වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි සාර්ථක ගමනකට අවතීර්ණ වී ඇති මොහොතක, වැලිබල් ෆිනෑන්ස් සමාගම සිය ප්‍රාග්ධන පදනම ශක්තිමත් කර ගනිමින් වේගයත් අනාගත සංවර්ධනයක් අපේක්ෂා කරමින් සුවිශේෂ කාර්යයකට එළඹ සිටී. ඒ ඔස්සේ සිය පුළුල් ආයතනික උපායමාර්ගික පියවරක් ලෙස, නව සාමාන්‍ය ඡන්ද හිමිකම් කොටස් අලෙවි කිරීමෙන් රුපියල් බිලියන 2.120ක් පමණ මුදලක් ලබා ගැනීමට වැලිබල් ෆිනෑන්ස් සැලසුම් කර තිබේ. මෙම ක්‍රියාවලියෙන් සමාගමේ ප්‍රාග්ධන ශක්තිය, ස්ථාවරත්වය සහ නව්‍යකරණය මත නැවත අවධානය යොමු කෙරේ.
මෙම කාරණා සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතන අතර ඉදිරියෙන් සිටින වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ සහ පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපති ජයන්ත රන්ගමුව මහතා සමග කළ සාකච්ඡාවකි මේ.
නිවේදනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළොත්?
වැලිබල් ෆයිනෑන්ස් පීඑල්සී විසින් රු. 72.00 ක මිලකට නව සාමාන්‍ය ඡන්ද අයිතිකාර කොටස් 29,431,675 ක් නිකුත් කිරීමෙන් රුපියල් මිලියන 2,120 ක් පමණ මුදලක් ලබා ගැනීම සඳහා හිමිකම් නිකුතුවක් නිවේදනය කරතිබෙනවා. මෙහි උපායමාර්ගික අරමුණ වන්නේ ආයතනයේ පළමු කාණ්ඩයේ ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම සහ මීළඟ වර්ධන අදියර සඳහා සහාය වීමයි.
මෙම තීරණය 2026 ජනවාරි 9 වැනිදා පැවති අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමේදී අනුමත කළා. වෙනස් වන මූල්‍ය පරිසරය තුළ ප්‍රාග්ධන කළමනාකරණය සඳහා සක්‍රීය හා සැලසුම් සහිත ප්‍රවේශයක් මෙයින් ඇතිකරනවා.
හිමිකම් නිකුතු පිරිනැමීමේ ආකෘතියෙන් සකස් කෙරෙන්නේ කෙසේද?
අයිතිකාර හිමිකම් නිකුතුව දැනට පවතින කොටස් හිමිකරුවන්ට සමානුපාතිකව (pro-rata basis පිරිනැමෙනු ඇති. හිමිකම් දිනයේදී තිබෙන කොටස් අටකට එක නව කොටසක් ලබා ගැනීමේ අයිතිය ලැබෙනවා. මෙම ආකෘතියෙන් දැනට පවතින කොටස් හිමිකරුවන්ට නව කොටස් සඳහා ප්‍රමුඛතාවක් ලබා දෙනවා. විශේෂයෙන්ම, මෙම ක්‍රමයෙන් කොටස් හිමිකරුවන්ට සමාගමේ තම අනුපාතික හිමිකම් පවත්වා ගැනීමටත්, සමාගමේ ප්‍රාග්ධන පදනම ශක්තිමත් කිරීමට සක්‍රීයව සහාය වීමටත් අවස්ථාව හිමිවෙනවා.
මෙම අදියරේදී පළමු කාණ්ඩයේ ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම වැදගත් වන්නේ ඇයි?
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වැනි පශ්චාත්-අර්බුදකාරී පරිසරයකදී, පළමු කාණ්ඩයේ ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම මූල්‍ය ආයතන සඳහා මූලිකම අවශ්‍යතාවක්. එමගින් සමාගමකට අනපේක්ෂිත බලපෑම් අවශෝෂණය කිරීමට, නියාමන ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට සහ ණය ලබාදීමේ හැකියාව පුළුල් කිරීමට පිටුවහලක් ලැබෙනවා. වැලිබල් ෆිනෑන්ස් සඳහා යෝජිත ප්‍රාග්ධන ආයෝජනය මගින් මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීම, වෙනස්වන වෙළෙඳපොළ පරිසරයකදී ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම සහ ණය ප්‍රමාණය වැඩි කිරීම ඔස්සේ ව්‍යාපාර ව්‍යාප්තියට සහාය වීම අපේක්ෂා කෙරෙනවා. එමගින් ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වන විට ඇතිවන අවස්ථා භුක්ති විඳීමට සමාගමට හැකියාව ලැබෙනු ඇති. මෙම පියවරෙන් දිගුකාලීන තිරසාර වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගෙනු ඇති.
මෙම ක්‍රියාදාමය වැලිබන් ෆිනෑන්ස් හි දීර්ඝ කාලීන උපායමාර්ගය සමග ගැළපෙන්නේ කෙසේද?
හිමිකම් නිකුතුව, සමාගමේ මූල්‍ය තත්වය ශක්තිමත් කිරීම සහ අනාගත ව්‍යාප්තිය සඳහා ස්ථානගත කිරීම අරමුණු කරගත් විශාල උපායමාර්ගික සැලැස්මක කොටසක්. නියාමන ප්‍රාග්ධන ආරක්ෂක මට්ටම් වැඩිදියුණු කිරීමෙන් වැලිබන් ෆිනෑන්ස් තීව්‍ර තරගකාරීත්වයකින් යුත් සහ රෙගුලාසිගත මූල්‍ය සේවා පරිසරයකට සූදානම් වෙමින් සිටිනවා. මෙය ඉදිරි දැක්මකින් යුතු ක්‍රියාමාර්ගයක් වන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් ප්‍රකෘතිමත් වන විට වර්ධන අවස්ථා භුක්ති විඳීමට සමාගම සුදුසුකම් ලබා ඇති බව පෙන්වනවා.
වැලිබල් ෆිනෑන්ස් හි වර්ධන ගමන් මග පිළිබඳ කෙටියෙන් පැහැදිලි කළ හැකිද?
වැලිබල් ෆිනෑන්ස් හි වර්ධනීය ගමන්මග ඉතා වේගවත් සහ කැපී පෙනෙන ලක්ෂණවලින් සමන්විත වෙනවා. 2007 වසරේ දී සභාපති ධම්මික පෙරේරා මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතාගේ නායකත්වය යටතේ නැවත ආරම්භ කරන ලද මෙම සමාගම, වසර 19 ක වාර්තාගත කාලයක් තුළ තුළ ශ්‍රී ලංකාවේ ඉහළම මූල්‍ය සමාගම් පහ අතරට එක්වීමට සමත් වූවා. මේ ජයග්‍රහණයෙන් වැලිබල් ෆිනෑන්ස් හි ශක්තිමත් උපායමාර්ගික දිශානතිය, විනයගරුකව ක්‍රියාත්මක කිරීම සහ වෙනස් වන වෙළෙඳපොළ තත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව මැනවින් ප්‍රදර්ශනය කර තිබෙනවා.
සමාගමේ ප්‍රධාන සන්ධිස්ථාන කිහිපයක් සම්බන්ධයෙන් කතාකළොත්?
වැලිබල් ෆිනෑන්ස් ගමන් මාර්ගයේ වඩාත් කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන්නේ වසර 17 ක් තුළ රුපියල් බිලියන 100 ක් ඉක්මවූ වත්කම් ප්‍රමාණයක් සපුරාලීමයි. මෙය ඉතා ඉක්මනින් රට තුළ මූල්‍ය ස්ථාවරත්වයක් හිමිකර ගැනීමට හේතුවක් වුණා. එමෙන්ම මෙම සන්ධිස්ථානය සමාගමේ ස්ථාවර කාර්යසාධනය, ක්‍රියාකාරී කාර්යක්ෂමතාව සහ තරගකාරී පරිසරයක් ළුලදායිත්වය වර්ධනය කිරීමට හේතුවක් වූවා. මෙයට අමතරව, වැලිබල් ෆිනෑන්ස් ආයතනය The Global Economics” සඟරාවෙන් “හොඳම මූල්‍ය සමාගම” ලෙස වාර ගණනාවක්ම පිදුම් ලැබුවා. එමගින් සමාගමේ විශිෂ්ටත්වය, පාලනය සහ නව්‍යකරණය සඳහා ඇති කැපවීම ඉස්මතු වෙනවා.
සමාගම ණය අවදානම සහ අක්‍රිය ණය අනුපාතය (NPL) කළමනාකරණය කරගන්නේ කෙසේද?
වැලිබල් ෆිනෑන්ස් සතුව වඩාත් ස්ථාවර සහ හොඳින් විවිධාංගීකරණය වූ ණය කළඹක් පවතිනවා. ඒ හරහා ඉතාමත් අඩු අක්‍රිය ණය අනුපාතයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා. මෙම කාර්යසාධනය වඩාත් පරෙස්සම් සහගත ණය විශ්ලේෂණ ක්‍රමවේදය, විචක්ෂණශීලී අවදානම් පාලනය සහ වඩාත් කාර්යක්ෂම ආපසු අය කරගැනීමේ යාන්ත්‍රණය යනාදිය හේතුවෙන් සමාගමේ වත්කම් ගුණාත්මකබව හොඳ මට්ටමකට පත්කර තිබෙනවා.
වැලිබල් ෆිනෑන්ස්හි වත්මන් මූල්‍ය තත්වය කෙතරම් ශක්තිමත්ද?
වැලිබල් ෆිනෑන්ස් සමාගම ශක්තිමත්, ප්‍රමාණවත් ප්‍රාග්ධනයකින් සහ විධිමත් අවදානම් කළමනාකරණ පිළිවෙත් මගින් සහාය වන ස්ථාවර මූල්‍ය පදනමක් පවත්වාගෙන යන ආයතනයක්. විශේෂයෙන් මෙම සමාගමට “A-” (LRA) ණය ශේණිගත කිරීම සහ “A” වෙළෙඳ නාම ශේණිගත කිරීම ලැබී තිබීමෙන් සමාගමේ wමූල්‍ය විනය සහ දිගුකාලීන උපායමාර්ගික දිශානතිය සම්බන්ධයෙන් ඉහළ විශ්වාසයක් ඇති කිරීමට සමත්ව සිටිනවා. තවද මෙම ශේණිගත කිරීම් ගතික ක්‍රියාකාරී පරිසරයකදී අවදානම් කළමනාකරණය කිරීමේ හැකියාව සහ ස්ථාවරත්වය පවත්වාගැනීම පිළිබිඹු කරනවා.
වැලිබල් ෆිනෑන්ස් හි උපායමාර්ගික සැලසුම තුළ ඩිජිටල් පරිවර්තනයේ භූමිකාව කුමක්ද?
ඩිජිටල් පරිවර්තනය වැලිබල් ෆිනෑන්ස් හි වර්ධන උපායමාර්ගයේ මධ්‍යස්ථ ස්තම්භයක්. සමාගම තම ක්‍රියාකාරකම්වලට උසස් තාක්ෂණය ඒකාබද්ධ කිරීම සඳහා සැලකිය යුතු ආයෝජනයක් කර තිබෙනවා. සම්පූර්ණයෙන්ම ඩිජිටල් සහ පාරිභෝගික-කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් පිරිනැමීමට පියවර ගෙන ඇති බවත් කිවයුතුමයි.
වැලිබල් ෆිනෑන්ස් ආයතනය බොහෝ ඩිජිටල් වේදිකා හරහා ප්‍රවේශවීමේ, පහසුව සහ පාරිභෝගික සම්බන්ධතා වැඩිදියුණු කර තිබෙනවා. මෙම ඩිජිටල්-පළමු ප්‍රවේශය මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කළා පමණක් නොව, වැඩි වැඩියෙන් තාක්ෂණය මත පදනම් වූ මූල්‍ය පරිසර පද්ධතියක් තුළ සමාගමේ තරගකාරී ස්ථානගත කිරීම ශක්තිමත් කර තිබෙනවා.
වැලිබල් ෆිනෑන්ස් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී ඇති ආකාරය විස්තර කරන්නේ කොහොමද?
වැලිබල් ෆිනෑන්ස් ශක්තිමත් පැවැත්මට එහි ව්‍යාප්තිය බෙහෙවින් හේතු වී තිබෙනවා. එය දිවයින පුරා ව්‍යාප්ත ශාඛා 87කින් සහ සේවකයන් 2,200 කට වැඩි සංඛ්‍යාවකින් සමන්විතයි. මෙම පුළුල් පැවැත්ම මගින් නාගරික, අර්ධ නාගරික සහ ග්‍රාමීය වෙළෙඳපොළවල් පුරා විවිධාකාර පාරිභෝගික පදනමක් නිර්මාණය කර ගනිමින් ඔවුන්ට සේවය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. මෙම පුළුල් ප්‍රවේශයෙන් තැන්පතු රැස්කිරීම, ණය වර්ධනය, ශක්තිමත් පාරිභෝගික සම්බන්ධතා සහ මූල්‍ය එක්රැස් කිරීම් ආදිය වර්ධනයවී තිබෙනවා. මෙය දිවයින පුරා සිටින සෑම පාරිභෝගිකයකුටම විශ්වාසදායක සහ පහසුවෙන් ළඟාවිය හැකි මූල්‍ය සේවා සපයන්නකු ලෙස සම්මානයට පාත්‍රවී මට වැලිබල් ෆිනෑන්ස් ආයතනයට හේතු වී ඇති බව පැහැදිලියි.
මෙම හිමිකම් නිකුතුවෙන් වෙළෙඳපොළට ලබා දෙන පණිවිඩය කුමක්ද?
හිමිකම් නිකුතුව විශ්වාසය සහ උපායමාර්ගික අදහස පිළිබිඹු කරන ශක්තිමත් සංඥාවක් ලබා දෙනවා. එය වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ ස්ථාවරත්වය පවත්වාගැනීමට පමණක් නොව, අනාගත වර්ධනය සඳහා ස්ථානගත කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව පෙන්වනවා. ආයෝජකයන් සහ පාර්ශ්වකරුවන් සඳහා මෙය ශේෂ පත්‍රය (balance sheet) ශක්තිමත් කිරීමට ඇති දැඩි කැපවීම, සමාගමේ වර්ධන ගමන් මාර්ගය මත ඇති විශ්වාසය සහ ප්‍රාග්ධන කළමනාකරණය සඳහා විනයගරුක හා හොඳින් සැලසුම් සහිත ප්‍රවේශයක් පිළිබිඹු කරනවා. එමෙන්ම එය වෙනස් වන නියාමන අපේක්ෂා සමග සමීපව ගැළපෙන බවත් පෙන්වනවා. ක්‍රමයෙන් ප්‍රකෘතිමත් වන ආර්ථිකයකය තුළ මෙවැනි ක්‍රියාදාම මගින් ආයෝජක විශ්වාසය යළි ගොඩනැගීමට සහ මූල්‍ය අංශයේ පුළුල් ගමන් චලනයට සහාය වීමේ තීරණාත්මක භූමිකාවක් නිර්මාණය වෙනවා.
වැලිබල් ෆිනෑන්ස් හි ඉදිරි කාර්යයන් මොනවද?
ශක්තිමත් ප්‍රාග්ධන පදනමක්, පුළුල් පාලන රාමුවක් සහ පැහැදිලි උපායමාර්ගික දැක්මකින් සමන්විත වැලිබල් ෆිනෑන්ස් ඊළඟ වර්ධන අදියරට ඇතුළු වීමට හොඳින් සූදානම්. සමාගම සේවා පිරිනැමීම් පුළුල් කිරීම, ඩිජිටල් හැකියාව වැඩිදියුණු කිරීම සහ වෙළෙඳපොළ පැවැත්ම ගැඹුරු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටිනවා. මෙයට අමතරව මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගනිමින්, වැලිබල් ෆිනෑන්ස් පාර්ශ්වකරුවන්ට තිරසාර විටිනාකමක් ලබාදීමට වගේම ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය අර්ථවත් දියුණුවක් උදෙසා කටයුතු කිරීමට කැපවී සිටිනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd