IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළට

ශක්තිමත් හා ගතික බැංකු අංශයක් තහවුරු කරලීමේ අරමුණින් බලපත්‍රලාභි වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව වසර 2020 අග භාගය වනවිට බලපත්‍රලාභී බැංකුවල අවම ප්‍රාග්ධනය ඉහළ නැංවීම කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී තිබෙන අතර ඉහළ ගුණාත්මකභාවයකින් යුතු, අලාභ දරා ගැනීමේ ඉහළ ධාරිතාවකින් යුතු ප්‍රාග්ධනය මේ සඳහා සලකා බලන බව ද මහ බැංකුව සඳහන් කරයි.
    
නව අවම ප්‍රාග්ධන අවශ්‍යතා ප්‍රකාශයට පත් කරමින් අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීම පිණිස දැනටමත් සංස්ථාපිත බැංකු සඳහා වසර 3ක කාලයක් ලබාදීමට ද මහ බැංකුව කටයුතු කර තිබේ. ඒ අනුව බලපත්‍රලාභී දේශීය වාණිජ බැංකු සඳහා රුපියල් බිලියන 20ක, බලපත්‍රලාභී දේශීය විශේෂිත බැංකු සඳහා රුපියල් බිලියන 7.5කත් විදේශීය බැංකු සඳහා රුපියල් බිලියන 10ක අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.
    
අවම ප්‍රාග්ධන අවශ්‍යතාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, බැංකු වඩාත් ශක්තිමත් කරවීම සඳහා මග පාදන අතර එමගින් බැංකු පද්ධතිය මෙන්ම ජාතික ආර්ථිකය සතු ශක්‍යතාවය සහ ස්ථාවරත්වය ද සුරක්ෂිත වනු ඇතැයි ද ශ්‍රී මහ බැංකුව තවදුරටත් අපේක්ෂා කරයි.

055



අදහස් (3)

අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළට

sathyayaa Friday, 27 October 2017 12:53 AM

බොහොම අගෙයි. මහා බැංකුවේ ප්‍රාග්ධනය බැඳුම් කර මගඩි වලින් අවම කරගන්න අතරේ පෞද්ගලික බැංකුවල අවම ප්‍රාග්ධනය වැඩි කරගන්න කියා ආරක්ෂණ උපදේශයක් දෙනවා. ඕකට තමයි කියන්නේ " ඕවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට" කියලා.

:       78       55

Perakum Friday, 27 October 2017 01:27 AM

ඒකෙනුත් ඔන්න අපිටයි තට්ටුවෙන්න යන්නේ. එතකොට බැංකු පොලී අනුපාත සීග්‍රයෙන් ඉහල දමනවා. තැන්පතු පොලිය අඩු කරනවා.

:       176       15

himal Sunday, 29 October 2017 04:07 PM

මහ බැංකුවේ සිද්ධියක් ගැන කියවනවා හැමදාම බැංකු ගැන තියා ලේ බැංකුවක් ගැනවත් නොදන්න උන්දැලා. අවම ප්‍රාග්ධන සීමාව නැංවූවාම ඒක ‍රැස් කරගන්නේ කොටස් ප්‍රාග්ධනයෙන්. ඒ කියන්නේ නව කොටස් නිකුතුවෙන්. තැන්පතු ප්‍රාග්ධනිත කරන්න ඕන නෑ වගේම කරන්නත් බෑ. මේක බැංකුවල ස්ථාවර බව නැංවීමට ගන්න තීරණයක්. දැන් බැංකු උපයන්නේ පොළී නොවන ආදායමින්. ණය දීලා උපයන කාලේ ගියා. නව කොටස් නිකුතුවකින් ණය පොළිය වැඩි වෙන ආකාරය කියමුකෝ බලන්න මේ බැංකු ඔස්තාර්ලා.

:       0       76

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 420 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 449 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site