මුක්ති එස් රුද්‍රිගු
![]() |
| ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය එස්. ජෙගජීවන් |
මෙරට සංචාරක කර්මාන්තයේ විශිෂ්ට ප්‍රගතියක් අත්කර ගත් 2018 වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් පිරිසට වඩා වැඩි සංචාරකයන් පිරිසක් මෙම වසර අවසානය වනවිට මෙරටට පැමිණීමට හැකියාව තිබෙන නමුත් එම වසරේදී සංචාරක කර්මාන්තයෙන් ඉපැයූ ආදායම මෙම වසරේදී උපයා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය එස්. ජෙගජීවන් මහත්මිය ප්‍රකාශ කළාය.
බොහෝ දුරට පසුගිය වසරේ මෙරට සංචාරක ඉපැයීම්වලට සමාන ආදායමක් මෙම වසරේදී සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව උපයා ගනු ඇති බවත් ජෙගජීවන් මහත්මිය පැවැසුවාය.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය වසරම ආවරණය වන පරිදි කළ සමීක්ෂණයක ප්‍රතිඵල මෑතකදී නිකුත් වූ බවත් එම සමීක්ෂණ ප්‍රතිඵල අනුව පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මෙරටට පැමිණෙන සංචාරකයකු දිනකට සිදුකරන වියදම ඇමෙරිකානු ඩොලර් 171 සිට 148 දක්වා පහළ දමා තිබෙන බවත් ජෙගජීවන් මහත්මිය සඳහන් කළාය.
ඒ හේතුවෙන් 2018 වසරේ සංචාරක ඉපැයීම මෙම වසරේදී උපයා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය එස්. ජෙගජීවන් මහත්මිය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකා මහ බැංකුවේදී මුදල් ප්‍රතිපත්ති පොලී අනුපාතය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යක්ෂවරිය මෙම අදහස් පළ කළාය.
සංචාරක කර්මාන්තයට සුබදායි වසරක් ලෙස සැලකුණු 2018 වසරේදී සංචාරකයන් 2,333,796 ක් මෙරටට පැමිණ තිබූ අතර එම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.38 ක මුදලක් සංචාරක කර්මාන්තයෙන් උපයා තිබිණි. පසුගිය වසරේදී සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.17 ක මුදල උපයා තිබූ අතර එම වසරේදී සංචාරකයන් 2,053,465 ක් මෙරටට පැමිණ තිබිණි.
මෙම වසරේ පසුගිය 23 වැනිදා වනවිට සංචාරකයන් 2,054,980ක් මෙරටට පැමිණ තිබූ අතර මෙම වසරේ පළමු මාස 10 තුළදී සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.65 ක මුදලක් උපයා තිබිණි.
සංචාරකයන්ගේ පැමිණීම පිළිබඳව අදහස් දක්වමින් පසුගියදා පැවැති උත්සවයකදී සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ මෙම වසර ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණෙන වසර වනු ඇති බවයි. මෙම වසරේදී සංචාරකයන් ලක්ෂ 24 ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය එළැඹෙන දෙසැම්බර් 31 වැනිදා වනවිට සපුරා ගැනීමට හැකි වනු ඇතැයිද ශ්‍රී ලංකාවට විශ්වාසයක් ඇතිව තිබෙන බවද අමාත්‍යවරයා පැවැසුවේය.
මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගියද ආදායම ඊට සාපේක්ෂව වැඩිවී නොමැති බවට මතයක් ගොඩනැගී තිබූ බවත් එයට කරුණු ගණනාවක් බලපා තිබූ බවත් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ පහළ යාම හේතුවෙන් සංචාරකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව පහළ ගොස් තිබෙන බවත් ඒ හේතුවෙන් සංචාරකයකු දිනකදී වියදම් කරන ප්‍රමාණය ලෙස මීට පෙර සැලකුණු ඇමෙරිකානු ඩොලර් 171 ක මුදල 148 දක්වා පහළ ගොස් තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
උද්ධමන අනුපාතය, උද්ධමනයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ වෙනස්වීම දිනක වියදම වෙනස් වීමට බලපා තිබෙන බවද අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
එහෙත් මෙරටට ධනවත් සංචාරකයන් නොපැමිණෙන බව ඉන් අදහස් නොවන බවත් මෙරටට වැඩියෙන්ම සංචාරකයන් පැමිණෙන රටවල් 10 අතර යුරෝපා රටවල් හයක් තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය. යුරෝපා රටවල් වලින් පැමිණෙන සංචාරකයන් මෙරටදී ඩොලර් වියදම් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම වසරේ මේ දක්වා මෙරටට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර ඉන්දියාවෙන් සංචාරකයන් 463,474 ක් මෙරටට පැමිණ ඇත. දෙවැනි ස්ථානයට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර තෙවැනි ස්ථානයට වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ රුසියාවෙන්ය.
ලක්ෂ 24 සංචාරක ඉලක්කය සපුරා ගැනීමට නම් මෙම වසර අවසාන වීමට පෙර තවත් සංචාරකයන් 346,535 ක් මෙරටට පැමිණිය යුතුව ඇත.
2025 නොවැම්බර් මස 21
185
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1133
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සංචාරකයන් පැමිණියාට අපේක්ෂිත ආදායම් නෑ