ශ්රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA ) මාස අටට රුපියල් මිලියන එකසීය විසිහයක ආදායමක් ලබන වසරේදී ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනය මඟින් පේෂකර්ම හා තාක්ෂණ පාඨමාලා සඳහා මෙතෙක් ලබාදුන් උසස් ජාතික ඩිප්ලෝමාව (HND) වෙනුවට ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) ලබාදීමට සැලසුම් කර ඇතයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පේෂ කර්ම, ඇඟළුම් හා පාවහන් නිෂ්පාදන කර්මාන්තය සඳහා මිනිස්බල පුහුණුව ලබාදෙන ඉහළම ආයතන වලින් එකක් වන ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය පිළිබඳව පසුගියදා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.
ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA) මේ වසරේ අගෝස්තු මාසය වන විට සමස්ත මෙහෙයුම් ආදායම ලෙස රුපියල් මිලියන එකසීය විසිහයක් (126) උපයාගෙන ඇති බවත් එම ආදායමෙන් රුපියල් මිලියන හැට අටක් (68) පුහුණු වැඩසටහන් පැවැත්වීමෙන් ලබා ගැනීමට හැකිවූ බවත්, බදියුදීන් අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ මෙහෙයවීම යටතේ මෙම වසරේදී සිසුන් දෙදහස් විසිදෙනෙක් (2020) මේ වන විටත් ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ලියාපදිංචි වීමට සුදුසුකම් ලබා තිබෙන බවත් ලබන වසරේදී ඇඟලුම් කර්මාන්තය සඳහා ඇඳුම් මසන්නන් පුහුණුකිරීමේ වැඩසටහන් වැඩිදියුණු කර ක්‍රියාත්මක කිරීමටත් කෙසෙල් පතුරු මගින් ස්වාභාවික කෙඳි නිෂ්පාදනය කිරීම පිළිබඳ පර්යේෂණ කටයුතු විධිමත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
COMMENTS
මේකත් අවශ්‍ය තමා. එහෙම උනත් ගොඩක් අවශ්‍ය හොඳ වෙළඳපලක් ගන්න මාර්ග පාදා දීල සේරම දේවල මිල අඩු කරන්න උදව් කරන එක. එහෙම නැතිනම් බංගලාදේශය සහ වියට්නාමය වැනි රටවල් සමග තරග කරන්න අපිට බැහැ. හොඳම වෙළදපල තමා ඇමෙරිකාව සහ යුරෝපය. ඇමෙරිකාවට මොනවා කීවත් ඒගොල්ලෝ අපේ ඇගලුම් ගත්තේ නැතිනම් සේරම ඉවරයි. අපි කැමති උනත් නැති උනත එහෙම රටවල් අපිට උවමන.
බදියුදීන් ඔබට මෙය අලුත් වුණාට පේෂකර්මය අපේ ජාතික රැකියාවකි. විජයන් කියන කල්ලතොනිය ලංකාවට ගොඩ බසින විටත් කුවේණිය නූල් කටිමින් සිටියා කියලනේ මහාවංශය කියන්නේ.
අනේ කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරලා දැන් මොකක්ද කරන්න හදන්නේ? අරහෙන් විල්පත්තුව වනසනවා. ආණ්ඩුවේ මෙහෙම උදවිය තියන් ඉන්න අයට ගහන්න ඕනේ අර මොකක්ද එකෙන්..
කැලෑ එළි කිරීමේ ක්ෂේත්‍රයට NVQ දෙන්නේ නැද්ද මහත්තයෝ?