කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය මගින් අම්බලන්ගොඩ ධීවර වරාය සංවර්ධනය කිරීමට මුල්ගල් තැබීමේ උත්සවයක් පෙරේදා (21) අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
මෙලෙස මුල්ගල් තැබීම සිදු කෙරුණේ රුපියල් මිලියන 99ක වියදමින් අම්බලන්ගොඩ ධීවර වරායේ රථ ගාල, කානු පද්ධතිය ඉදිකිරීම සහ මාළුවෙන්දේසි ශාලාව නැවත ඉදිකිරීම සදහාය.
මේ අවස්ථාව සදහා, ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්නගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා, අම්බලන්ගොඩ නගරාධිපති අසේල ගොඩහේවා, කළමනාකරණ වරාය මෙහෙයුම් අජිත් නිරෝෂණ යන මහත්වරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයන් ධීවර අමාත්‍යාංශ නිලධාරින් සහ ධීවර ප්‍රජාවද එක්ව සිටියහ.