ශිරාන් රණසිංහ
සුඛෝපභෝගී මෝටර් රථ සඳහා වසර හතක් තිස්සේ අය කළ බදු මුදල එකවර ගෙවීමට අදාලව නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් නිසා සුඛෝපභෝගී මෝටර් රථ මිලද ඉහළ ගොස් ඇත.
එන්ජින් ධාරිතාව 1800 ට වැඩි පෙට්‍රල් වාහන,එන්ජින් ධාරිතාව 2300 ට වැඩි ඩීසල් මෝටර් රථ හා කිලෝ වොට් 200 ට වැඩි ඉලෙක්ට්‍රික් වාහන වල මිල මේ අනුව වැඩි වී තිබේ.
මෙතෙක් කල් සුඛෝපභෝගී මෝටර් රථවලට පළමු වසරේ රුපියල් 175,000 සිට වසරින් වසර අඩුවල ලෙස වසර හතක් බදු අය කළේය.
නව ක්‍රමය යටතේ වසර 7 ක බදු මුදල් එකරවර ගෙවීමට සිදු වන නිසා වාහන මිල එම බද්ධට එකතු කිරීමට වාහන ආනයනකරුවෝ තීරණය කර තිබේ.

COMMENTS
අපි තිබෙන වාහන පරිස්සම් කරගනිමු. මේවට වගකියන්න ඕනේ අර කොටළුවෝ 62 තමයි.
ඇත්තටම රටේ ආර්ථිකය අන්තීමට වන වෙලා තියෙන්නේ…මාධ්‍ය විසින් සියලු දෙන දැනුවත් කරලා ….රට හදවන්න බල කරන්න ………...නැත්තම් රට අඳුරේ .ළමයින්ට අනාගතයක් නැහැ……. පාලකයෝ කරන්නේ වෘතිකයන් සහ විවිධ වෘතීය සමිති වලින් එන බලවේග ජනතාවව අවුස්සලා ඒවා නැති කරන එක…සහ මිනිස්සුන්ගේ ඔලුව වන කරන එක .මොනවා උනත් වෘතීය සමිති ඇතුළු වෘතීක්යන් ගෙනෙන තර්ක හරි ...රජයට ඒවාට මූණ දෙන්න බැරි උනාම ගොන් රන්ජ වගේ එවුන් දාල මිනිස්සු අවුස්සනවා
මේ රටේ දේශීය නිෂ්පාදන වලට දේශපාලකයෝ කැමති නැහැ. කැමති හැමදේම පිටරටින් ගේනවට. මෙහෙ හැදුවොත් ටැක්ස් කියලා කැමති, කැමති ගණන් මේ රටේ මිනිස්සුන්ගෙන් ගන්න බැරුව යනවනේ. ටැක්ස් කියනවට වැඩිය හරිම වචනේ "පගාව" කියන එක. නැත්නං හදන කෙනා 100 ක් ගද්දි, මේ හොරු රැල 300ක් පැහැර ගන්න වෙන රටක් තියේද? මිනිස්සුත් කිසිම එකමුතුකමක් නැති ජාතියක්නේ මෙහෙ ඉන්නේ. ඔක්කොම එකතු වෙලා මේ හොරු ප්‍රතික්ෂේප කලා නං කරන්න දෙයක් නැතුව යනවා. ඒ ටික නොතේරෙන මිනිස්සු.
අන්න හරි පාල... අපි මේ හොරු ටික පන්නල සහෝදර සමාගමට දෙමු. දැන් බඩගිනි ඇති... පව් තව ටිකක් ආපහු කන්න දෙමු.
මම හිතන්නේ පාල කිව්වේ පක්ෂග්රාහී නොවී. එත් රෝහණ නම් මහා අන්තවාදියෙක් වගේ.