ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ජූනි මාසයේදී දර්ශකාංක 60.0ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය මැයි මාසයේදී වාර්තා වූ දර්ශකාංක 59.1 ට සාපේක්ෂව යම් ඉහළ යෑමකි. පසුගිය මාසවලදී ප්‍රදානය කරන ලද ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මේ සඳහා හේතු වූ බව සඳහන් වෙයි.
ඒ අනුව නව ඇණවුම් දර්ශකය මැයි මාසයේ පැවැති දර්ශකාංක 63.6 ක සිට ජුනි මාසයේදී 54.3 ක් දක්වා අඩු වේගයෙකින් ඉහළ යෑමක් සටහන් කර තිබේ. එසේම සේවා නියුක්තිය දර්ශකාංක 56.1 ක සිට දර්ශකාංක 61.4 ක් දක්වා වැඩි වේගයකින් ඉහළ ගොස් තිබේ. තොග මිලදී ගැනීම්ද මැයි මාසයේ පැවැති දර්ශකාංක 59.1 ක සිට ජූනි මාසයේදී දර්ශකාංක 60 ක් දක්වා වැඩි වේගයෙකින් ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් බිටුමන් (තාර) වැනි ප්‍රධාන අමුද්‍රව්‍යවල පවතින හිඟය ඉදිකිරීම් කටයුතුවල වේගය සීමා කිරිමට හේතු වී තිබෙන බව මහ බැංකුව පවසයි. එසේම ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලයද ජූනි මාසයේදී දර්ශකාංක 62.9ක් දක්වා අඩු වේගයකින් ඉහළ ගොස් තිබේ.
මේ අතර අමුද්‍රව්‍ය හිඟවීමේ අවදානම ඇතුළු වර්ධනයට පවතින බාධා හමුවේ වුවද, ඉදිකිරිම් ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මකවීම හේතුවෙන් ඉදිරි කාර්තුව සඳහා ඉදිකිරීම් සමාගම්වල ව්‍යාපාරික අපේක්ෂා ධනාත්මකව පවතින බවත් මහ බැංකුව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd