
IRCL හි අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය විසින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන පරිවර්තන නිලධාරී (Chief Transformation Officer) දිල්ෂාන් පෙරේරා මහතා වෙත සම්මානය පිරිනමනු ලැබූ අයුරු.
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, බැංකොක් නුවර පැවැති 6 වැනි Emerging Asia Insurance Awards සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ අංශයේ ‘වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සමාගම’ (Best Customer Oriented Company) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම ඇගයීම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් ඉටු කරමින් සිටින ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගතයට ගැළපෙන ප්‍රවේශයක් සකස් කිරීමේ කාර්යභාරයෙහිලා සමාගම අත්පත් කරගෙන ඇති උපායමාර්ගික ප්‍රගතිය මනාව තහවුරු කරන්නකි.
කලාපයේ නැඟී එන වෙළෙඳපොළවල් අතර විශිෂ්ටත්වය සහ අන්තර් සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන අතර සම්මාන සඳහා ජයග්‍රාහකයන් තෝරා ගැනීම PricewaterhouseCoopers (PwC) ආයතනයේ සහය ඇතිව රක්ෂණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් සිදු කරනු ලබයි.
ඒ අනුව මෙම ඇගයීම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම වෙත ලබා දීමේදී විනිශ්චය මණ්ඩලය විසින් කාර්යසාධන නිර්ණායක ගණනාවක් සලකා බලා ඇති අතර ඒ අතරින් නව ව්‍යාපාරික වාරික (New Business Premium), අවදානම් රඳවා ගැනීමේ අනුපාතය (Risk Retention Ratio)” සාමාන්‍ය හිමිකම් සංඛ්‍යාව, හිමිකම් පියවීමේ අනුපාතය, සමස්ත හිමිකම් පියවීම් සහ සුළුතර කණ්ඩායම් ඉලක්ක කරගත් රක්ෂණ නිෂ්පාදන සංඛ්‍යාව වැනි නිර්ණායක ප්‍රමුඛ වේ. එම නිසා මෙම ජයග්‍රහණය HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ පාරිභෝගික කේන්ද්‍රීය භාවිතයන් ශක්තිමත් කිරීමටත්, මූල්‍ය ස්ථාවරත්වය සහ සියලු දෙනා අන්තර්ග්‍රහණය කරගත් රක්ෂණ විසඳුම් ලබා දීමටත් සමාගම දක්වන කැපවීම තවදුරටත් තහවුරු කරන්නක් වශයෙන් හැඳින්විය හැකිය.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNBජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා මෙසේ පැවසීය. “නිරන්තරයෙන්ම පාරිභෝගිකයන් අපේ ව්‍යාපාරික මෙහෙයුමේ කේන්ද්‍රස්ථානය ලෙස තබා ගැනීමට අපි දක්වන අඛණ්ඩ කැපවීම මෙලෙස ජාත්‍යන්තර ඇගයීමට ලක්වීම පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වෙනවා. සේවා ප්‍රමිති, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සියලු දෙනා අන්තර්ග්‍රහණය කරගත් රක්ෂණ විසඳුම් කෙරෙහි අපි දක්වන අවධානය, අපේ පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යාපාරයට ද අර්ථවත් වටිනාකමක් එක් කර ඇති බව මෙම සම්මානය විසින් මනාව තහවුරු කරනවා.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd