IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


ආයතනික සමාජ වගකීමට හිමි ඉහළම සම්මානය හම්බන්තොට වරායට

ඩුබායි හි පැවති මැරිටයිම් ස්ටෑන්ඩර්ඩ් 2022 සම්මාන උළෙලේදී, ආයතනික සමාජ වගකීම් සඳහා වන සම්මානය, හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) හිමි විය.  ආයතනික සමාජ වගකීම් සඳහා ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් දිනා ගත් පළමු ශ්‍රී ලාංකීය වරාය, හම්බන්තොට ජාත්‍යන්තර වරාය බව එම ආයතනය සඳහන් කරයි.

ඩුබායි හි අට්ලාන්ටිස් හෝටලයේ පැවති උළෙලට, සහභාගී වූ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) මානව සම්පත් හා පරිපාලන ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී ජීවන් ප්‍රේමසර මහතා, විසින් මෙම සම්මානය පිළිගනු ලැබීය.

හිමි කර ගත් සම්මානය, මානව සහ ගෝලීය තිරසාර භාවය සහතික කිරීම වෙනුවෙන් සැලසුම් කරන ලද මුලපිරීම් මාලාවක ප්‍රතිඵලයක් යැයි, HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පැවැසීය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.  “ආයතනික සමාජ වගකීම,  අපගේ උපාය මාර්ගික සංවර්ධනයේ වැදගත් කොටසක්. අපගේ ගෝලීය හවුල්කරු වන CMPort සමාගමේ ආයතනික සමාජ සත්කාරක ශාඛාව වන, චයිනා මර්චන්ට්ස් පදනම මේ සඳහා විශාල සහයක් ලබා දෙනවා මෙන්ම,  ප්‍රජා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්, CMPort විසින් අපට ලබා දී තිබෙන්නේ ඉහළතම මිණුම්දණ්ඩක්. ඊට අනුකූලව, පරිසරය, සෞඛ්‍යය සහ ආරක්ෂාව, ප්‍රජා සංවර්ධනය, ආගමික හා සංස්කෘතික කටයුතු යන කුලුනු 4 යා කරන තිරසාර සැලැස්මක් යටතේ අපගේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන් සකස් කර ඇත. අවට ප්‍රජාවන්ගේ සහ පරිසරයේ තිරසාරභාවය හා සමව අපගේ ව්‍යාපාරික සාර්ථකත්වය ගමන් කරන බව අපගේ විශ්වාසයයි.  අප  ප්‍රයත්නයන් සඳහා අද ලබා ඇති ජාත්‍යන්තර පිළිගැනීම, සතුටට කරුණක්.”

අවසන් වටයට තේරුණු අබුඩාබි පොර්ට්ස් ගෲප්, එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ ඩීපී වර්ල්ඩ්, ග්ලැන්ඩර් ඉන්ටර්නැෂනල් බන්කරින්, ඉන්දියාවේ ෂිපින්ග් කෝපරේෂන්, ට්‍රයිස්ටාර් මරිටයිම් ලොගිස්ටික්ස් යන ගෝලීය සමාගම් 5  අතරින් හම්බන්තොට ජාත්‍යන්තර වරායට සම්මානය හිමි විය.

595



අදහස් (1)

ආයතනික සමාජ වගකීමට හිමි ඉහළම සම්මානය හම්බන්තොට වරායට

chandima Thursday, 15 December 2022 07:13 AM

සම්මානේ චීන කෞතුකාගාරේට ගෙනියයිද.?

:       2       2

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 67 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 24 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 351 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 210 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 302 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්
2024 මැයි මස 02 258 0

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 515 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1975 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1735 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site