IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලාබ උපයන උත්සාහයෙන් වෙළඳපොළ පහතට

දිනයේ ගනුදෙනු ආරම්භයේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුව ගනුදෙනුකරුවන් ලාබ ඉපැයීමට ගත් උත්සාහය ඉදිරියේ අඩාලවීමක් සිදුවිය. අවසානයේ දී දර්ශක ඉතා සුළු වර්ධනයක් පමණක් පෙන්නුම්කරමින් නිමාවට පත්විය. ඊයේ (මාර්තු 19) වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භවන විට සක්‍රීය ස්වභාවයකින් හැසිරුණ අතර මිල දී ගැනීමට යුහුසුළුවන බවක් දක්නට ලැබුණි. මධ්‍යහ්නය වන තෙක් පැවැති මෙම වාසි සහගත අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිය කොටස් විකිණීමට උත්සාහ කරන ලද ගනුදෙනුකරුවන්ගේ වෑයම හේතු කොට ගෙන දර්ශක පහතට වැටිණ. මිල දී ගැනීම සම්බන්ධයෙන් පවතින අවස්ථා ආරක්ෂා කරගැනීමට දේශීය සුළු ආයෝජකයන් කල්පනාකාරී වූ බවක් නිරීක්ෂණය නොවේ. 

ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,406.16  තෙක් ඉහළ ගිය අතර එය දර්ශක 12.00 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,605.21 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 18.94 ක දියුණුවීමක් සේ  දැක්විය හැකිය. 

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 71 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 59 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 55 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 47 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 36 ක්,   එයිට්කන් ස්පෙන්ස් රු. මිලියන 31  ක්, සම්පත් රු. මිලියන 30 ක්, වැලිබල් වන් රු. මිලියන 30 ක්, සහ සන්ෂයින් හෝල්ඩිං  රු. මිලියන 28 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම්  අතර තිබුණි. 

වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 12,823 ක් වූ අතර සමාගම් 125 ක කොටස් මිල ඉහළ ගියේය. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 97 ක් විය. ඊයේ දිනයේ වෙළෙඳපොළ  පිරිවැටුම රු. බිලියන 1.25 ක් දක්වා කලින් දිනයටත් වඩා අඩු අගයක් වාර්තා කළේය. මෙම සතියේ පසුගිය දින තුනක කාලය තුළ ද විදේශ විකිණීම් වල ශුද්ධ අවාසියක් වාර්තා වී තිබේ. තවමත් මිල දී ගැනීම් සඳහා ආයෝජකයන්ට උනන්දු විය හැකි පරිසරයක් නිර්මාණය වී ඇත. 



අදහස් (0)

ලාබ උපයන උත්සාහයෙන් වෙළඳපොළ පහතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 67 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site