- දෙසැම්බර් මාසයේදීප්‍රේක්ෂකයන්ට විවෘත කිරීම අපේක්ෂාවයි
- තිර පහකින් යුත් සිනමා ශාලාවේ VIP තිර දෙකක්
ජෝන් කීල්ස් සමූහයට අයත් ‘‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’’ තරු පන්තියේ ව්‍යාපෘතිය වෙත 2026 වසර අවසානයේදී නවතම Scope සිනමා ශාලාවක් එක්වීමට නියමිත බව පවසයි.
අදාළ සමාගම් දෙකෙහි ප්‍රධානීන් එක්ව පසුගියදා පැවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
ඒ අනුව සිටි ඔෆ් ඩ්‍රීම්ස් හි Shoppes සාප්පු සංකීර්ණය ආශ්‍රිතව මෙම නවතම Scope සිනමා ශාලාව ස්ථාපිත කිරීම සැලසුම බව සිටි ඔෆ් ඩ්‍රීම්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ කමල් මුණසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
“පසුගිය වසරේදී එළිදැක් වූ සිටි ඔෆ් ඩ්‍රීම්ස් හි Shoppes වෙත සිදු කරන අලුත්ම හඳුන්වාදීම මෙමScop සිනමා ශාලාවයි. එය මේ වසර අවසන්වීමට පෙරාතුව විවෘත කිරීම අපේක්ෂාවයි. මේ හරහා අපගේ පාරිභෝගිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබාදීමට හැකි වේවි.’’
විශේෂයෙන්ම සිටි ඔෆ් ඩ්‍රීම් දැනට වසරකට පෙර එළිදැක්වූයේ ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, මැකාවු, තායිලන්තය සහ ඩුබායි යන දැවැන්ත සංචාරක ගමනාන්ත වෙත තරගයක් ලෙස බවත්, මෙම හඳුන්වාදීම් සමගින් එම තරගයට මුහුණදීමට හැකියාව පවතින බවත් මුණසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක් වූ Scope Cinemas හි අධ්‍යක්ෂ සහ විධායක සභාපති නවීඩ් කාදර් මහතා, මෙම නවතම Scope සිනමාශාලාව අති නවීනතම තාක්ෂණයෙන් යුක්තව මල්ටිප්ලෙක්ස් ආකාරයෙන් සිනමා තිර පහකින් සමන්විත වනු ඇතැයි සඳහන් කළේය.
“මෙය Scope Cinemas මෙතෙක් සිදු කරන දැවැන්තම ආයෝජනය වේවි. දෙසැම්බරයේදී එය විවෘත කිරීම අපේ ඉලක්කයයි. මේ සිනමා තිර පහ අතර VIP තිර දෙකක් තිබෙනවා. පෞද්ගලික විවේක ස්ථාන සහ ඉහළ සුවපහසු ආසන පවතිනවා. මෙය ශ්‍රී ලංකාව මෙතෙක් නොදැකපු අලුත්ම අත්දැකීමක් වේවි.“ ඒ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd