
වැලිබල් ෆිනෑන්ස් මූල්‍ය ආයතනය කෙරෙහි රට පුරා ගනුදෙනුකරුවන් තබා ඇති නොබිඳෙන විශ්වාසය තවදුරටත් ඉදිරියට ගෙනයමින් නැගෙනහිර පළාතේ මඩකලපුව, වාලච්චේනය හා ත්‍රිකුණාමලය නගරවල සිය නවතම ශාඛා විවෘත කරන ලදී. මෙලෙස තවදුරටත් පුළුල් වූ ශාඛා ජාලය මගින් දැන් මෙම නගර අවට සිටින ගනුදෙනුකරුවන්ට විවිධ වූ මූල්‍ය අවශ්‍යතා වඩාත් පහසුවෙන් හා ඉක්මනින් ඉටුකර ගැනීමේ අවස්ථාව උදාවී ඇත.
මෙම නවතම ශාඛා විවෘත කිරීමේ අවස්ථාවට වැලිබල් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, ශාඛා කාර්ය මණ්ඩලය, විශේෂ ආරාධිත අමුත්තන් හා ගනුදෙනුකරුවෝ රැසක් එක්ව සිටියහ. මෙහිදී තම අදහස් දක්වමින් වැලිබල් ෆිනෑස්හි කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා මෙසේ ප්‍රකාශ කළේය. “නැගෙනහිර පළාත තුළ වැලිබල් ෆිනෑන්ස් ශාඛා ජාලය පුළුල් කිරීමට ලැබීම විශාල සතුටක් වගේම මේ ප්‍රදේශයේ සම්ප්‍රදායික වටිනාකම් හා සංස්කෘතික විවිධත්වය අපි ඉතා අගය කරනවා. ප්‍රාදේශීය සංවර්ධනයට අර්ථවත් දායකත්වයක් ලබා දෙන දිගුකාලීන සහයෝගිතා ගොඩනඟා ගැනීමට අප නිරන්තරයෙන් කැපවී සිටිමින් සෑම අවස්ථාවකදීම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා උපරිමයෙන් ඉටුකර දෙන්නට මුල් තැන දීම වැලිබල් ෆිනෑන්ස් හි වගකීමක් ලෙස සලකන නිසා ගනුදෙනුකරුවන් සැමවිටම විශ්වාසනීය බැඳීමකින් අප වටා එක් වී සිටිනවා.“
රට පුරා තම ස්ථාවරත්වය තහවුරු කරගනිමින් ජයග්‍රාහි ගමනක යෙදෙන වැලිබල් ෆිනෑන්ස්, ප්‍රධාන වශයෙන් සියලුම ආකාරයේ ලීසිං පහසුකම්, ස්ථාවර තැන්පතු, රන් ණය, අධ්‍යාපන ණය, ඔටෝ ඩ්‍රාෆ්ට් සහ සුළු පරිමාණ ණය ගනුදෙනු නවීන තාක්ෂණික රාමුවක් යටතේ සිදු කරනු ලබයි. තවද වැලිබල් ෆිනෑන්ස් ආයතනය ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ
LRA (A-) ශක්තිමත් ණය ශ්‍රේණිගත කිරීමක් හිමි කරගෙන ඇත. සාර්ථක වර්ධනය, ස්ථාවර බව, ලාභය මෙන්ම කාර්යක්ෂම හා ඵලදායී ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වූ වැලිබල් ෆිනෑන්ස් ආයතනය, ශාඛා ව්‍යාප්තිය ඇතුළු ප්‍රධාන කාර්ය සාධන දර්ශකවලින් විශිෂ්ට සේවාවක් ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස
The Global Economics - UK විසින් පිරිනමනු ලබන
Best Finance Company (විශිෂ්ටතම මුල්‍ය සමාගම) සම්මානය වසර ගණනාවක් අඛණ්ඩව තමන් සතු කර ගැනීමට සමත් වූයේ සිය විශ්වසනීය හා පුරෝගාමී සේවාව තව දුරටත් සහතික කරමිනි.
කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති වැලිබල් ෆිනෑන්ස් අතිනවීන ආයතනික කාර්යාලය, එහි විශිෂ්ටත්වය හා සෑමවිටම නව්‍යකරණයට මුල් තැන දීම සංකේතවත් කරන සලකුණකි. රට පුරා සිටින ගනුදෙනුකරුවන්ගේ විවිධ වූ මූල්‍ය අවශ්‍යතා නවීන තාක්ෂණික ක්‍රම හරහා ඉටුකර දෙමින් මූල්‍ය තිරසාර භාවය ඇති කිරීමට කටයුතු කිරීම කෙරෙහි ඇති කැපවීම මේ තුළින් යළි යළිත් අවධාරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd