IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


GovPay හා සම්බන්ධ රාජ්‍ය ආයතන සංඛ්‍යාව 132 දක්වා ඉහළට

  • සියලු‍ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල් ගෙවීම් මගින් සවිගැන්වුණු ප්‍රථම පළාත දකුණ
  • රාජ්‍ය සේවා 1,767 ක් සඳහා GovPay හරහා රු.මි. 110ක ගෙවීම් කරලා 
  • බැංකු 14ක් සහ FinTech යෙදුම් 6ක් GovPay හා සම්බන්ධිතයි

 භානුක අමරසිංහ 
රජයේ ආයතන වෙනුවෙන් වන ගෙවීම් සඳහා ආරම්භ කළ GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව සමගින් සම්බන්ධ කෙරුණු රාජ්‍ය ආයතන සංඛ්‍යාව මේ වනවිට 132 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. 
මේ වසරේ පෙබරවාරි මස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම GovPay ජනගත කෙරිණි. මේ හරහා අද වන විට රාජ්‍ය සේවා 1,767 ක් සඳහා රුපියල් මිලියන 110 කට අධික වටිනාකමකින් යුත් ගෙවීම් සිදුකර ඇති බව සඳහන් වෙයි. එසේම බැංකු 14ක් සහ FinTech යෙදුම් 6ක් GovPay හා සම්බන්ධ වී ඇත.
මෙහි අවස්ථාවක් ලෙස පසුගියදා දකුණු පළාත ද මෙම GovPay වේදිකාව සමගින් සම්බන්ධ විය. එහිදී එම පළාත පුරා විහිදී සියලු‍ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාර්ගගත ක්‍රමයට ගෙවීම් පිළිගැනීම මේ සමගින් ආරම්භ කෙරී තිබේ.
ඒ අනුව, GovPay හරහා, පළාතක් යටතේ එන සියලු‍ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල් ගෙවීම් මගින් සවිගැන්වුණු ප්‍රථම පළාත ලෙස දකුණු පළාත ඉතිහාසගත වන බවත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. එසේම එය ආදර්ශයට ගනිමින් දිවයින පුරා ඇති සෙසු පළාත් සහ රාජ්‍ය පරිපාලන ඒකක ද GovPay හා සම්බන්ධ වීම කඩිනම් වනු ඇතැයි බලාපොරොත්තු වන බවද එම නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කරයි. 

 



අදහස් (0)

GovPay හා සම්බන්ධ රාජ්‍ය ආයතන සංඛ්‍යාව 132 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site