
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), ශ්‍රී ලංකාවේ දීපව්‍යාප්ත පාපැදි සවාරිය වන Lanka Ride 2026 සමග සහයෝගීතාවක් ඇති කර ගනිමින්, එහි නිල රක්ෂණ සහකරු ලෙස ඉදිරිපත් විය. මෙම සහයෝගීතාවෙන් අවදානමකදී ආරක්ෂාව ලබා දීම සහ ජාතික මට්ටමේ ක්‍රීඩා විශිෂ්ටත්වය තවත් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් හි නායකත්වය පෙන්නුම් කළේය.
Lanka Ride පාපැදි සවාරියේ මූලාරම්භය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ අන්තර්ගතව තිබේ. දශක දෙකකට වැඩි කාලයක් පුරා ලේක් හවුස් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ දීර්ඝතම සහ ප්‍රසිද්ධ පාපැදි ධාවන තරඟය වන මෙය, මීට පෙර ‘ලංකා සවාරිය’ ලෙස හැඳින්විණි.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ, රජයේ අනුමැතිය සහිතිව, මෙම ජාතික මට්ටමේ පාපැදි ධාවන තරඟය නැවත ආරම්භ කරන ලදී.
ජනවාරි 16 සිට 18 වැනිදා දක්වා දින තුනක් පුරා පැවති මෙම ධාවන තරගය, කොළඹ සිට මහනුවර දක්වාත්, මහනුවර සිට අනුරාධපුරය දක්වාත්, නැවත කොළඹ දක්වා වූ මාර්ගයේ ධාවනය කරමින් කොළඹ, ගම්පහ, කෑගල්ල, මහනුවර, මාතලේ, අනුරාධපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හතක් හරහා ගමන් කළේය. මෙම අවස්ථාවට පාපැදි සමාජ 26 ක් සහ ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය යන ආයතන නියෝජනය කරමින් පාපැදිකරුවන් 150 කට වැඩි පිරිසක් සහභාගී වූ අතර, මේ හරහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආයතනවල ශක්තිය සහ රට පුරා පාපැදි ක්‍රීඩාවේ වර්ධනය හා ජනප්‍රියතාව විදහා දැක්විණි.
මෙම පාපැදි ධාවන තරගයේ නිල රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, සියලුම ලියාපදිංචි පාපැදිකරුවන් සහ නිලධාරීන් සඳහා පෞද්ගලික හදිසි අනතුරු රක්ෂණයක් ලබා දීමට පියවර ගනු ලැබූ අතර, මාර්ග කළමනාකරණය සහ ආරක්ෂාව සඳහා සේවයේ යොදා ඇති පොලිස් පරිවාර රථ සඳහා තාවකාලික මෝටර් රථ රක්ෂණයක් ද ලබා දීමට කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd