IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කෘෂි ව්‍යවසායකයන්ගේ සංසදය - HNB එක්ව රාජාංගනයේ ගොවීන්ට මිරිස් වගා වැඩමුළුවක්

 

  • මිරිස් වගාවේ අභියෝග ජයගැනීමට අවශ්‍ය දැනුමදීම අරමුණයි
  • ​ඉහළ අස්වැන්නක් ලබාගැනීම ගැනත් කියයි
  • මූල්‍ය ආරක්ෂාව සම්බන්ධව හැටන් නැෂනල් කරුණු කියයි
  • රටපුරා ගොවීන් නගාසිටුවීමටත් වැඩසටහන්

දේශීය කෘෂිකර්මාන්තය සහ ගොවීන් නගාසිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයන්ගේ සංසදය (SLAF) සහ හැටන් නැෂනල් බැංකුව (HNB) එක්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ප්‍රදේශයේ මිරිස් වගාව පිළිබඳ වැඩමුළුවක් සංවිධාන කළේය. මෙම වැඩමුළුවේ මූලික අභිප්‍රාය වූයේ, මිරිස් වගාවේ ඇති අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, ප්‍රායෝගික කුසලතා ගොවීන්ට ලබා දීමයි. පළිබෝධනාශක භාවිත සහ ඉහළ මිරිස් අස්වැන්නක් ලබා ගැනීමේ විවිධ ක්‍රම පිළිබඳව මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කළේය.

රාජංගනය ප්‍රදේශයේ ගොවි මහත්ම මහත්මීන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රාජාංගනය කාර්යාලයේ මහත්ම මහත්මීන් ඇතුළු 65 දෙනෙක් පමණ මෙම වැඩමුළුවට සහභාගි වූහ. ප්‍රධාන දේශක ලෙස සහභාගි වූ හේලීස් ඇග්‍රිකල්චර් සමාගමේ උපායමාර්ගික ව්‍යාපාර සංවර්ධන ඒකකයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කේ.ඒ.කේ. බොරලැස්ස මහතා විසින් නවීන වගා තාක්ෂණ ක්‍රම, පළිබෝධ කළමනාකරණය ඇතුළු ඉහළ අස්වැස්නක් ලබා ගැනීමේ ක්‍රමෝපාය පිළිබඳව වැඩමුළුවේදී ආවරණය කරන ලදී. එමෙන්ම, පළිබෝධනාශක භාවිතය පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සමගින් එය අස්වැන්නේ ගුණාත්මකභාවය සහ ප්‍රමාණය කෙරෙහි ඇති විශාල බලපෑම ඉස්මතු කළේය. වගා ක්‍රමෝපායන්ට අමතරව, හැටන් නැෂනල් බැංකුව විසින් ගොවීන් සඳහා මූල්‍ය ආරක්ෂාව පිළිබඳව ද දේශනයක් පවත්වන ලදී. මෙහිදී ගොවීන්ට විශ්වසනීය බැංකුවල ඉතිරි කිරීමේ වැදගත්කම, ජීවනෝපාය සඳහා නොව ආයෝජන සඳහා පමණක් ණය ගැනීම, වංචනික ව්‍යාපාරවලින් වැළකීම, OTP (One Time Password) අන් අය සමග බෙදා නොගැනීම සහ ඩෙබිට් කාඩ්පත් වංචාවලින් ආරක්ෂා කර ගැනීම වැනි මාතෘකා ආවරණය විය.

වැඩසටහනට සහභාගි වූ ගොවීහු ඔවුන්ගේ වගා ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අගය කළහ. මෙම අවස්ථාව දැනුම හුවමාරු කිරීමේ වේදිකාවක් ලෙස පමණක් නොවෙ, මූල්‍ය ආයතන, කෘෂි සංවිධාන හා ගොවීන් අතර සහයෝගිතාවේ වැදගත්කම ඉස්මතු කළේය. මෙමගින් කෘෂි ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනය උදෙසා අවශ්‍ය සහයෝගිතාව ගොඩනැගීමට උත්සාහ ගන්නා ලදී.

ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයන්ගේ සංසදය (SLAF) මගින් මෙවැනි වැඩසටහන් සංවිධාන කිරීමෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමට පිටිවහලක් වීම, එමගින් දේශීය ගොවියා මුහුණ පාන ගැටලු ජය ගැනීමට අවශ්‍ය දැනුම ලබා දීමෙන්, සාර්ථක සහ ඉහළ අස්වැන්නක් ලබා දෙන ඵලදායි මිරිස් අස්වැන්නක් ලබා ගනිමින් මිරිස් වගාව වඩා වැඩි ලාබ ලබන වගාවක් බවට පත් කිරීමට දායක වීමට බලාපොරොත්තු වන අතර, ඉදිරියේදී ද මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රට පුරා ගොවීන් නගාසිටුවීමට කටයුතු කරනු ඇත.

 



අදහස් (0)

කෘෂි ව්‍යවසායකයන්ගේ සංසදය - HNB එක්ව රාජාංගනයේ ගොවීන්ට මිරිස් වගා වැඩමුළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site