IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සහන ඉල්ලීමේ කාලය මැයි 15 දක්වා දීර්ඝ කරයි

‘කොවිඩ්-19’ ව්‍යවසනයෙන් බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන ලබාගැනීම සඳහා අයඳුම්පත් යොමු කිරීමට ලබා දී තිබූ කාලසීමාව ලබන 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

කොරෝනා වයිරසයෙන් ඇති වී තිබෙන බලපෑම හේතුවෙන් මූල්‍ය ආයතනවල ඇතැම් ගනුදෙනුකරුවන්ගේ මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ගනුදෙනුකරුවන්ට ණය සහ  4%ක වාර්ෂික පොලී අනුපාතය යටතේ මාස දෙකක කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී තිබිණි.

එහි අවසාන දිනය අප්‍රේල් මස 30 ලබා දී තිබිණි. එය මැයි මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

අප්‍රේල් 28 වැනිදා නිකුත් කරන ලද 2020 අංක 06 දරණ චක්‍රලේඛය මඟින් අදාළ කාලසීමාව දීර්ඝ කර ඇත. 


055


 



අදහස් (3)

සහන ඉල්ලීමේ කාලය මැයි 15 දක්වා දීර්ඝ කරයි

සමන් Friday, 01 May 2020 08:44 PM

මිනිසුන් ණය ගෙවන්නේ කෙසේද? බැංකු ණය අය නොකර තැන්පත්කරුවන්ට පොළී ගෙවන්නේ කෙසේද?තවද බැංකු කාර්ය මණ්ඩල වලටද වැටුප් ගෙවිය යුතුය. මෙකී තත්වය තවදුරටත් මාස කිහිපයක් පැවතුනහොත් සමස්ත ආර්ථිකයම වලපල්ලට යනු ඇත. මෙය සාපයකි. නැවතත් මුල සිටම පටන්ගත යුතුව ඇත.මේ තාක් කල් අප ගිය ගමන වැරදිය.

:       1       0

amintha Saturday, 02 May 2020 07:38 AM

කාරක ප්‍රාග්ධනය කිව්වට සේවක පඩි ගෙවන්න විතරයි බැංකුවලින් නය දෙන්නේ...

:       0       5

බන්දු ස..ස. සමරසිංහ Saturday, 02 May 2020 09:24 AM

වැඩ බැරි ටාසන්ලගේ මාස 5 හේ කෙරුවාවෙන් හා කොරෝන විසින් ඇතිකළ තත්වය තුල 30වසරක යුද නිමාවේ සැබෑ නායකත්වය හා දැක්ම වුයේ ෆොන්සේකා ඇතුළු ත්‍රිවිද හමුදාව බව මොනවට අපිට පසක් උන වගයි. ගෝඨා වට කොට සිටින බොහෝ දෙනෙකුගේ කෙරුවාවල් මාධ්‍ය සංදර්ශන හා කුලියට ලියන ලද පොත් මගී මවන ලද්දාවූ බොරුවක්ම බව ජනතාවට වටහා ගැනීමට තව අටුවා ටීකා නම් කුමකටද?

:       1       66

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 115 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site