ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි තත්ත්ව සහතිකකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය මගින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය, සෞඛ්‍ය සහ ආරක්ෂිත කළමනාකරණ පද්ධතියක් සහිත ශ්‍රී ලංකාවේ පළමු වරාය ලෙස හඳුනාගෙන ඇත.
මේ අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරායට ‘45001:2018 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය’ හිමි වී තිබේ.
මෙම සහතිකය ලබාගැනීම සඳහා හම්බන්තොට වරාය මාස හයක් මුළුල්ලේ සූදානම් වූ අතර මාස තුනක කාලයක විගණනයකට ද ලක්විය. සෞඛ්‍ය සහ ආරක්ෂිත කළමනාකරණ පද්ධතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමි වේ.
විගණන සේවා සපයන ප්‍රමුඛ පෙළේ ගෝලීය විගණන සමාගමක් වන ‘බියුරෝ වෙරිටාස් ලංකා ලිමිටඩ්’ සමාගම විගණනය සිදු කළේය. එම තත්ත්ව, සෞඛ්‍ය සහ ආරක්ෂාව, පරිසර සහ සමාජ වගකීම් යන ක්ෂේත්‍රවල විගණන සේවා සැපයීමේ ප්‍රමුඛයෙකි.
(ඩේලි එෆ්. ටී. ඇසුරිනි)
055


COMMENTS
ඕක හදන කාලේදීත් පසුවත් සමහර අය කියපු ආකාරයට සහතිකය ලැබිලා තියෙන්නේ
කාටද ආඩම්බර ඉතින් ...?
වරායක් තියා මුහුදක්වත් නොමැති රටකින් තත්ව සහතිකයක්...
ස්විට්සර්ලන්තය කියන දේශයට වරායක් තබා මුහුදු වෙරළක්වත් නැත. එතකොට එහෙ ආයතනයක් කොහොමද වරායකට තත්ව සහතික දෙන්නේ?
මුහුදක්, නැවක්, දැකලාවත් නැති ස්විට්සර්ලන්තය අපේ වරායට සහතික දෙන්නේ කොහොමද කියලා දැන් අපේ අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමීන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි !
එතකොට, ඒ දවස්වල රනිල් අගමැතිතුමා උඩ පැනපැන කිව්ව කළුගල දැන් නැද්ද?
ලන්දේසි රට අල්ල ගත්තට රෝම, ලන්දේසි නීතිය ස්ථාපිත කරන්න බැරිවුණු ගමේ මිනිස්සු ගමේ ප්‍රධානිය හෙවත් ගමරාල යන අයගේ අනුශාසනා උපදෙස් අනුව සුළු සුළු ආරාවුල් විසඳන් ජීවත් වූ ලන්දේසීන් දැනගත්තා ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න නම් ගමරාල සහ ජනතාව අතර අමනාපයක් හදන්න. එ්කට කලේ කතා ගොඩක් හදලා ප්‍රචාරය කළ ගමරාල යනු මෝඩ තැනැත්තෙක්ය කියලා ඒත්තු ගන්නන ජනතාව මේ ගැන කිව්වා...
ස්විට්ස්සර්ලන්තයේ රක්ෂණ සමාගම් ලංකාවේ සහතික ගණනකට ගන්නේ නැතිව ඇති... මුහුද නැතිවට නැව් අයිති සමාගම් ඒ රටේ ඇති. තම රටේ අනුමැතිය ඇතිව හම්බන්තොට එන නැව් රක්ෂණය කරන්න ඒ රටේ සහතිකයක් අවශ්‍ය ඇති... අපේ ලංකාවේ අය දන්නේ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව බෙරිහන් දෙන්න.
අපේ රටේ දේවල් අපේ මිනිසුන්ට වටින්නේ නැති වුනාට පිටරට මිනිසුන්ට වටිනවා. අපේ රටේ සාක්ෂරතාව වැඩි වුනාට උගත්කම අඩුයි. එක නිසා අපේ රට සංවර්දනය කරා යන්නේ ඉබි ගමනින්. මේ දේ දේශපාලකයන් හොදටම දන්නවා.
වී ගබඩා කරන්න හොඳයි කියන සහතිකයද?