IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

(තිළිණි ද සිල්වා)

පෙබරවාරි මාසයේදී මෙරටට  විදෙස්  සංචාරකයින්  252,033 දෙනෙකු පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.

ඒ අනුව එය ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව වූ 235,618 හා සැසඳීමේදී  වඩා පසුගිය මාසයේදී සංචාරකයින් පැමිණීම සියයට හතකින් වර්ධනය වී ඇතැයි ද එම අධිකාරිය විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තා වල සඳහන් වේ.

මේ වසරේ මුල් මාස 02 තුළ දී ශ්‍රී  ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 496,272 ක් බවද සංචාරක සංවර්ධන අධිකාරියේ එම දත්ත වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

ඉකුත් පෙබරවාරි මාසයේ දී පැමිණි සංචාරකයින්ගෙන් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එරටින්සං චාරකයින් 32,914 කු පැමිණ ඇත.

නමුත්  2018 වසරේ පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණ ඇති ඉන්දීය සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේ දී එය සියයට 1.9 ක පහළ යාමක් යැයිද සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.ඊට අමතරව බි‍්‍රතාන්‍යයෙන් පැමිණි සංචාරකයින් ගණන 29,750 ක් ද වේ.එය ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයින් හා සැසඳීමේ සියයට 8.8 කින් වර්ධනය වී ඇත.

ඊට අමතරව එක්සත් ජනපදයෙන් සංචාරකයින් පැමිණීම සියයට 61.7 කින්ච ,  ඕස්ටේ‍්‍රලියාවෙන් සංචාරකයින් පැමිණීම සියයට 54.8 , කැනඩාවෙන් සංචාරකයින් පැමිණීම සියයට 61.8 කින්ද යන රටවලින් පැමිණි සුවිශේෂී ඉහළ යාමක් පසුගිය  පෙබරවාරි මාසයේ දී වාර්තා වී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.

මෙහිදී පෙබරවාරි මාසයේ දී චීන සංචාරකයින්ගේ පැමිණීම සියයට 22 කින්  පහළ යාම කැපී පෙනෙන සිදුවීමක් යැයි එම අධිකාරිය කියා සිටී.



අදහස් (2)

සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

ravi Tuesday, 12 March 2019 10:41 AM

සංචාරක හෝටල්වල විකිනෙන කුඩු / හෙරෝයින් , දැන් හුඟක් වැඩිවෙලා තව දුරටත් ලාබවෙලා .. මේ හේතුවෙන් හුඟක් සංචාරකයෝ කුඩු / හෙරෝයින් මිලදී ගැනීම සඳහා ලංකාව කුඩු තොටුපලක් කරගෙන ඇතිබව අපිට දැනගන්න ලැබිල තියනවා ...

:       126       152

Bamunuarachchi Thursday, 14 March 2019 12:59 AM

කුලී වැඩට එන ඉන්දියන් කාරයොත්, කුඩු ගෙනෙන පකිස්තාන් කාරයොත් මේ ගොඩේ ඉන්නවාද?

:       2       59

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site