- පළමු කාර්තුවේදී ඩො.මි. 710ක ශුද්ධ ඩොලර් මිලදී ගැනීමක්
- දෙවැනි කාර්තුවේ ඩො.මි. 154 ක ශුද්ධ ඩොලර් විකිණීමක්
2026 වසරේ ජනවාරි සිට ජූනි දක්වා පළමු භාගය තුළ මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළේ ශුද්ධ ගැනුම්කරුවකු ලෙස කටයුතු කළ බව පවසයි. ඒ අනුව අදාළ කාලසීමාවේදී මහ බැංකුව වෙළෙඳපොළ හරහා සිදුකළ ශුද්ධ ඩොලර් මිලදී ගැනීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 556 ක් ලෙස සටහන්ව තිබේ.
මහ බැංකුව මගින් නිකුත් කළ 2026 ජූනි මාසය සඳහා වන වෙළෙඳපොළ මෙහෙයුම් වාර්තාව තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.
එහිදී පළමු කාර්තුවේදී මහ බැංකුව ඩොලර් මිලියන 791ක් මිලදී ගෙන, ඩොලර් මිලියන 81ක් අලෙවි කරමින්, ශුද්ධ ගැනුම්කරු ලෙස ඩොලර් මිලියන 710 ක ශුද්ධ අගයක් මිලදී ගෙන තිබේ.
කෙසේ වෙතත් දෙවැනි කාර්තුවේදී මහ බැංකුව ඩොලර් මිලියන 191ක් මිලදී ගෙන ඩොලර් මිලියන 345ක් අලෙවි කරමින් ශුද්ධ විකුණුම්කරුවකු ලෙස ඩොලර් මිලියන 154 ක ශුද්ධ අගයක් විකුණා තිබේ.
මහ බැංකුවට අනුව වසරේ පළමු භාගයේ ගත් මෙම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත්වීමේ තීරණය විනිමය අනුපාතිකයෙහි උච්ඡාවචනය සීමා කිරීම, අත්‍යවශ්‍ය බලශක්ති ආනයන සඳහා පහසුකම් සැලසීම සහ විධිමත් වෙළෙඳපොළ තත්ව පවත්වා ගැනීම අරමුණු කරගනිමින් අවශ්‍ය පරිදි සිදු කර තිබේ.
මේ අතර 2025 අවසන් වනවිට ඩොලර් බිලියන 6.8ක් වූ මෙරට දළ නිල සංචිතය, 2026 පෙබරවාරි අවසන් වනවිට ඩොලර් බිලියන 7.3ක් දක්නා ඉහළ ගිය බවත්, ඉන් අනතුරුව 2026 ජූනි මාසය අවසන් වන විට එය ඩොලර් බිලියන 6.5ක් දක්වා අඩු වූ බවත් මහ බැංකුව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd