සීපා ගිවිසුම යනු ඉන්දියාව විසින් 2003 වසරේ සිට ශ‍්‍රී ලංකාව සමග අත්සන් කිරීමට උත්සාහ කරන විස්තීරණ ආර්ථික ගිවිසුමකි. එමගින් ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පහත සඳහන් අංශයන් නිදහස් කර ගැනීම ඉන්දියාවේ අභිලාෂයයි.
1. දෙරට අතර භාණ්ඩ අලෙවිය
2. දෙරට අතර සේවා අලෙවිය
3. එක් රටකට අනෙක් රටින් ආයෝජකයන්ගේ පැමිණීම
4. දෙරට අතර පුද්ගලයින්ගේ නිදහස් සංක‍්‍රමණ
ඉහත කී ඉතා සංකීර්ණ දෑ ඇතුළත් සීපා ගිවිසුම ගැන කීමට කලින් පහත දෑ ගැන විපරම් කළ යුතුය.
ආර්ථික ආක‍්‍රමණ මඟින් රටවල් අල්ලා ගැනීම.
නූතන ලෝකයේ යුධමය ආක‍්‍රමණ මඟින් රටවල් අල්ලා ගැනීම සිදුවන්නේ නැත. එසේ වුවද බලවත් රටවල් තම අධිරාජ්‍යයන් ගොඩනඟා ගැනීම ස`දහා පහසු වන සේ බටහිර රටවල් මූලිකත්වය ගෙන ඇති සංවිධාන හරහා නව නීති සම්පාදනය කර ගනිමින් ගිවිසුම් මගින් කුඩා සහ ආර්ථික වශයෙන් දුර්වල රටවල් ආර්ථික වශයෙන් ආක‍්‍රමණය කර එම රටවල ඇති සම්පත් සූරාගැනීමට හැකිවන ලෙස නීතිරීති සකසා ගෙන ඇත. එමඟින් ආර්ථික වශයෙන් තම පාලනයට නතු කරගන්නා වු කුඩා හෝ දුර්වල රටවල් තුළ එම බලගතු රටවලට අවනත රූකඩ රාජ්‍ය නායකයින් පත්කර ගැනීමට ක‍්‍රියාකිරීම නවීන ලෝකයේ සිදුවන ක‍්‍රියාදාමයයි. එවන් රූකඩ නායකයින් හට බලයේ සිටීමට නම් ඉහත ස`දහන් බලවත් රටවල ආර්ථික ශක්තිය අවශ්‍ය වන අතර එමගින් සුළු පිරිසකගේ සුභසාධනය ස`දහා කුඩා හෝ දුර්වල රටවල මහජනතාවට පීඩාකාරී තත්ත්වයන් යටතේ ජීවත් වීමට සිදු වේ. මෙම ආර්ථීක ආක‍්‍රමණයන්ගේ මුල් පියවර වනුයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් හා ආර්ථික සහයෝගීතා ගිවිසුම් වේ.
බොහෝවිට මෙම ගිවිසුම් ද්වීපාර්ශික වන අතර ඇතැම් විට එවා බහුපාර්ශවික වන අවස්ථාද ඇත. ඇමෙරිකාව මෙම ගිවිසුම් අත්සන් කිරීමේ පරිණතයින් වන අතර 1778 සිට 1819 දක්වා රතු ඉන්දියානුවන්ගෙන් මු`ඵ ඇමෙරිකාවම ගිවිසුම් මගින් ලියා ගන්නා තෙක් ගිවිසුම් සිය ගණනක් තමන්ගේ වාසියට අත්සන් කරගත් ඇමෙරිකාව මෙවැනි ආර්ථික ගිවිසුම් අත්සන් කිරීමේ ප‍්‍රමුඛයන් බවට පත්වී ඇත. මෑත කාලයේදී නොයෙකුත් ගිවිසුම් මඟින් ඇමරිකාව තම ආර්ථික අධිරාජ්‍යය පතුරුවා ගත් ආකාරය ඇමෙරිකානු ජාතික ජෝන් පර්කින්ස් විසින් ලියන ලද ආර්ථික ඝාතකයකුගේ පාපොච්චාරණය ඇමෙරිකානු අධිරාජ්‍යයේ රහස් ඉතිහාසය යන පොත්වල මනාව සඳහන් වෙයි.
මෙහිදී පළමුව සිදුවනුයේ ආර්ථිකමය වශයෙන් බලගතු රටවල් ඔවුන්ට නතු කරගත යුතු යැයි හැගෙන සම්පත් ඇති ස්වාධීන රාජ්‍යයන් අධ්‍යයනය කිරීම ස`දහා බලගතු රටවල දක්‍ෂ නිළධාරීන් හා වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායම් යෙදවීමයි. එම කණ්ඩායම් විසින් කරනු ලබන ඉතාමත් ගැඹුරු අධ්‍යයනයකින් පසුව එම කුඩා හෝ දුර්වල රාජ්‍යයේ පාලන තන්ත‍්‍රවල ඇති සියලූ අඩුපාඩු තුළින් රිංගා ගත හැකිවන ලෙස සූක්‍ෂමව ගිවිසුම් සකස් කරන අතර එම ගිවිසුම් පහසුවෙන් තේරුම්ගත නොහැකිවන සේ සංකීර්ණ කර ලොව ඇති නොයෙකුත් වෙළෙ`ද ගිවිසුම්වල කොන්දේසිද ඇතුලත් කෙරේ. එමඟින් මෙම ගිවිසුමේ කොන්දේසි වලින් බේරීයාමට කුඩා හෝ දුර්වල රාජ්‍යයට නොහැකි වන අතර ද්වීපාර්ශික බැවින් ඒ ගැන පැමිණිලි කිරීමටාම පවා ආයතනයක් නොමැති වනු ඇත. එසේ සකස් කරගන්නා ගිවිසුම තෝරාගත් රාජ්‍යයට ඉදිරිපත් කරනුයේ එම රටට ඇති ආදරය හා හිතවත්කම නිසා එම රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා ඉදිරිපත් කරන ආර්ථික සහයෝගිතා ගිවිසුමක් ලෙසයි. එයට සමගාමීව කුඩා හෝ දුර්වල රාජ්‍යයේ ඉහල නිලතල දරණ ඉත්තන් කිහිපදෙනෙකු මුදලට හෝ වෙනත් යම් වරප‍්‍රසාදවලට බිලීබා ගැනීමද සිදු වේ. ඉන් පසුව ඔවුන් බලගතු රටේ වන්දිභට්ටයින් බවට පත්වෙමින් යෝජනා කර ඇති ආර්ථික ගිවිසුම ලස්සන ආදර කථාවක් ලෙස වර්ණනා කරමින් තම රට ගලවා ගැනීමට ඇති එකම ක‍්‍රමය යෝජිත ගිවිසුම බවට දැඩි ප‍්‍රචාරයක් ගෙනයයි. මේ සඳහා බලගතු රටේ තානාපති කාර්යාලද ඉදිරිපත් වන අතර පුවත්පත් ආයතන පවා මෙම ගිවිසුම වර්ණනා කිරීමට යොදා ගැනීමට ඔවුන් පසුබට නොවේ. ඉන්පසු මෙම ගිවිසුම අත්සන් කිරීම එම රාජ්‍යයන් දෙක අතර නායකයන්ගේ රාජ්‍ය සංචාරයක් තුළ කලබලයෙන් කරගැනීමට බලපෑම් සිදුකරයි. එසේ අත්සන් කරන ලද ගිවිසුමෙන් අවසානයේදී කුඩා රාජ්‍යය බලගතු රාජ්‍යයේ ග‍්‍රහණයට හසුවු ආර්ථිකයක් ඇති රටක් බවට පත්කරයි.
ඉන්දියානු ආර්ථික අධිරාජ්‍යය සිහිනය සහ ඉන්දු ශ‍්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම.
ඉන්දියානුවන් විසින් ඉතා සූක්‍ෂම ලෙස ශ‍්‍රී ලංකාවේ ඇති දුර්වලකම් මනාව අධ්‍යයනය කර ඉන්දියාවට වාසි වන අයුරින් සකස් කළ ඉහත කී ශ‍්‍රී ලංකාවේ සිටි ඉන්දීය ඒජන්තවරු වැන්නන් ම`ගින් පුනපුනා අගයකරවන ලද එම නිදහස් වෙළඳ ගිවිසුම ශ‍්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව වෙත 1998 අගෝස්තු මස ඉදිරිපත් කරන ලදුව ඉතාමත් කලබලකාරී ලෙස මාස 4 ක් වැනි කෙටි කාලයකදී සාකච්ඡුා වට 4 ක් පමණක් අවසන් කර එවකට ශ‍්‍රී ලාංකීය ජනාධිපතිනියගේ ඉන්දීය සංචාරය තුළ දී 1998 දෙසැම්බර් මස අත්සන් තබන ලද අතර 2000 වසරේ ජනවාරි මාසයේ සිට එම ඉන්දු-ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක‍්‍රියාත්මක වී ඇත. මෙම ගිවිසුම මගින් භාණ්ඩ වෙළෙඳාම පමණක් ආවරණය වන අතර එමඟින් ශ‍්‍රී ලාංකීය අපනයනය වැඩිවී නැති අයුරු පහත ප‍්‍රස්තාරයෙන් දැක්වේ.
ඉහත ප‍්‍රස්තාරයේ දැක්වෙන පරිදි 2005 සිට 2014 දක්වා කාලය තුළ ශ‍්‍රී ලංකාවේ මුළු අපනයනය 70% කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇතත්, නිදහස් වෙළෙඳ ගිවිසුමක් සහිත ඉන්දියාවට අපනයනය කර ඇති මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කට පමණ සීමාවී අවුරුදු 10 ක් පුරාම එකතැන පල්වෙමින් පවතියි.
ඉහත කී ඇ.ඩො. මිලියන 500 ක පමණ අපනයනයද වැඩි වශයෙන් ඛණිජ තෙල් ආශ‍්‍රිත නිෂ්පාදන, සත්ව ආහාර, විදුලි රැහැන්, විදුලි උපකරණ, පරිප්පු සහ කව්පි ලෙස ශ‍්‍රී ලංකා අපනයන මණ්ඩලයේ දත්ත අනුව පෙනීයයි. මෙයද වැඩි වශයෙන් ඉන්දියානුවන් විසින්ම කරගෙනයාම ගිවිසුමේ අසාර්ථකභාව තවත් පැහැදිලි කරයි.
යෝජිත ඉන්දියානු සීපා ගිවිසුම.
ඉහත කරුණු අනුව ඉන්දියාව විසින් ලංකාව වෙත යෝජනා කර ඇති විස්තීරණ ආර්ථික ගිවිසුම ඉතාමත් සුපරික්‍ෂාකාරීව අධ්‍යයනය කළ යුතුව ඇත. ඉන්දියාව විසින් යෝජිත සීපා ගිවිසුම මගින් භාණ්ඩ වෙළඳාම, ආයෝජනය, සේවා හා දෙරට අතර පුද්ගලයන්ගේ නිදහස් සංක‍්‍රමණ යන කරුණු සියල්ල ආවරණය වන බැවින් මෙය ලංකාවට ඉතාමත් අවාසිදායක ගිවිසුමක් වේ.
ඉන්දියාවේ ජනගහනය මිලියන 1267 ක් වන අතර එය ශ‍්‍රී ලාංකීය ජනගහනය මෙන් 60 ගුණයකට වඩා වැඩිවේ. ඉන්දියාවේ ශ‍්‍රමබලකාය මිලියන 523 ක් වන අතර ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රමබලකාය මිලියන 8.5 ක් පමණි. ඉන්දියාවේ රැකියා විරහිත ප‍්‍රමාණය මිලියන 37 ක් වන අතර ශ‍්‍රී ලංකාවේ රැකියා විරහිත ප‍්‍රමාණය මිලියන 0.35 කි. එනම් ඉන්දියාවේ රැකියා විරහිත ප‍්‍රමාණය ශ‍්‍රී ලංකාවේ රැකියා විරහිත ප‍්‍රමාණයට වඩා සිය ගුණයකටත් වඩා වැඩිය. මෙවන් වාතාවරණයක් යටතේ සීපා වැනි ගිවිසුමක් අත්සන් කිරීම ශ‍්‍රී ලංකාවට වාසිදායක වනවා යැයි පවසන අයගේ සැබෑ අභිලාශයන් මොනවාදැයි තර්කානුකූලව අපට සිතිය හැකියි. සීපා ගිවිසුම යෝජනා කිරීමේදී ඉන්දියාවේ සැබෑ ඉලක්කය වනු ඇත්තේ ඔවුනගේ ආයෝජකයන් හා වෘත්තිකයන් තොග වශයෙන් ලංකාවට පටවා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියානු ග‍්‍රහණයට නතු කරගෙන එමගින් ඉන්දියාවට නැටවිය හැකි රූකඩ රාජ්‍යයක් පත් කරගැනීමට ආර්ථිකමය වශයෙන් විශාල බලපෑම් සිදු කිරීමයි. ඉන්දියාවේ මෙවැනි ප‍්‍රතිපත්ති අද නේපාලය සහ භූතානය වැනි රටවල් පත්වී ඇති අභාග්‍යසම්පන්න තත්ත්වය අනුව පැහැදිලිවම පෙනීයයි.
චීනයේ සහ ඉන්දියාවේ ආර්ථික වර්ධනය
වසර 2000 ට ලඟාවනවිට චීනය සහ ඉන්දියාව සම ආර්ථික ස්ථානවල පසු වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන දහසකට (ටි‍්‍රලියනයකට) ආසන්න ආර්ථික ශක්තියකින් යුතුවයි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2014 දත්තයන් අනුව චීන ආර්ථිකය ඇ.ඩො. ටි‍්‍රලියන 10 පසු කර ඇති අතර 2019 වන විට එය ඇ.ඩො. ටි‍්‍රලියන 16 ඉක්මවා යන බව සඳහන් කර ඇත. එය දැනට ඇමෙරිකාවේ ආර්ථිකය පවතින තත්ත්වයට ආසන්න වීමකි. එසේ වුවද ආසියාවේ බලවතා වීමට අප රට වැනි කුඩා රටවල් බිලිගැනීමට උත්සාහ කරන ඉන්දියාව මේ වනවිට ඔවුන්ගේ ආර්ථීකය වර්ධනය කරගෙන ඇත්තේ ඇ.ඩො. ටි‍්‍රලියන 2 කට පමණි. මේ අනුව අද චීනයේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය මෙන් 5 ගුණයකින් විශාල වී ඇත. ෂඵත් ආයතනයේ ගණන් බැලීමට අනුව 2019 වන විට ඉන්දියානු ආර්ථිකයට ලඟාවිය හැක්කේ ඇ.ඩො. ටි‍්‍රලියන 3 ක අගයකට පමණි. එය ඒ වනවිට චීනයේ ආර්ථිකයට වඩා ඇ.ඩො. ටි‍්‍රලියන 13 කින් පිටුපසින් සිටිනු ඇත. එබැවින් ඉන්දියාව හා චීනයේ ආර්ථික තරඟයෙන් සැබෑ ලෙසම ජයගැනීමට චීනය සමත් වී ඇති බව පැහැදිලිය.
චීනයෙන් ඉන්දියාවට ඇ.ඩො. බිලියන 20 ක ආධාර.
ආසියාවේ බලවතා සහ ලොව දෙවන ආර්ථික බලවතා වන චීනය පසුගිය දසවසර තුළ ශ‍්‍රී ලංකාවට මිත‍්‍රශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් ආයෝජන සිදු කර ඇත. එම චීන ආයෝජනය හමුවේ වියරු වැටුණු ඉන්දියාව අපට කෙනෙහිලිකම් කළද, සැබෑ සත්‍යය නම් තම රටට ආයෝජන ගෙනඑන ලෙස ඉන්දියාව විසින් චීන අගමැති සී ජින්ග්පින්ග් මහතාගේ 2014 සැප්තැම්බර් ඉන්දියානු සංචාරය තුළ දී ඉල්ලීම් කළ බවත්, දැනට චීනය ඉන්දියාවේ ප‍්‍රධානතම වෙළෙ`ද ගනුදෙනුකරුවා බවත්, දෙරට අතර වෙළෙඳාම ඇ.ඩො. බිලියන 66 ක් බවත්, ඉන් ඇ.ඩො. බිලියන 50 කට වැඩි ප‍්‍රමාණයක් චීනයෙන් ඉන්දියාවට කරන අපනයන බවත්, ඉන්ටනැෂනල් ට්‍රේඩ් නිව්ස් යන ආයතනයේ ප‍්‍රකාශනයක සඳහන් වේ. තවද ඉන්දියානු අගමැතිවරයාගේ ඉල්ලීම මත චීනය විසින් ඉදිරි වසර 5 තුළදී ඇ.ඩො. බිලියන 20 ක ආයෝජන ඉන්දියාව තුළ සිදු කිරීමට එකගවී ඇති බවත්, සඳහන් වේ. කරුණු එසේ බැවින් චීනය විසින් ශ‍්‍රී ලංකාවේ සිදු කරන ඇ.ඩො. බිලියන 2 ක පමණ ආයෝජන මගින් ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක් වන බව පැවසීම හුදෙක් ඉන්දියානු ආත්මාර්ථකාමී කතාවක් බව පැහැදිලිය.
අප තෝරාගත යුත්තේ ඉන්දියානු සීපා ගිවිසුමද? චීන ආයෝජනද?
ඉන්දියාවට ගැති නොවන ස්වාධීන රාජ්‍යයක් ලෙස තවදුරටත් පැවතීමට නම් ශ‍්‍රී ලංකාව කෙසේවත් ක්‍ෑඡු් වැනි ගිවිසුම්වලට අත්සන් තැබිය යුතු නැත. පසුගිය වකවානුවේදී චීනය විසින් ශ‍්‍රී ලංකාවට මිත‍්‍රශීලි ලෙස ආයෝජන ලබාදී ඇති අතර ඉන්දියාව අනුගමනය කර ඇත්තේ මිත‍්‍රශීලී නොවන ක‍්‍රියාපටිපාටියකි.
තත්ත්වය මෙසේ බැවින් ශ‍්‍රී ලංකාවට තර්ජනය කරමින් සහ අනිසි බලපෑම් කරමින් ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාවට ලබාදෙනවා යැයි කියන ආයෝජන, අපට සෘජුවම ආයෝජන ලබාදෙන චීනයෙන්ම ඉන්දියාව ණයට ලබාගන්නා මුදල් විය හැකිය. එබැවින් අප ආයෝජන ලබාගතයුත්තේ මුදල් තිබෙන චීනයෙන්ද නැතහොත් චීනයට ණය ගැති ඉන්දියාවෙන්ද යන්න තෝරා ගැනීම ශ‍්‍රී ලංකාවේ පාලකයින්ගේ වගකීමකි. ඉන්දියාවෙන් එවැනි ආධාර ලබාගැනීමේදී ඉන්දියාවේ අනිසි බලපෑම්වලට අවනත වීමටද ශ‍්‍රී ලංකාවට සිදුවන බව අප තරයේ මතක තබාගතයුතු කරුණකි.
එබැවින් අද දිනයේ ප‍්‍රබලම අවශ්‍යතාවය වනුයේ සීපා වැනි ගිවිසුම් අත්සන් කිරීම නොව ආයෝජනය කිරීමට මුදල් ඇති චීනය සමඟ සමීපව වැඩකිරීමට ඇති අවශ්‍යතාව සහ අපගේ අයිතිය ඉන්දියාවට පැහැදිලි කර දී චීන ආයෝජන මගින් ශ‍්‍රී ලංකාව දියුණු කර ගැනීමයි.
2005 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළදී ශ‍්‍රී ලාංකීය ව්‍යවසායකයින්ගේ කරුණු පැහැදිලි කිරීම මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සීපා ගිවිසුම අත්සන් කිරීමෙන් වැළකී සිටි අතර වත්මන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාද ඔහුගේ ධුර කාලය පටන්ගත් විගසම ශ‍්‍රී ලාංකීය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලය හමුවූ අවස්ථාවේ සීපා ගිවිසුම හෝ ශ‍්‍රී ලංකාවට අහිතකර එවැනි වෙනත් ගිවිසුම් කිසිවක් අත්සන් නොකරන බවට සහතිකවී තිබීම රටේ වාසනාවකි. මේ වනවිටත් ඉන්දියානුවන් සතු කර්මාන්ත සහ ව්‍යාපාර විශාල ප‍්‍රමාණයක් ලංකාවේ ඇති අතර ඒවායෙන් අධික ලෙස වාසි ලබාගනුයේ ඉන්දියාවයි. අප ඇත්ත වශයෙන්ම කළයුතු වනුයේ ඉහත කී ඉන්දියානු ආයෝජන මගින් ඔවුන් පොරොන්දු වු දේ ඉෂ්ට කර ඇද්ද යන්න පිළිබ`දව මනා අධ්‍යයනයක් සිදුකිරීමයි. ඒ මන්දයත් ලොව සිදුවන තවත් ආර්ථික ප‍්‍රහාරයක් නම් සංවර්ධන ව්‍යාපෘතීන් සහ සංවර්ධනයට ඇති ඉඩකඩම් ලබාගෙන ඒවා දිර්ඝ කාලීනව සංවර්ධනය නොකර තබාගෙන තවත් රටක සංවර්ධනය අඩපණ කිරීමයි. මෙම ක‍්‍රියාවලිය ශ‍්‍රී ලංකාව තුළද සිදුවන්නේදැයි සොයා බැලීම රටට ආදරය කරන සියළු දේශපාලඥයන්ගේ යුතුකමක් වනු ඇත. ශ‍්‍රී ලාංකිකයන් විසින් ලබාගෙන ඇති යම් යම් ව්‍යාපෘති සඳහා විශාල ලෙස පරික්‍ෂණ පවත්වා දඩුවම් කළද ඉන්දියානුවන් සතු ව්‍යාපාර මගින් රටට හානිවී ඇති සිද්ධීන් එකකටවත් පරීක්‍ෂණ පවත්වා හෝ දඩුවම් කර ඇති බව අප කොතැනකවත් දැක නැත.
රටක තරුණ පරපුරේ වගකීම
ඉහත සඳහන් ලෙස යෝජිත ගිවිසුම් මගින් රටක අනාගතය පත්විය හැකි අවදානම් තත්ත්වයන් ගැන විශේෂයෙන්ම තරුණ පරපුර දැනුවත් විය යුතු අතර ඔවුන්ගේ ජනප‍්‍රිය සමාජ වෙබ් අඩවි මගින් අදහස් සාකච්ඡා කළ යුතුය. ඒ මන්ද යත් දෙරටක් අතර විශේෂයෙන්ම විශාල රටක් සමග අත්සන් කරනා ගිවිසුම් නැවත හැරවිය නොහැකි ගිවිසුම් වන බැවින් ඒවායෙන් අත්වන අනිටු ඵල විපාක විඳින්නට සිදු වනුයේ තරුණ පරම්පරාවට සහ ඔවුන්ගේ දූ දරුවන්ට වන බැවිනි. එබැවින් සීපා ගිවිසුම ගැන අධ්‍යයනය කර එයට විරුද්ධ වීම තරුණ පරපුරේ අයිතියක් සහ වගකීමක් වන බව ඔවුන් ඉතා තදින් අවබෝධ කරගත යුතුය.
සීපා ගිවිසුමේ ඇති අවදානම පිළිබඳ වැඩි විස්තර පහත වෙබ් අඩවි මාර්ගයෙන් දැනුවත් විය හැක.
www.nocepa.com හා www.cepaepa.com


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසියට කියවල බැලුවත් තේරෙනවා රටට වින කරන ගිවිසුමක් කියලා (බ)
හිතවත් සමන්ත, ඉන්දියාව සහ ඉන්දියානුවන් සත පහකට විස්වාස කල නොහැකිබව පසුගිය කාලය පුරාම අත් විඳිමු. චීනයේ අයෝජන සහ ඉන්දියාවේ හොඳ හිත ශ්‍රි ලංකාවේ දියුණුව සඳහා වඩා වැදගත් වන බව මගේ අදහසයි. (ර)
මම නම් හිතන්නේ චිනේ එක්ක එකතුවෙලා කරගන ගිය වැඩ ටිකවත් ඉවර කර ගත්ත නම් හොදයි කියල. නැත්නම් එයාලගේ ගිවිසුම් වල හැටියට වන්දී ගේවන්න වෙන්නේ අනාගත පරපුරටයි. (බ)
මම නම් හිතන්නේ චිනේ එක්ක එකතුවෙලා කරගන ගිය වැඩ ටිකවත් ඉවර කර ගත්ත නම් හොඳයි කියල. නැත්නම් එයාලගේ ගිවිසුම් වල හැටියට වන්දි ගෙවන්න වෙන්නේ අනාගත පරපුරටයි. (ස)
හොඳ ලිපියක් (නි)
මෙම ලිපියෙන් විග්‍රහ කරන්නේ පැහැදිලි කරලා තියෙන්නේ ඇත්ත. පහුගිය අවුරුදු දහය තුල පොතක් පත්තරයක් වත් කියවපු නැති සමහරුන්ට එක පක්ෂග්‍රාහී කියල හිතෙන්නේ නොදැනුවත්කම නිසා. කෙටියෙන් ම චීනයෙන් ලංකාවට ලැබෙන්නේ ආයෝජන. එක ඒගොල්ලන්ගේ යුරෝපයට සහ මැදපෙරදිග තියන වෙළඳ මාර්ග ශක්තිමත් කරන්න. ඉන්දියාවේ ගැටලුව ඒගොල්ලන්ගේ වෙළඳපොල. ඉන්දියාවේ කාර්මික නිෂ්පාදන විකුනන්න තියන එකම වෙළඳපොල සාක් කලාපයේ රට වලට පමණි. එතනින් එහා එයාලට පිළිගැනීමක් නැහැ. එක නිසා ලංකාවේ අන්තිම ඩොලරය හූරගෙන කන්න හදන්නේ. තවත් ඩොලර් බිලියන තුනක මත්සය සම්පතක උතුරු මුහුදට හොරෙන් පැනල අරගෙන යන රටක් ඉන්දියාව කියන්නේ. (ර)
මෙම ලිපිය ඉතාමත් පක්ෂග්‍රහයි. ඉදිරිපත් කල ආනයන/අපනයන ප්‍රස්ථාරය චීනයට අදාලව විග්‍රහ නොකරන්නේ මන්ද ? චීනයට මුදලට වඩා අපෙන් ලැබෙන ප්‍රතිලාබ ගැන කතානොකරන්නේ මන්ද ? කොයි රටද ප්‍රතිලාබ නොලබා උදව් කරන්නේ. මෙවැනි දේවල් මීට වැඩිය පුළුල්ව සාකච්චා කලයුතු කරුණු වේ. හොඳම දේ නොබැඳි ප්‍රතිපත්තියයි (අ)
අපිට හිඟන්නෝ වැඩක් නෙහැ , අපිට ඕනේ සල්ලි යහමින් තිබෙන යාළුවො , අපේ අතේ සල්ලි නැතිනම් යාලුවගෙන් හරි ඉල්ලන් කන්න පුළුවන් , ණයක් ගන්න පුළුවන් , අඩුම ගානේ සල්ලි තියෙන යාළුවගේ කුස්සියේ ඉඳුල් හරි කන්න පුළුවන් (ස)
හදිසියට කියවල බෙලුවත් තේරෙනවා කොයි වගේ ගිවිසුමක් ද කියලා. (ර)
හිතවත් සමන්ත, චීනයේ අයෝජන සහ ඉන්දියාවේ හොඳ හිත ශ්‍රි ලංකාවේ දියුණුව සඳහා වඩා වැදගත් වන බව මගේ අදහසයි(දිල්)
නැවත වරක් මම කියන්නේ මෙම විග්‍රහය දුර්වල එකක් සහ පක්ෂග්‍රාහී එකක් කියලයි. (ම).
ප්‍රදීප් වගේ අයගේ මොලේ වැඩ කරනවද කියන එක ප්‍රශ්නයක්. ඉන්දියන් කාරයකියන්නේ කුහකත්වයෙන් පිරි අනෙකාගේ දියුණුවට වෛරකරන ජාතියක්, එහෙව් ජාතියකින් අපිට සෙතක් නැහැ. උන් ලංකාවට අවොත් ලංකාවම සුරාකාල අපේ ආර්ථිකය නැවත නැගිට්ටවන්න බැරි විදියටම විනාශ කරයි. ඒක හෙට ඉර පායනවා හා සමානවම ඉස්ථිරයි. මෙවැනි ගිවිසුමකින් මුන්ව ලංකරගන්නවා කියන්නේ අපි අපේ වල කපා ගැනීමක්.
ප්‍රදීප් වගේ අයගේ මොලේ වැඩ කරනවද කියන එක ප්‍රශ්නයක්. ඉන්දියන් කාරය කියන්නේ කුහකත්වයෙන් පිරි අනෙකාගේ දියුණුවට වෛරකරන ජාතියක්, එහෙව් ජාතියකින් අපිට සෙතක් නැහැ. උන් ලංකාවට අවොත් ලංකාවම සුරාකාල අපේ ආර්ථිකය නැවත නැගිට්ටවන්න බැරි විදියටම විනාශ කරයි. ඒක හෙට ඉර පායනවා හා සමානවම ඉස්ථිරයි. මෙවැනි ගිවිසුමකින් මුන්ව ලංකරගන්නවා කියන්නේ අපි අපේ වල කපා ගැනීමක්. (ස)
අපේ රටේ නායකයෝ බුද්ධිමත්ව තීරණ ගතයුතුයි (නි)
අපිට ඕනේ අපිට නිකන් හරි ණයට හරි කරදරයක් නැතුව සල්ලි දෙන රටවල් , අපිට කාල බීලා සන්තෝස වෙලා ඉන්න තිබුනම ඇති , රට යකාට ගියදෙන් , අපිට අද කාල ඉන්න දෙන්න , හෙටක් ඕනේ නේ (බ)
අපිට ඕනේ අපිට නිකන් හරි ණයට හරි කරදරයක් නැතුව සල්ලි දෙන රටවල් , අපිට කාල බීලා සන්තෝස වෙලා ඉන්න තිබුනම ඇති , රට යකාට ගියදෙන් , අපිට අද කාල ඉන්න දෙන්න , හෙටක් ඕනේ නෑ. (ස)
සමාවෙන්න, වැරදීමක් , යුද්ධය අවසන්කරන්න පතොරොමක්වත් දුන්නේ චීනය සහ පාකිස්තානය විතරයි. තව ගොඩක් දේවල් ලීවා. ඒවා දාන්නේ නැහැනේ. (ස)
සීපා ආවොතින් ලංකාව ඉවරයි. (නි)
ඉන්දියාව කියන්නේ ඉන්දියාව (බ)
ලීලා මහතා ලියා තිබුනා බොහොම නිවැරදි විදිහට ඉන්දියාව එක උණ්ඩයක් දුන්නේ නැ යුද්දේ ඉවර කරන්න , නො දුන්න විතරක් නොවේ , හැමවිටම යුද්දය නවතා බෙදුම් වාදීන්ට උදව් කරන්න හැදුවා , මේ අතීතය අමතක අයත් එක්ක වාද කරලා වැඩක් නැ . මේ සීපා ගිවිසුම ලංකාවට කොච්චර අවාසි ද කියලා අලුතෙන් කියන්න ඕනේ , මොලේ අබමල් රේණුවක් වත් තියෙන කෙනකුට තේරෙනවා . මට මතකයි ගිය ආණ්ඩුව කාලේ ජවිපෙ ඇතුළු ගොඩාක් සංවිධාන මිට විරුද්දව විශාල ජන මතයක් ගෙන ගියා , අද ඒ අයමේ ආණ්ඩුවේ සහකාර්යෝ වෙලා , සද්ද නැතිව ඉන්නවා , මේකද මෙයාලගේ දේශපාලනය ? මොනතරම් පටු විදිහටද මෙයාල වැඩ කරන්නේ . චීනය ලෝකේ කිසිම රට අබ්යන්තර දේශපාලනයට අත් පොවන්නේ නැ , විශේෂයෙන් ලංකාවට , නමුත් ඉන්දියාව අද මොකද කරන්නේ ? දැන් යාපනේ ගුවන් තොටුපොළක හදන්න යනවා , මේ තමයි දිගු ගමනක ආරම්බය් . දැන් අපේ අය කියයි හම්බන්තොට හැදුවා නම් ඇයි යාපනේ නරක කියලා , එයා ල අපේ අය නොවේද කියලා . ඔව් හම්බන්තොට ගුවන් තොටුපොල හදපු එක වැරදියි , ඒ වගේම වරාය ත් අසාර්ථකයි , අපි ඇත්ත කියන්න ඕනේ මොන දේශපාලන මතයක් දරුවත් , නමුත් හම්බන්තොට වගේ නොවේ යාපනේ ගුවන් තොටුපොල හැදුවොත් . සීප හරහා , ඉන්දියාවේ ඇති සියලුම දේවල් අවි ආයුධ පවා ලංකාවට එවි කොළඹට හොරෙන් . එකත් කමක් නැ කියමු . මේ යන්නේ වෙනම රාජයකට අවශ්‍ය මුලික පහසු කම් වලට පිය වර තැබීමයි .(බ)
ඔය මද්දුම රාජපක්ෂ කළේ චීනෙට හේත්තු වෙලා හොදට ඉන්දියානු විරෝෙධය මතු කරපු එක (බ)
සමහර ප්‍රතිචාර දැක්කහම පුදුම කණගාටුවක් තියෙන්නේ.මෙතනත් සමහරු පාට කණ්ණාඩි දාගෙන කතා කරනවා. මේ මිනිසුන්ට ඇයි බැරි අද මේ රට යන දිශානතිය තේරුම් ගන්න? මේවා තේරුම් ගන්න සරසවි උපාධි අවශ්‍ය නැහැ. මේ වැදගත් ලිපිය සමබරව පළකිරීම ගැන ලංකාදීපයට තුති! (නි)
යම් රටක් සමග ගිවිසුමක් ඇතිකර ගන්නාවිට එය රටවල් දෙකටම සමාන ප්‍රතිලාබ ලබාදිය යුතුය කියා කොන්දේසියක් ඇතුළත් කරන්න බැරි නම් ඊට අත්සන් නොකළ යුතුය. (නි)
අන්න කොල්ලනේ බුද්ධිමත් වැඩ (නි)
සීපා කියන්නේ ඇත්තටම උගුලක්ද? (බ)
බටහිර සංස්කෘතිය (බ)
යුද්ධය අවසන්කරන්න පතොරොමක්වත් දුන්නේ චීනය සහ පාකිස්තානය විතරයි. (නි)
සීපා ආවොතින් ලංකාව ඉවරයි..ඒක තේරුම් ගන්න බැරිනම් උගෙන් වැඩක් නැත. (ම)
අපි බලන්න ඕන අනාගතයේදී අපි උදව් ලබන රට කුමන ආර්ථික දිශාවකටද කියල ඉන් රටේ ආර්ථිකය කුමක්ද චීන රටේ ආර්ථිකය කුමන දිශාවකටද යන්නේ කියල ඉහත ලිපියේ තිබෙන තොරතුරු අනුව අපිට අසල වැසි ඉන් රතික්ෂේප කරන්න වෙනවා මොකද යත් ඊට වඩා වැඩි ආර්ථික ශක්තියක් චීන වලට තිබෙන නිසා . මොකද අර්තිකයි යාලු කමි පහේදිලිව 2 ක් නේ .එක නිසා ඉන් කැප කරලා අපේ දියුණුව උදෙසා චීන සමග ගිවසුම් ඇතිකර ගනිම අපේ ආර්ථිකේ වර්දනයට බෙහෙවින් උපකාරී වනු නොඅනුමනෛ තාක්ෂනය ඉතා දිඋනු ආර්ථික බලවතෙක් සමග ගනු දෙනු කිරීම මම හිතන්නේ නොදිඋනු සමාජයක සිටින මිනිසුන් සමග කරන කාර්ය වලට වඩා වැසි සහගත දෙයක් වේ කියල (බ)
සල්ලි දෙවියන්ගේ මල්ලි කියනවලු. (නි)
ගමේ සනස බැංකුවට වඩා කුඩු මුදලාලි පෝසත් නිසා එයාගෙන් ණය ගන්න කියනවා වගේ මෝඩ කතාවක්. ණය ගන්න ඕනෙ රට උගස් නොවෙන තැන්වලින්. චීනෙ ණයදීලා රට උගසට සින්න කරගන්න ජාතියෙ රටක් කියල ලෝකයම දන්නවා. අප්‍රිකාව ශීඝ්‍රයෙන් චීනෙට උකස් වෙමින් පවතින්නෙ දූෂිත පාලකයෝ නිසා. (නදී)
ගමේ සනස බැංකුවට වඩා කුඩු මුදලාලි පෝසත් නිසා එයාගෙන් ණය ගන්න කියනවා වගේ මෝඩ කතාවක්..ණය ගන්න ඕනෙ රට උගස් නොවෙන තැන්වලින්. චීනෙ ණයදීලා රට උගසට සින්න කරගන්න ජාතියෙ රටක් කියල ලෝකයම දන්නවා. අප්‍රිකාව ශීඝ්‍රයෙන් චීනෙට උකස් වෙමින් පවතින්නෙ දූෂිත පාලකයෝ නිසා. (අ)
ගමේ සනස බැංකුවට වඩා කුඩු මුදලාලි පෝසත් නිසා එයාගෙන ණය ගන්න කියනවා වගේ මෝඩ කතාවක්..ණය ගන්න ඕනෙ රට උගස් නොවෙන තැන්වලින්. චීනෙ ණයදීලා රට උගසට සින්න කරගන්න ජාතියෙ රටක් කියල ලෝකයම දන්නවා. අප්‍රිකාව ශීඝ්‍රයෙන චීනෙට උකස් වෙමින් පවතින්නෙ දූෂිත පාලකයෝ නිසා. (අ)
ගමේ බැංකුවට වඩා කුඩු මුදලාලි පෝසත් නිසා එයාගෙන ණය ගන්න කියනවා වගේ මෝඩ කතාවක්..ණය ගන්න ඕනෙ රට උගස් නොවෙන තැන්වලින්. චීනෙ ණයදීලා රට උගසට සින්න කරගන්න ජාතියෙ රටක් කියල ලෝකයම දන්නවා. අප්‍රිකාව ශීඝ්‍රයෙන චීනෙට උකස් වෙමින් පවතින්නෙ දූෂිත පාලකයෝ නිසා. (ස)
හොඳට හිතලා අතීතය ගැන බුද්ධියෙන් බැලුවොත් ඉන්දියාව කවදාවත් අවංකව අපට උදව්කර නොමැත (නි)
ක්‍රිෂාන්ත දන්නේ මොනවාද? (නි)
අපට අවශ්‍ය ඔය රටවල් දෙකම නෙමෙයි. අපි ණයට අරගෙන කකා ඉන්න හිතාගෙන ඉන්නවා නම් චීනය තමයි හොඳ. මැදපෙරදිග රටවලට වෙලා තියෙනවා වගේ රටේ තිබෙන සියලුම ව්‍යාපාර වලට හොරමැරකම් වංචාව පුරුදුකරලා ඉන්දියන් අය අපේ රට අරක්ගන්නවා බලන්න ඕනෑ නම් ඉන්දියාව හොඳයි. නමුත් අපි අපේ පුරවැසියන් උගත් වැඩි මුදල් උපයන ශ්‍රමිකයන් විදියට වැඩි පඩි ගෙවන රටවල රැකියා වලට යවලා, එහෙමත් නැත්නම්, එම රටවල්වල ව්‍යාපාර වල ශාකා අපේ රටේ ඇතිකරලා ජනතාවට වැඩි පඩි සහිත රැකියා අවස්ථා ලබා දීලා, අපේ රටේ අඩු වැටුප් සහ මුදලේ අගයේ වාසිය ප්‍රයෝජනයට අරගෙන අඩු මුදලට භාණ්ඩ සහ සේවාවන් සපයා රටෙත් ජනතාවගේත් ජිවන මට්ටම සහ සංවර්ධනය නැංවීමට අවශ්‍ය නම් අප ළංවිය යුත්තේ තම මුදල් වල අගය වැඩි රටවලටයි. ඒ නිසා ඉන්දියාව සහ චීනය යනු අප විසින් විදේශ මුදල් උපයා ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන වැඩපිළිවෙලේම සිටින තරඟකරුවන් පිරිසක්. (නි)
ඉන්දියාව ලංකාවේ නිෂ්පාදන කඩාකප්පල් කර ඉන්දියන් ජරාව ගෙනල්ලා. තේ නිෂ්පාදනය බංකොලොත් කළා, ඉන්දියන් සමාගම් හරහා තේ වතු මිලදීගෙන. කැළණි ටයර් සමාගම සහමුලින්ම ඉන්දියන් කළා. කලක් සුව පහසුව තිබුණු ලංකාවේ ජපන් බස් දුරගමන් සේවාව විනාශ කර ඉන්දියන් බස් දැම්මා. පාරවල් විනාශ කළා ත්‍රීරෝද ගෙනල්ලා. සංස්කෘතිය මනස වීනාශකළා ඉන්දියන් රුපවාහිනී නාට්‍ය ගෙනල්ලා. (නි)
සීපා ගිවිසුම අත්සන් නොකළ යුතුයි.ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා අපේ අනාගත පරපුරට අයහපත් ලෙස බලපාන බව නම් පැහැදිලියි. අනාගතයෙදි අපේ අයට රැකියාවක්වත් සොයාගන්න අපහසුවේවි. (නි)
ලොකු විග්‍රහයන් ඕනෑ නැහැ. යුද්ධය අවසන්කරන්න පතොරොමක්වත් දුන්නේ ඉන්දියාව සහ පාකිස්තානය විතරයි. (නි)
ඉන්දියාව ළංකර ගත්තොත් වෙන්නේ රාජසිංහ රජතුමාට වුණ දේ තමයි. රටේ පාලකයන්ට දැන් කිසිදෙයක් මතක නැහැ වගේ. චීනය අපේ රටට ගොඩක් උපකාර කරන රටක්.ඉන්දියාව වගේ ඊර්ෂ්‍යාකාරයෙක් නොවේ. (නි)
රටට ආදරය කරන කිසිවෙක් මෙම ගිවිසුමට අත්සන් නොකරනු ඇත. ඇත්තටම මෙම ගිවිසුම අත්සන් නොකළ යුතුමය.දැනටමත් ඉන්දියානුවන් සංචාරක වීසා ලබාගෙන විවිධ තැන් වල රහසේ නොයෙක් ව්‍යාපාර සහ රැකියා කරමින්ද සිටියි.ඔවුන් මත් පුවක් පැකට්,මත් දුම්කොල, මත් කුඩු යෙදු බුලත්ද නිතරම මුව තුළ රඳවා හපමින් සිටියි.දැකීමටත් අප්‍රසන්න මෙවන් දෑ වලින් අපි ඈත්විය යුතුය.අප රටේ බුලත්විට හැපීමේ පුරුද්ද ක්‍රමයෙන් ඈත්වීමෙන් පවතින කාලයක රැකියාවට ඉන්දියානුවන් කෙසේවත් ගෙන්වා නොගන්න.අපි අපේ බාල පරපුර ආරක්ෂා කර ගතයුතුව ඇත.අපේ රට දකුණු ආසියාවේ ඇති පිරිසිදු සහ අගය කළයුතු සිරිත් විරිත් ඇති රටක් බව සිත්හි තබාගත යුතුව ඇත.එකී රටේ අති බහුතරය සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම ගැන තකන්නේවත් නැත. (නි)
ලුම්බිණි, ඔයා කොහෙන්ද ආර්ථිකය ඉගෙනගත්තේ? හිතුවද විද්වතෙක් කියලා (නි)
වයඹ පළාත රටේ ආර්ථිකයට 30% මුදල් සැපයීමක් සපයනවා නම් (පොල් ගස වෙනුවෙන්) ඒ 30% ක අපනයනය චිනය විසින් මිලදීගනු ලැබේ. වර්තමානයේදී එය 0% තෙක් පහත බැස පවතී.ගෝලීය ආර්ථික ප්‍රවණතාවය අනුව චීනය මෙතෙක් අපෙන් මිලදීගත් දේ ඉන්දියාව අපෙන් මිලදී නොගනී.එහෙත් අපෙන් ගත් දේ චිනය විසින් ඉන්දියාවෙන් මිලදී ගනු ලැබේ.රටේ පාලකයිනි,මේ දේ හිතාබලන්න.ඉන්දියාව නිසා චීනය තරහකරගත්තත් අපගේ නිෂ්පාදන චීනය විසින් ඉන්දියාවෙන් මිලදී ගනු ලැබේ. (නි)
මෙය ඉතා ගැඹුරින් විග්‍රහකර අවබෝධ කරගතයුතු සංකීර්ණ ජාත්‍යන්තර තලයේ රාජ්‍යතාන්ත්‍රික මාතෘකාවක්. සල්ලි තිබුන පමණින් මිත්‍රකම් ඇතිකර ගැනීම ඉතාම භයානක වියහැකිය චීනය ඉතාම භයංකර මිතුරෙකුද වියහැකියි. හොඳම උදාහරණය මියන්මාරයේ අතීතය හොඳින් කියවා තේරුම්ගන්න. චීනයට ආවඩන අයට එය ලංකාවේ අනාගතය බවට පත්විය හැකි බවට අනතුරු ඇඟවීම පමණක් කරමි. (නි)
කවුරු කවුරුත් මේ ලිපිය කියවලා අන් අයවත් දැනුවත් කරන්න (නි)
ලුම්බිණි ඔයාගේ මොළෙත් දුර්වල එකක් (බ)
මෙම විග්‍රහය දුර්වල එකක්. (ම)
රටට ආදරේ නම් අපි බලන්න ඕනේ රටේ දියුණුව නේද. අපි යන්න ඕනේ චීන යෝජනා සමග කියල තේරෙන්න කාලේ ඇවිල්ල. (ම)
සීපා අපිට එපා (ම)
නූතන ඉන්දියානු ව්‍යාප්තවාදය (බ)
අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)
කිසිම රටක් තමාට අවාසිවන ගිවිසුම් ගහන්නේ නැහැ. මතු අනාගතය බලලයි ගිවිසුම් වලට යන්නේ. අපි නිෂ්පාදනය නොකර ආනයනය කිරීමයි කරන්නේ. (නි)
ක්‍රිශාන්ත, මැරිලා ඉපදිලාද ? යුද්දෙට එක පතුරෝමක් ඉන්දියාවෙන් දුන්නේ නැහැ.(අ)
ක්‍රිශාන්ත, මැරිලා ඉපදිලාද ? යුද්දෙට එක පතුරෝමක් ඉන්දියාවෙන් දුන්නේ නැහැ..(අ)
මේක තමයි සරල ඇත්ත . පොඩි උදාහරණයක් කියන්නම් මෙයාලගේ හුරා කෑම ගැන. 1990 ගණන් වල ඇඟලුම් ක්ෂේත්‍රයේ ලංකාව හිටියේ හුඟක් උඩින් සහ හුඟක් මිලට ගන්නා කාර්යාල මෙහෙයුනේ ලංකාව මුලික කරගෙන. ඒකාලේ අඩු වැටුප් වලට ඉන්දීය අය අාවේ ඇත්තටම ලොකු අරමුණු ඇතුව. 2000,2002 විතර වෙනකොට ලංකාවේ ඇඟලුම් ව්‍යාපාරයත් අරගෙනම උන් ටික අපහු ගියා. දැන් අපි ලඟ තිබුන ව්‍යාපාරය මංකොල්ලකාගෙන ගිහින් දැන් අපටම විකුනනවා. මේවා ගැන හිතන , රට ගැන හිතන දේශපාලනයක් රටට අත්‍යවශයි. (ස)
විමල්, ඔයාගේ කතාව හරි. ඉන්දියන් කාරයෝ කැළණි ටයර් සමාගමට, වෙස්කෝ බස් එකලස් කරන සමාගමට, ඩිමෝ බස් එකලස් කරන සමගට, කලෙත් ඔය ටිකම තමා. (ස)
යහපලානේ ඉන්න අයට මේවා තේරෙන්නෑ (බ)
යහපලානේ ඉන්න මොදින්ට මේවා තේරෙන්නැහැ (අ)
යහපලානේ ඉන්න මොදින්ට නොතේරේ (අ)
යහපලානේ ඉන්න මෝඩයින්ට මේවා තේරෙන්නේ නැහැ. (ස)
විමල්ගේ මොලේ හොද නෑ වගේ. වෙස්ගෝ එකලස් කරන්නේ ඉන්දියාවෙන් ගෙනා බස් කොටස් නේ. ඩිමෝ බස් වුනත් එකලස් කරන්නේ ඉන්දියාවෙන් කොටස් ගෙනල්ල. ඉතින් ඉන්දියන් කාරයෝගේ කෑලි ගෙනල්ල හදන එකේ ඉතින් උපදේශක ඉන්දියන් කාරයෝ ඉන්නවා තමයි. (ස)
අපේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ මේක නිසා , නිදහස් වෙළද ගිවිසුමක් කියන්නේ අපේ දේවල් උන්න්ටත් විකුණන්න පුළුවන්නේ. බිලියනයක් ඉන්නවා. අපේ රටේ ජනගහනය වගේ සල්ලි කාරයෝ ඉන්න රටක් . කැනඩාවවත් ඉන්දියන් උන්ට ඔන් අරයිවල් විසා දෙන්න ගත්තා . කෝ අපේ රටට එකම හොඳ කොම්පැනියක් වත් එනවද? නෑනේ ..අපේ නොහැකියාවයි ඔය මෝඩ අදහසයි තියෙනකන් මේ රට මෙහෙමම තමයි (බ)
අපේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ මේක නිසා . (අ)
අපේ අය ඉන්දියාවේ කොහෙද වැඩට යන්නේ? (ත)
ප්‍රදීප් කියන්න බලන්න අපි ඉන්දියාවට මොනවද විකුණන්නේ කියලා. (ත)
අපි මේ කවුරුත් නැතුව ස්වාධීනව නැඟීසිටිමු (නි)