IMG-LOGO

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා


ශ්‍රී ලංකන් ඉංජිනේරු අංශය A320 මගී ගුවන් යානය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පත් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය එක්සත් රාජධානියේ Avensis Aviation  සමඟ උපායමාර්ගික සහයෝගීතාවකට අනුව එයාර්බස් A330 සහA320 මගී ගුවන් යානා ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා බවට පත්කිරීමට ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය කටයුතු කර තිබේ.

මෙම සහයෝගීතාවේ පළමු කටයුක්ත වූයේ  FitsAir  සඳහා එයාර් බස් A320 ගුවන් යානයක් ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන්  යානයක් බවට පරිවර්තනය කිරීමයි. එය මෑතකදී නියමිත වේලාවට හා  නියමිත වූ පිරිවැය තුළ නිම කරන ලදී. ගුවන් සමාගමේ නඩත්තු හා ඉංජිනේරු අංශය EASA සහතිකලත් නඩත්තුව, මූලික නඩත්තුව සහ ඉංජිනේරු වැඩපළ සඳහා ද EASA  සහතිකය හිමිකරගෙන තිබේ. මෙය  ගුවන් යානා වෙනස් කිරීම හා භාණ්ඩ ගුවන් යානා බවට පරිවර්තනය කිරීමට අදාල නඩත්තු කටයුතු සිදුකිරීමට විදේශීය ගුවන් සමාගම් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමට මෙය ඉතා හොද උපායමාර්ගික ක්‍රියාවක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශ ප්‍රධානී ෂෙවන්ත වීරසේකර මහතා මෙසේ පැවසීය. “කොරෝනා වසංගතය හේතුවෙන් මගී ගමන් සීමා කිරීමත් සමඟ බොහෝ ගුවන් සමාගම් සහ ගුවන් යානා කල්බදු සමාගම් ඔවුන්ට අයත්  මගී ගුවන් යානා භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා බවට පරිවර්තනය කරමින් සිටිනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විටත් තමන්ගේම ගුවන් යානයක් ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට  පරිවර්තනය කර ඇති නිසාම මෙම සේවාව බාහිරව ලබා දීමට විශේෂ වූ  දැනුමක් තියෙනවා. භාණ්ඩ පරිවර්තන වෙළඳපොළ වේගයෙන් වර්ධනය වෙමින් තියෙනවා. එම නිසා අපි නියම වෙලාවට මේ සඳහා යොමු වුණේ. නවීකරණ අනුමත කිරීම් සහ ගනුදෙනුකරුවන් වෙත ළඟා  වීමටAvensis Aviation  අපට වඩාත් සුදුසු සහකරුවෙකු වෙනවා.

Avensis Aviation   හි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ රුබින් ෆ්ලවර් මහතා සඳහන් කළේ සැහැල්ලු‍   ‘LEVIS’  සිටි ‘NAVIS’  පූර්ණ ගුවන් භාණ්ඩ පරිවර්තනය සඳහා EASA අනුමත කරන ලද වෙනස් කිරීම් හරහා නව්‍යකරනය කිරීම් සඳහා Avensis Aviation   විසඳුම් ලබා දෙන බවයි.



අදහස් (9)

ශ්‍රී ලංකන් ඉංජිනේරු අංශය A320 මගී ගුවන් යානය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පත් කරයි

dilene Thursday, 20 May 2021 12:06 PM

සීට් ටික ගලවලා දාලා දොර ලොකුවට හදන්න... මහා ලොකු වැඩක්ද?

:       10       26

Dhammika Thursday, 20 May 2021 12:13 PM

ආසන ටික සහ රාක්ක ටික ගලවලා දාන එකද මේ විශ්ව කර්ම වැඩේ...?

:       9       24

suranga Thursday, 20 May 2021 03:34 PM

ඕක ලෝකෙටම කියන්න තරම් දෙයක් නොවේ...!!!

:       7       27

sampath Saturday, 22 May 2021 10:26 AM

ස්පැනර් එකයි... ස්කුරුප්පු නැයිනයි ඕනෑ වෙනවා මේ වැඩේට... !!!

:       7       18

mihira Sunday, 23 May 2021 05:29 AM

මාර හපන් කමක් නේද? සීටි ටික ගලවන එක ... අනේ ඉතින් පව්...!!! 

:       6       14

mihira Sunday, 23 May 2021 05:30 AM

විලි ලැජ්ජාවක් ගෑවිලා නැහැ... ලෝකයා හිනාවෙනවා මේවට...

:       6       9

Jay Monday, 24 May 2021 07:26 AM

උඩ කමෙන්ට් දාලා තියෙන අයට තියෙන දැනුම හිතාගන්න පුළුවන්. පොඩ්ඩක් හොයලා බැලුවා නම් තමයි හොඳ.. කොහොමද මගී යානයක් භාණ්ඩ ප්‍රවාහනය කරන යානයක් බවට පරිවර්තනය කරන්නේ කියලා. සීට් ගලවලා දොර ලොකු කලා කියලා හරියන්නේ නැහැ. සම්පූර්ණ කැබින් එකම ඔවරෝල් කරන්න ඕනෑ.. යානයේ ඉදිරි කොටසින් හෝ පැතිවලින් භාණ්ඩ ඇතුළට දැමිය හැකි පරිදි දොරවල් සහ තට්ටු රෝලර් සහිතව සැකසිය යුතුයි. සම්පූර්න කේබ්ලින් පද්ධතියම නැවත අලුත් ඩක්ටින් හරහා සැකසිය යුතුයි. මේ හැම දෙයක්ම ජාත්‍යන්තර සහතිකයන්ට අනුකූල විය යුතුයි. තියෙන වැසිකිලි සියල්ල ගලවා ඊට අදාල කොටස් ගලවා දැමිය යුතුයි. ස්පැනර් එකයි... ස්කුරුප්පු නියනයි විතරක් මදි. කාර්ගො හිරවෙන්න අවශ්‍ය ආරක්ෂක ලොකින් පද්ධතිය සවි කරන්න ඕනෑ. එ්වා සහ තට්ටුව කොච්චර බරක් දැරිය හැකිද කියලා ඊට අනුකූල වෙන විදිහට ඩිසයින් කරන්න ඕනෑ. මේ ටික විතරක් නෙමෙයි.. තව ගොඩක් තියෙනවා.

:       13       11

dilenaMonday, 24 May 2021 10:00 PM

ගලවන සිට් ටික අපේ ගමෙ ස්කොලෙ පන්ති කාමර වලට දෙනවානම්. කම්මලේ වෑල්ඩින් ගුනෙ මමා සහ වඩු මාමා සමග ඈවිත් සතියකින් වෑඩේ කරලා දෙන්න පුලුවන්ලු.

:       4       2

Mr. munpin Wednesday, 02 June 2021 08:24 AM

අලුතින් ගුවන් යානයක් ලෙස නිර්මාණය කළ එකක් වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

වසර තුනකට පසු තේ නිෂ්පාදනයේ වාර්තාවක්
2025 ජනවාරි මස 21 17 0

අක්‍රමවත් දේශගුණික රටාව අතර වුවද, කුඩා තේ වතු හිමියන් සිදුකළ පොහොර භාවිතය හේතුවෙන් ඵලදාවේ යම් වර්ධනයක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව Asia Siyaka Commodities පවසය


දේශීය පාපැදි කර්මාන්තය රැකගන්න ලු‍මාලා සේවකයෝ රජයෙන් ඉල්ලති
2025 ජනවාරි මස 21 24 0

දකුණු ආසියාවේ ප්‍රමුඛතම පාපැදි නිෂ්පාදන සමාගමක් වන ලු‍මාලා සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පෞද්ගලික සමාගම (Lumala City Cycle Industries Manufacturing Pvt Ltd) වැසී යාමේ අව


ජනාධිපති- චීනයේ BYD සමාගමේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්
2025 ජනවාරි මස 21 47 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා සිදු කළ චීන නිල සංචාරයේදී එරට ප්‍රමුඛතම ගෝලීය සමාගම් අතර සිදුකළ සාකච්ඡා මාලාව යටතේ, නව බලශක්ති මෝටර් රථ (NEV) න


ජනාධිපති අපනයන සම්මාන පෙබරවාරි 7 වැනිදා
2025 ජනවාරි මස 21 9 0

ජනාධිපති අපනයන සම්මාන උළෙල, 26 වැනි වරටත්, ලබන පෙබරවාරි 7 සිකුරාදා පැවැත්වීමට නියමිතය. ඒ, 2023/24 මූල්‍ය වර්ෂය තුළ කාර්ය සාධනය අගයමිනි. සමස්ත සම්මාන 14 කින් සහ ක්


මහ බැංකුව පිරමීඩ ආයතන 21ක් හෙළි කරයි
2025 ජනවාරි මස 21 13 0

1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිර්ණය කළ ආයතන 21ක් ඊයේ (20) නිල


මහව ප්‍රා.ලේකම් කාර්යාලයෙන් නිවසේ සිට සේවා ලබාගැනීමේ පහසුකම්
2025 ජනවාරි මස 21 6 0

මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් හඳුන්වා දුන් බොට් මාස්ටර් නමැති ස්වයංක්‍රීය උපදේශන මෘදුකාංගය මගින් මහව කොට්ඨාසයේ ජනතාවට නිවසේ සිටම තම අවශ්‍යතා


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 420 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 618 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 336 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site