ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2025 අයවැය ප්‍රකාශයෙන් පසු, එල්එම්ඩී-පෙපර්කියුබ් ව්‍යාපාර විශ්වාස දර්ශකය (බීසීඅයි) පෙන්වා දී ඇත්තේ, පෙබරවාරි මාසයේ වාර්තාගත ඉහළම අගය වූ 204, ලකුණු 7 කින් පහළ ගිය බවත්, මාර්තු මාසයේදී එය 197 දක්වා පහළ වැටුණු බවත්ය.
එසේ පහළ වැටීමක් පෙන්නුම් කළත්, දර්ශකය එහි ඓතිහාසික මධ්‍යස්ථ අගය (123) ට වඩා ලකුණු 74 ක් ඉහළින් පවතින අතර, මාස 12 ක සාමාන්‍යය වන 138 ට වඩා ලකුණු 59 ක් ඉහළින් පවතී.
පෙපර්කියුබ් උපදේශකයන් සඳහන් කරන්නේ, බීසීඅයි හි සුළු පහත වැටීමක් තිබියදීත්, ව්‍යාපාරික ප්‍රජාව ශුභවාදීව සිටින බවයි. එයට හේතුව රජයේ මංගල අයවැයයි.
එය පැහැදිලි කරන්නේ, දර්ශකය ”ආර්ථික ස්ථායීකරණය සහ මෙහෙයුම් අභියෝග අතර සමතුලිතතාව සහ දිගු කාලීන ආයෝජන අවිනිශ්චිතතා සමග ව්‍යාපාර කටයුතු කරන ඒකාබද්ධතා කාල පරිච්ඡේදයක් සනිටුහන් කළ බවය.
”අයවැයෙන් පසු පසුගිය මාසයේ අප අනුමාන කළ පරිදි, දර්ශකය එහි සියලු කාලීන ඉහළම අගය ඉක්මවා ගියේ නැත. මැතිවරණ සමයේ පොරොන්දු සහ අපේක්ෂා තිබියදීත්, අයවැය සුළු සහනයක් ලබා දුන් බැවින් ව්‍යාපාරිකයන් තවමත් පරෙස්සම් සහගතව සිටිති.” යැයි එල්එම්ඩී ප්‍රකාශකයෙක් පවසයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්