IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ලංකාවේ ධනවත්ම පුද්ගලයා බිලියනපති ඉෂාර නානායක්කාර - ගල්ෆ් නිවුස්

 


විමුක්ති එස් රුද්‍රිගු


මැද පෙරදිග කලාපයේ පිළිගත් පුවත් සේවයක් වන ගල්ෆ් නිවුස් දකුණු ආසියාවේ බිලියනපතියන් නම් කර ඇති අතර ඔවුන්ගේ ධනය දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ ධනය සමග සංසන්දනය කර ඇත.

රිලයන්ස් සමාගමේ සභාපති මෙන්ම කළමනාකාර අධ්‍යක්ෂවරයා වන මුකේෂ් අම්බානිගේ දළ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 118 ක් බවත් ඔහු දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවත් ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය පසුගියදා වාර්තා කළේය. රිලයන්ස් සමාගමට අමතරව තවත් සමාගම් හා ව්‍යාපාර කීපයක් මුකේෂ් අම්බානිගේ නමට තිබෙන බවද එම වෙබ් අඩවිය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා වන්නේ බිලියනපති ඉෂාර නානායක්කාර බවත් ඔහුගේ දළ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6ක් බවත් ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය සඳහන් කළේය. මෙරට ධනවත්ම පුද්ගලයා ලෙස සැලකුණු ධම්මික පෙරේරා අභිබවා යාමට ඉෂාර නානායක්කාර සමත් වී තිබෙන බවත් ඔහු රටවල් 10 කට අධික සංඛ්‍යාවක මෙහෙයුම් සහිත විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා සහ ආයෝජන සමූහයක් වූ LOLC හෝල්ඩින්ග්ස්හි ප්‍රධානියා බවත් එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේය. ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය හා රක්ෂණ අංශයේ ශ්‍රී ලංකාව පැවැත්ම පුළුල් කිරීමට ඉෂාර නානායක්කාර වැදගත් කාර්ය භාර්යයක් ඉටුකර තිබෙන බවද ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය සඳහන් කළේය.

ඇමෙරිකාවේ වෙසෙන පකිස්තාන -ඇමරිකානු ප්‍රකෝටිපතියකු වන ෂාහිඞ් ඛාන්, පාකිස්තාන සම්භවයක් ඇති ධනවත්ම පුද්ගලයා ලෙස පිළිගැනෙන බවත් ඔහුගේ දළ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.5 ක් බවත් ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය වාර්තා කළේය.

එසේම බංග්ලාදේශයේ ප්‍රසිද්ධ හා මතභේදාත්මක චරිතයක් වන මොසා බින් ෂම්ශේර් එරට ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන බවත් ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක් බවත් එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය. ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර අවි තැරැව්කාර කටයුතු සහ ගෝලීය ව්‍යාපාරික ආයෝජනවලින් ඔහු සිය ධනය උපයා ඇතැයි ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය වාර්තා කළේය.

නේපාලයේ එකම බිලියනපතියා වන බිනෝද් චෞද්රී එරට ධනවත්ම පුද්ගලයා බවත් ඔහු දළ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6 ක් බවත් එම වෙබ් අඩවිය සඳහන් කළේය. නේපාලයේ ප්‍රසිද්ධ ව්‍යාපාර සමූහයක් වන චෞද්රී සමූහයේ හිමිකරු වන්නේද බිනෝද් චෞද්රී බව ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.



අදහස් (0)

ලංකාවේ ධනවත්ම පුද්ගලයා බිලියනපති ඉෂාර නානායක්කාර - ගල්ෆ් නිවුස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 462 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16951 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site