන ප්‍රතිපාදන පැහැදිලිව සඳහන් කර ඇත.
102 (3) වගන්තියේ ප්‍රතිපාදන අනුව අමාත්‍යවරයා විසින් කොමසාරිස් ජනරාල්වරයාගේ කැමැත්ත ඇතිව මේ යටතේ ලියාපදිංචි විම සඳහා අතිරේක තැනැත්තන් පන්ති නිශ්චිතව සඳහන් කරනු ලැබිය යුතුවේ.
102 (4) වගන්තියේ සඳහන් කරුණුවලට අනුකූලව ලියාපදිංචියට අදාළ තැනැත්තන් වෙත බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් ලබා දීම අත්‍යවශ්‍ය වේ.
ඉහත නෛතික ප්‍රතිපාදන අනුකූලව 2024 මැයි 30 වන දින නිකුත් කරන ලද අංක 2334/21 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය පරිදි පහත සඳහන් තැනැත්තන් හා පන්ති වෙත TIN අංක ලබාගැනීම අනිවාර්ය වී ඇත.
මැතකාලීනව TIN අංක නිකුතුවට අදාලව 2026 අංක 11 දරන දේශීය ආදායම් සංශෝධන පනත ප්‍රකාරව නව නිර්දේශ ඉදිරිපත් කර ඇත. ඒ අනුව, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ පහත සඳහන් ක්ෂේත්‍ර සහ ඒ සඳහා වගකීමට බැදෙන්නන් හඳුනාගෙන එයට අදාළ මූලික ප්‍රවේශය පෙන්වා දී ඇත.
2009 අංක 23 දරන පනතේ සංස්ථාපිත ශ්‍රී ලංකා සහතිකලත් කළමණාකරණ ගණකාධිකාරින්ගේ ආයතනයේ සාමාජිකයන්
1968 අංක 17 දරන පනතේ සංස්ථාපිත ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන්
ශ්‍රී ලංකා වෘත්තිය බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්
1976 අංක 01 දරන ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය පනත යටතේ සංස්ථාපිත ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ සාමාජිකයන්
2007 අංක 20 දරන පනතේ සංස්ථාපිත ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ ආයතනයේ සාමාජිකයන්
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුන්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිය ව්‍යාපාර ලියාපදිංචි කර ඇති තැනැත්තන්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති (ත්‍රීරෝද රථ, යතුරු පැදි සහ අත් ට්‍රැක්ටර් හැර) වාහන හිමිකරුවන්
2018 අප්‍රේල් 01 වැනි දින හෝ ඊට පසු ශ්‍රී ලංකාවේ ඕනෑම නිශ්චල දේපලක් මිලදී ගැනීමක් මිලදී ගත් හෝ පැවරුම් ඔප්පුවක් යටතේ අත්පත් කරගත් තැනැත්තන්
ඕනෑම සේවක අර්ථ සාධක අරමුදලක් සදහා සේවා දායකයාගේ සහ සේවා යෝජකයා යන දෙපාර්ශවයේම මාසික දායකත්වයෙහි එකතුව රුපියල් 20,000/- ඉක්මවන සේවකයන්
පළාත් පාලන ආයතනයකින් ගොඩනැගිලි සැලැස්මක් සදහා අනුමැතිය ලබා ගන්නා ඕනැම පුද්ගලයෙක්
ශ්‍රී ලංකාවේ ඕනෑම සේවාවක් සැපයීමෙන් මසකට රුපියල් 100,000/- ක් හෝ මාස දොළහක් සඳහා රුපියල් 1,200,000/- කට වඩා ගෙවීමක් ලබන ඕනැම පුද්ගලයෙක්
2024 ජනවාරි මස 01 සිට බලපැවැත්වෙන පරිදි ඉහත සඳහන් කිසිදු කාණ්ඩයකට අයත් නොවන ඕනෑම පුද්ගලයෙක් සහ:
I. 2023 දෙසැම්බර් මස 31 වැනි දිනට වයස අවුරුදු 18 හෝ ඊට වැඩි සියලු පුද්ගලයන් හෝ
II. 2024 ජනවාරි මස 01 වැනි දිනට හෝ එදිනට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන පුද්ගලයන් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු
මැතකාලීනව TIN අංක නිකුතුවට අදාළව 2026 අංක 11 දරණ දේශීය ආදායම් සංශෝධන පනත ප්‍රකාරව නව නිර්දේශ ඉදිරිපත් කර ඇත. ඒ අනුව, 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ පහත සඳහන් ක්ෂේත්රයන් සහ ඒ සඳහා වගකීමට බැදෙන්නන් හඳුනාගෙන එයට අදාළ මූලික ප්‍රවේශ පෙන්වා දී ඇත.
(වගු අංක 04)
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ SEC/PN/IT/2026/06 හා 2026.11.05 දිනැති නිවේදනය අනුව, ඉහත සදහන් අනිවාර්ය අවශ්‍යතාවය ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් 01 දින දක්වා කල් දැමීමට තීරණය කර ඇත.
බදු ගෙවන්නා යන්නෙන් 2027 අංක 24 දරන පනතට අනුව,
(අ) තක්සේරු වර්ෂයක් සඳහා ශුන්‍ය අය කිරිමේ හැකියාවක් ඇති හෝ බදු අය කළ හැකි ආදායමක් ඇති හෝ අලාභයක් ඇති යම් තැනැත්තකු ද ඇතුළුව මෙම පනත යටතේ බදු ගෙවීමට නියමිත තැනැත්තකු හෝ,
(ආ) බද්ද රඳවා ගෙන දෙපාර්තමේන්තුවට ගෙවීමට නියම කරනු ලැබ ඇත්තාවූ යම් තැනැත්තකු,
තනි පුද්ගල TIN අංක ලබා ගැනීමේදි අවශ්‍ය මුලික ලේඛන
I. ශ්‍රී ලාංකිකයකු නම් හැඳුනුම්පත් අංකය
II. හැඳුනුම්පතේ ලිපිනය හා අයදුම්පත් ලේඛන වෙනස්කම් සනාථ කිරිම උදෙසා ග්‍රාම නිලධාරි සහතිකය හෝ බැංකු ගිණුමේ විස්තර . විදුලි හෝ පාරිභෝගික සහතිකය
III විදේශිකයකු නම්. දේශිය ලිපිනය සනාථ කිරිම අත්‍යවශ්‍ය වේ.
IV. විදේශිකයෙකුට වලංගු විදේශ ගමන් බලපත්‍රය. ව්‍යාපාර ලියාපදිංචි සහතිකය (අදාළ වේ නම්)
TIN අංකය ලබා ගැනීම සඳහා කාර්යාල වෙත නොගොස් නිවසේ සිටම මාර්ගගත ක්‍රමයට එය ඉටු කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව දේ.ආ.දෙපා සලසා දී ඇත. එය පහත පරිදිය.
බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගන්නේ කෙසේද ?
වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුරවැසියන්ට බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් ලබා ගත හැක.
අවශ්‍ය ලේඛන
පුද්ගලයන් : ජාතික හැඳුනුම්පතේ පිටපතක්. බිල්පතක්
ව්‍යාපාරිකයන් : ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
විදේශිකයන් : විදේශ ගමන් බලපත්‍රය
(වගු අංක 05)
ඔබගේ අයඳුම්පත සමාලෝචනය කිරිමෙන් පසු බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ සහතිකය සහ එක් වරක් භාවිත කළ හැකි මුරපදය ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට ලැබෙනු ඇත.
දේශී්‍ය ආදායම් දෙපාර්තමේන්තුව වයස අවුරුදු 18 ට වැඩි පිරිසෙන් මිලියන 12 කට වැඩි පිරිසකට TIN අංක නිකුත් කර ඇති අතර, ඔබගේ TIN අංකය ඊ - සේවාව හරහා ලබා ගැනීමේ පහසුකම ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් පහත පියවර ඔස්සේ ලබා ගත හැක.
ඔබට පහත පියවර අනුගමනය කිරීමෙන් ඔබගේ TIN අංකය මාර්ගගතව පරික්ෂා කළ හැකිය.
TIN අංකය ලබා ගත් ඕනෑම අයකුට ආදායම් බදු කාර්යය සඳහා ලියාපදිංචි විය හැකි අතර, ඒ සදහා භෞතිකව කාර්යාල වෙත ගමන් කිරීම අවශ්‍ය නොවේ. මෙයද මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව විවර කර දී ඇති අතර, එම ක්‍රියාදාමය පහත රූප සටහනෙන් දැක්වේ.
තනි පුද්ගල ආදායම් බද්ද සඳහා ලියාපදිංචිය ලබා ගැනීම ප්‍රවේශ වීමට,
(වගු අංක 06)
දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ඔබගේ ඉල්ලීම අනුව ඔබව ආදායම් බදු සඳහා ලියාපංදිචි කරනු ඇත.
සමාප්තිය: බදු ගෙවීම සමාජ වගකීමක් මෙන්ම යුතුකමක්ද වේ. රටක ජනතාවගේ ජීවන තත්වය සුබ සාධනය සහ ආරක්ෂාව ඇතුළු සියලු කටයුතු රැඳී ඇත්තේ අද ඔබ ගෙවන බදු මතවේ.
ඔබ ආදායම් බදු බැදියාවට යටත් වේ නම්, නිසි පරිදි නියමිත දිනට බදු වාර්තා භාරදීම උදෙසා ලියාපදිංචිය ලබා ගන්නා ලෙසත්, බදු බැඳියාවට යටත් ආදායමක් පවතිද්දී එසේ නොගැනීම දඩයක් අය කරන ක්‍රියාමාර්ග හා නඩු පැවරීමේ ක්‍රියාමාර්ග වෙත යොමු වීමටත් හේතුවක් වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd