
- දැනටමත් ලාංකිකයන් 3,000කට ආසන්න පිරිසක් මුරුසි රාජ්‍යයේ විවිධ රැකියාවල
- දෙරට අතර විදේශ වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම පිළිබඳව විශේෂ අවධානය
සංචාරක, හොටෙල්, ධීවර ඇතුළු ක්ෂේත්‍ර රැසක ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ලබා දීමට සිය රටේ අවධානය යොමුව ඇතැයි මුරුසි රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් වේදකුර් ශර්මා විකාෂ් රම්පුර්ටාබ් මහතා පැවසීය.
ශ්‍රී ලංකා - මුරුසි මිත්‍රත්ව පදනම කොළඹ සිනමන් ග්රෑන්ඞ් හෝටලයේ ඉකුත්දා (18) සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වේදකුර් ශර්මා විකාෂ් රම්පුර්ටාබ් මහතා මේ බව කීවේය.
ශ්‍රී ලංකාව සහ මුරුසි රාජ්‍යය අතර ද්වීපාර්ශ්වික සබඳතා, විදේශ රැකියා අවස්ථා සහ විදේශ වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමුව තිබෙන බව ද ඒ මහතා කියා සිටියේය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
දෙරට අතර ඉදිරි සබඳතා සහ රැකියා ක්ෂේත්රයේ නව නැඹුරුතා පිළිබඳව විදේශ ඇමැති විජිත හේරත් මහතා සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ශ්‍රී ලංකාව සහ මුරුසි රාජ්‍යය අතර භූගෝලීය වශයෙන් පවතින දුර ප්‍රමාණය පැය හතරක් හෝ පහක ගුවන් ගමන් කාලයකට සීමා වන බැවින් දෙරට අතර සබඳතා පැවැත්වීම ඉතා පහසුයි.
දැනටමත් ශ්‍රී ලාංකිකයන් 3,000කට ආසන්න පිරිසක් මුරුසි රාජ්‍යයේ විවිධ රැකියාවල නිරතව සිටිනවා. ඉදිරියේදී විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය සහ හෝටල් ක්ෂේත්රය ඉලක්ක කර ගනිමින් පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් යොමු කිරීමට අප සාකච්ඡා කළා
මුරුසි රාජ්‍යය අප්‍රිකානු කලාපය දෙසට යන ප්‍රධාන මාර්ගයේ පිහිටා තිබීම හේතුවෙන්, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ විදේශ වෙළෙඳ සැලසුම් සහ ආර්ථික කටයුතු සඳහා අපේ රාජ්‍යය සමග පවතින සබඳතා මූලෝපායික වශයෙන් ඉතා වැදගත් වේවි. මේ සියලු ක්ෂේත්රයන්හි ඉදිරි සංවර්ධන කටයුතු සඳහා කැපවීමෙන් කට -යුතු කිරීමට දෙපාර්ශ්වයම බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකා - මුරුසි මිත්‍රත්ව පදනමේ ලේකම්, මහාචාර්ය ආශු මාරසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
ඡායාරූපය - ප්‍රදීප් පතිරණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd