
Prime Lands Residencies සමාගම පසුගියදා පැවති 2025 TAGS සම්මාන උළෙලේදී (TAGS Awards 2025) ඉඩම් හා දේපළ සමාගම් කාණ්ඩයේ රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙවර සම්මාන උළෙලද ඇතුළුව අඛණ්ඩව අවස්ථා 4 කදී TAGS සම්මාන හිමි කර ගැනීමට Prime Lands Residencies PLC මේ වන විට සමත් වී තිබේ. මෙය පසුගිය කාලය පුරාවටම සමාගම සිය ආයතනික වාර්තාකරණය විශිෂ්ට අන්දමින් සිදු කර ඇති බවට මනා සාක්ෂියකි.
ආචාරධාර්මික හා තිරසාර ලෙස මෙන්ම පැහැදිලි විනිවිදභාවයකින් යුක්තව ව්‍යාපාර කටයුතු සිදුකරන අතරම උසස්ම මට්ටමේ ආයතනික වාර්තාකරණ ප්‍රමිති අනුගමනය කිරීමෙන් මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සිය නායකත්වය තවදුරටත් තහවුරු කරගැනීමට Prime Lands Residencies PLCසමත් වී ඇති බව මෙම ජයග්‍රහණයෙන් පිළිබිඹු වේ.
”මෙම සම්මානය ආයතනික වාර්තාකරණය සහ විනිවිදභාවය සම්බන්ධයෙන් ඉහළම ප්‍රමිති පවත්වා ගැනීම සඳහා අප දක්වන උනන්දුවට මනා සාක්ෂියක්. සෑම විටම Prime සමූහයේ අනිවාර්ය ගුණාංග වූ වගවීම හා තිරසාරත්වය එලෙසින්ම රැකගනිමින් ආයතනික වාර්තාකරණ ප්‍රමිති තවදුරටත් වැඩිදියුණු කිරීම අපගේ ඉලක්කයයි.” ප්‍රයිම් Prime Lands Residencies PLC සමාගමේ සම-සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවාය.
ආරම්භයේ පටන්ම ශක්තිමත් කාර්යසාධනයක් පෙන්නුම් කරන අතරම අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින්, වෙනස් වන වෙළෙඳපොළ තත්වයන්ට අනුව හැඩගැසීමට Prime Lands Residencies PLC සමත් විය. සමාගම මේ වන විට රට පුරා ක්‍රියාවට නංවා ඇති දැවැන්ත ව්‍යාපෘති, මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය ජයගැනීමට සමාගම කෙතරම් දුරකට සමත් වී ඇතිද යන්න මැනැවින් පිළිබිඹු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd