ශක්තිමත් හා ගතික බැංකු අංශයක් තහවුරු කරලීමේ අරමුණින් බලපත්‍රලාභි වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
ඒ අනුව වසර 2020 අග භාගය වනවිට බලපත්‍රලාභී බැංකුවල අවම ප්‍රාග්ධනය ඉහළ නැංවීම කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී තිබෙන අතර ඉහළ ගුණාත්මකභාවයකින් යුතු, අලාභ දරා ගැනීමේ ඉහළ ධාරිතාවකින් යුතු ප්‍රාග්ධනය මේ සඳහා සලකා බලන බව ද මහ බැංකුව සඳහන් කරයි.
නව අවම ප්‍රාග්ධන අවශ්‍යතා ප්‍රකාශයට පත් කරමින් අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීම පිණිස දැනටමත් සංස්ථාපිත බැංකු සඳහා වසර 3ක කාලයක් ලබාදීමට ද මහ බැංකුව කටයුතු කර තිබේ. ඒ අනුව බලපත්‍රලාභී දේශීය වාණිජ බැංකු සඳහා රුපියල් බිලියන 20ක, බලපත්‍රලාභී දේශීය විශේෂිත බැංකු සඳහා රුපියල් බිලියන 7.5කත් විදේශීය බැංකු සඳහා රුපියල් බිලියන 10ක අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.
අවම ප්‍රාග්ධන අවශ්‍යතාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, බැංකු වඩාත් ශක්තිමත් කරවීම සඳහා මග පාදන අතර එමගින් බැංකු පද්ධතිය මෙන්ම ජාතික ආර්ථිකය සතු ශක්‍යතාවය සහ ස්ථාවරත්වය ද සුරක්ෂිත වනු ඇතැයි ද ශ්‍රී මහ බැංකුව තවදුරටත් අපේක්ෂා කරයි.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම අගෙයි. මහා බැංකුවේ ප්‍රාග්ධනය බැඳුම් කර මගඩි වලින් අවම කරගන්න අතරේ පෞද්ගලික බැංකුවල අවම ප්‍රාග්ධනය වැඩි කරගන්න කියා ආරක්ෂණ උපදේශයක් දෙනවා. ඕකට තමයි කියන්නේ " ඕවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට" කියලා.
ඒකෙනුත් ඔන්න අපිටයි තට්ටුවෙන්න යන්නේ. එතකොට බැංකු පොලී අනුපාත සීග්‍රයෙන් ඉහල දමනවා. තැන්පතු පොලිය අඩු කරනවා.
මහ බැංකුවේ සිද්ධියක් ගැන කියවනවා හැමදාම බැංකු ගැන තියා ලේ බැංකුවක් ගැනවත් නොදන්න උන්දැලා. අවම ප්‍රාග්ධන සීමාව නැංවූවාම ඒක රැස් කරගන්නේ කොටස් ප්‍රාග්ධනයෙන්. ඒ කියන්නේ නව කොටස් නිකුතුවෙන්. තැන්පතු ප්‍රාග්ධනිත කරන්න ඕන නෑ වගේම කරන්නත් බෑ. මේක බැංකුවල ස්ථාවර බව නැංවීමට ගන්න තීරණයක්. දැන් බැංකු උපයන්නේ පොළී නොවන ආදායමින්. ණය දීලා උපයන කාලේ ගියා. නව කොටස් නිකුතුවකින් ණය පොළිය වැඩි වෙන ආකාරය කියමුකෝ බලන්න මේ බැංකු ඔස්තාර්ලා.