(සුජිත් හේවාජූලිගේ)
ලෙලි කජු මෙට්‍රික් ටොන් 6000ක් විදේශයෙන් ගෙන්වීමට රජය තීරණය කර ඇත.
රටේ කජු හිඟයට පිළියමක් ලෙස මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පැවැසීය.
ලෙලි කජු පිටරටින් ගෙන්වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී ඇතැයි කී සභාපතිවරයා දේශීය අස්වැන්නට බාධාවක් ඇති නොවන පරිදි ලෙලිකජු ගෙන්වන බව ද පැවසීය.
ලෙලිකජු හිඟය නිසා දේශීය කජු සැකසුම් මධ්‍යස්ථාන රැසක් වැසී යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි ද ඔහු පැවසීය.
මේ අතර රේගු බදුවලින් වසන් වී මෙරටට හොරෙන් කජු මද ගෙන්වීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන හෙයින් ඒ ජාවාරම අල්ලා ගැනීමට අදාළ අංශ ක්‍රියාත්මක විය යුතු බවත් පවසන දම්සිරි කරුණාරත්න මහතා කජු සංස්ථාව පිටරින් කජුමද ගෙන්වීම නොකරන බව ද ප්‍රකාශ කළේය.
COMMENTS
අතීසාරයට අමුඩ ගැසීම ලෙස මෙම විසඳුම හැඳින්විය හැක. මෙපමණ සාරවත් පොළවක් ඇති රටකට තම රටේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩයක් ලෙස හඳුනාගත හැකි කජු ප්‍රමාණයවත් වගා කරගත නොහැකි වීමට තරම් පහත් තත්වයට පත්වීම ඉතාම කණගාටුදායකය. ඩොලරය අහස උසට නැගීමෙත්, රුපියල අවම ප්‍රමාණය වීමෙත් භයානක ආර්ථික ගැටළුවක සිටින මෙවන් අවස්ථාවක, රජය විසින් ගතහැකි ගොන් තීරණයක් ගෙන ඇත. කලයුත්තේ කජුවගාව සහ අස්වැන්න අවමවීමට හේතු සොයා බලා ඒවාට විසඳුම් සෙවීම සහ කජු නිෂ්පාදන ඵලදායිතාව වැඩිකිරීමට අවශ්‍ය තාක්ෂණික උපක්‍රම භාවිතයන් දිරිගැන්වීමයි.
ඔව්... ඩොලරය ඉහල යාමට උදව් කරන්න හොඳයි. ආනයන කිරීම හැර වෙන විසඳුම් නැත්ද? හැමෝම හරි ආසයි ඉම්පෝර්ට් කරන්න.
ඉතින් දෙයියනේ ඔය ගෙන්නපු කජු ආයේ ශ්‍රී ලන්කන් ගුවන් යානයකට ගියොත්
කජු මෙ.ටො. 6000 ක්. කිලො 1 ක් රු.800/= ගානෙ බැලුවත් ඩොලර් මිලියන 28 ලක්ෂයට වඩා යනවා. ඊට වඩා හොඳයි පුන්නක්කු ගෙනැල්ල 62 ලක්ෂයට කන්න දුන්නා නම්...
ශ්‍රී ලංකන් කජු අපිත් කාල බලමු .
ඔය කජු බැරිවෙලාවත් මෙහෙ පැල කරන්නනම් එපා. අපේ ඇපල් වලට ඕස්ට්‍රේලියා වලින් සලකපු විධියම වේවි. ලගදී එල හරකුත් එව්වා නේ.
හූ කියමින් දේශපාලකයින්ට ආ වඩමින් මහපාරේ ජෝගි නටන්න, තියන වටිනා කාලය කජුවගාව වැනි දෙයකට යොමු කරන එක අපරාධයක් නේද? තක්කඩි කමක්, මගඩියක් කරලා, අනුන්ට ගිනිගෙඩියක් දීලා, කජු කනවා වගේ ගාණක් සාක්කුවේ දමා ගන්න හුරු පුරුදු වෙලා සිටින ජනතාවක් වෙසෙන රටකට මොන වගාද එක අතකට? අනුන් නෙලන අස්වැන්නෙන් තමන්ගේ බඩපුරවා ගන්න හැකි නම් ආයේ වෙන මොනවද නේද?
මෙහෙමත් තීරණ. ඇයි අපේ අයට අත පය හොල්ලලා වැඩක් කරන්න බැරි... පිටරටවල දේම හිඟාකන තත්වයට මේ රටේ මිනිස්සුන්ව පත් කරලා දැං කජු පවා ආනයනය කරනවා. දේශීයව වවන්න පුළුවන් දේ වවන්න මිනිස්සු දිරි ගන්වලා.. උදවු කරන්නේ නෑ. ඒකේන් මහ අයට කොමිස් එන්නේ නැති නිසා... ඉතිං රුපියල මෙහෙමවත් තියන එක පුදුමයි.
වෙලා තියෙන්නේ වගාකරුවන්ට තම නිෂ්පාදන සඳහා සුදුසු මිලක් ලබා ගැනීමට නොහැකි වීම... වෙළඳ මාෆියාව විසින් ඔවුන්ව සූරාකනවා. මැදිහත් වෙන්න තිබුණු රාජ්‍ය ආයතන වහලා. අනාගතයේදී පලා මිටියත් රටින් ගේන්න වෙයි.
කජු සංස්ථාව තියෙන්නේ පිටරටින් කජු ගෙන්න නම් වැඩක් නැහැ පිටකොටුවේ මුදලාලිලා ඒ ටික කරයි . වගාව ආරම්භ කරන්න නඩත්තු කරන්න සහන දීල යමක් රටට කරන්න උදවු කරන්න රැකියා දශලක්ෂයට මෙය ඇතුලත් වේවි
දැන් අපේ රටේ වගාවක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට දාන්න ඕනේ කියලනේ අපේ ජනාධිපතිතුමා කිව්වේ.... අන්තිමට වෙන්නේ කජු රටින් ගෙනැල්ල ප්ලේන් එකට දාන එකනේ... ඩොලරය තවත් වැඩිවෙන වැඩනේ මේවා... කව්ද මේ තීරණ ගන්නේ?