
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
පොල් වගාකිරීමේ මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය හා කප්රුක අරමුදල කළමනාකරණ මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලැබූ කප්රුක වරුණ වෙළෙඳ ප්‍රදර්ශනයක් අම්බලන්ගොඩ ධීවර සංකිර්ණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්විණ.
සමාරම්භක වැඩසටහන පොල් වගාකිරීමේ මණ්ඩලයේ සහ කප්රුක අරමුදල කළමනාකරණ මණ්ඩලය සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි සහ පොල් වගාකිරීමේ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී කප්රුක අරමුදල කළමනාකරණ මණ්ඩලයේ අධ්යක්ෂ අතිල විජේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
පොල් වගා කිරීමේ මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කළමනාකරු එච්. ජී. හේමන්ත සහ ව්‍යාප්ති නිලධාරි එල්. එන්. එම්. දේදුනු යන මහත්ම මහත්මීන්ගේ මග පෙන් වීමෙන් සහ කප්රුක පුරවර සංවර්ධන නිලධාරීන්ගේ සංවිධානයෙන් සහ අනෙකුත් සංවර්ධන නිලධාන්ගේ සහ අම්බලන්ගොඩ පොල් සංවර්ධන නිලධාරී ඒ. පී. විජේසේකර මහත්මියගේ සහයෝගයෙන් යුතුව මේ ප්‍රදර්ශනය පැවැත්විණ.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි නිශාන්ත පෙරේරා සහ අම්බලන්ගොඩ නගරාධිපති අසේල ගොඩහේවා යන මහත්වරුද මේ ප්‍රදර්ශනය දැක බලා ගැනීමට පැමිණ සිටියහ.
පොල් ආශ්රිත නිෂ්පාදන මෙන්ම පොල් පැළ මිලදී ගැනීමට සහ පොල් වගාව පිළිබඳ තාක්ෂණික දැනුම සහ උපදේශය සහ පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන සහනාධාර වැඩසටහන් පිළිබඳව මෙහිදි උපදෙස් සහ අවශ්‍ය අයදුපත්ර ලබාදීමද සිදු කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd