IMG-LOGO

NDB බැංකුව රන් ණය විසඳුම් සමගින් මූල්‍ය නම්‍යතාව ශක්තිමත් කරයි

ශ‍්‍රී ලංකාව ආර්ථික වෙනස්කම් රැසකට මුහුණ දෙන විට, NDB බැංකුව විශ්වාසදායක රන් ණය පහසුකම් සේවාව හරහා වගකිවයුතු මූල්‍ය සහකරුවකු ලෙස තම භූමිකාව අඛණ්ඩව පවත්වාගෙන යයි.
ශ‍්‍රී ලාංකිකයන් සඳහා රන් භාණ්ඩ වඩාත් විශ්වාසදායක පෞද්ගලික වත්කම්වලින් එකක් ලෙස පවතින අතර, හදිසි මුදල් අවශ්‍යතාවකදී එය ඔවුන්ගේ ප‍්‍රමුඛතම මූල්‍ය විසඳුම් ලෙස භාවිත වෙයි. මූල්‍ය දුෂ්කරතාව ඕනෑම කෙනකුට බලපෑ හැකි බවට ඇති අවබෝධය මත NDB බැංකුවේ රන් ණය සේවාව ගොඩනගා ඇති අතර, එම මූල්‍ය විසඳුම නිරන්තරව, ආරක්ෂාව සහ නම්‍යශීලී බව සමඟ පැමිණිය යුතුය. 
 සුවිශේෂී විශේෂාංගයක් ලෙස, සියයට 0.88 ක වෙ​ෙළඳපොළේ පවතින අඩුම මාසික පොලී අනුපාතය, භාණ්ඩ උකස් කිරීමේදී සහ ඒවා නැවත බේරා ගැනීමේදී ගාස්තු කිසිවක් නොමැති වීම සහ ගනුදෙනුකරුවන්ගේ ආර්ථික හැකියාවට ගැළපෙන ලෙස සකසා ඇති නම්‍යශීලී වාරික මත පදනම් වූ ආපසු ගෙවීමේ විකල්ප ඇතුළත් ගනුදෙනුකරුවා මූලික කොටගත් මූල්‍ය පහසුකමකි. තවත් වඩාත් වැදගත් කරුණක් නම්, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව රත‍්‍රන් මුදා ගැනීමට ඉඩ සැලසීම වන අතර පාරිභෝගිකයා සෑම විටම තමන්ට ඔබින ලෙස තම මූල්‍ය පරිපාලනය හසුරුවයි.
විශ්වාසනීයත්වය සහ විනිවිදභාවය පිළිබඳව NDB බැංකුව සුවිශේෂී අවධානයක් යොමු කරයි. රන් තක්සේරු කිරීම් සිදු කරනු ලබන්නේ උසස් තාක්‍ෂණය මත පදනම් වූ පද්ධති භාවිතයෙන් වන අතර එය කළමනාකරණය කරනු ලබන්නේ ඉහළ පුහුණුව ලත් වෘත්තිකයන් කණ්ඩායමක් විසිනි. දිවයින පුරා පිහිටි NDB ශාඛා 99ක් සමඟින්, තම රන් භාණ්ඩ සුරක්ෂිත බවත්, රන් ගනුදෙනුවල උපරිම නිරවද්‍යතාවෙන් හා ප‍රෙස්සමෙන් හසුරුවන බවටත් ගනුදෙනුකරුවන්ට සහතික විය හැකිය.
රන් ණය, කුඩා ව්‍යාපාර හිමියන්ගේ සිට අධ්‍යාපන වියදම් සැලසුම් කරන පවුල් හෝ අනපේක්ෂිත හදිසි අවස්ථා දක්වා ශ‍්‍රී ලාංකිකයන් රැසකට ප‍්‍රමුඛතම මූල්‍ය විසඳුම බවට පත්ව ඇත. සාම්ප‍්‍රදායික ණය සඳහා පහසුවෙන් ප‍්‍රවේශ විය නොහැකි ආර්ථික පරිසරයක, NDB රන් ණය මඟින් පාරිභෝගිකයන්ට තම සිතේ සැනසුමෙන් තම රත‍්‍රන්වල වටිනාකම මත සිය මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි විකල්පයක් සපයයි.

 



අදහස් (0)

NDB බැංකුව රන් ණය විසඳුම් සමගින් මූල්‍ය නම්‍යතාව ශක්තිමත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1677 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site