ලෝකයේ දැනට ඇති අධි සුඛෝපභෝගී විශාලතම මගී නෞකාවක් වන ක්වීන් මේරි 2 නෞකාව අද උදෑසන මගීන් 2500ක් ද රැගෙන කොළඹ වරායට සේන්දු විය. මෙය මෙතෙක් කොළඹ වරායට පැමිණි විශාලතම මගී නෞකාව බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.
මේ නෞකාවේ ප්‍රධානතම යාත්‍රා ප්‍රදේශය වන්නේ අන්තර් අත්ලාන්තික් කලාපයයි. යාත්‍රාවේ දේශීය නියෝජිතයන් වන්නේ ඩෙල්මේජ් ෆෝසිත් සමාගමට අයත් ෂිපිං ඒජන්සි සර්විසස් සමාගමයි.
2003 වසරේ ක්වීන් මේරි 2 නෞකාව දියත් කළ අතර එහි පළමු සංචාරය 2004දී සිදු කැරිණි. මීටර් 340ක දිගින් යුත් මෙම නෞකාව මගීන් 2620ක් හා කාර්ය මණ්ඩලය 1253ක් සමගින් යාත්‍රා කරයි. බර්මියුඩා ධජය යටතේ මේ නැව ලොව වටා සංචාරය කරයි.
ස්පාඤ්ඤයේ බර්සිලෝනා වරායෙන් 2013 සිය ලොව වටා සංචාරය ආරම්භ කළ නෞකාව සූවස් ඇළ තරණය කොට මැද පෙරදිග, නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව (කොළඹ, කොචින්) ගිනිකොනදිග ආසියාව (මැලේසියාව, සිංගප්පූරුව, බැංකොක්) නැගෙනහිර ආසියාව (වියට්නාමය, හොංකොං, චීනයේ සැංහයි) ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, සැම්බියාව පසුකොට නැවත ස්පාඤ්ඤයෙන් සිය සංචාරය නිම කිරීමට නියමිතය.
]

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දන්නෙ නෑ මේක හම්බන්තොටට ගියෙ නැත්තෙ...........??? (ස)
ඒක තමා අසුභ විදියටම බලන්න නරකයි.(නදී)
හොඳයි ! (ස)
මේක ලොකුම නැව නෙමෙයි (ස)
නියමයි. (නි)
හරිම ආඩමිබරයි. කොහොම උනත් කොළඹ වරායට ආපු එක හොදයි. (නදී)
ලංකාවට ආඩම්බරයක් . (ස)
ඔබ සැමට බුදු සරණයි (දී)
අජිත්, ඔයා හැමදේම බල්න්නේ ඇදයටද?(නදී)
අනේ හරි ෂෝක්. (නි)
අපරාදේ , හම්බන්තොටට යන්නයි තිබුණේ .(ස)
අනේ අපිවත් එක්ක යන්නකෝ. (ත)
විශිෂ්ටයි (දී)
බලන්න එපායැ ලස්සන (දී)
හරිම ලස්සනයි. නියමයි.(නදී)
මෙතනදී පක්ෂ භේදයෙන් බලන්න හොද නැහැ. ඔය වගේ සංචාරක නැවක් ආවා කියන්නේ අපේ රටට ගෞරවයක්.(නදී)
සන්තෝසයි (දී)
පුදුම හිතෙනවා. බලන්න ආසයි. ටයිටැනික් වගේ.(නදී)
ඒ වරායේ නිර්මාතෘවරුන්ට අපේ ගෞරවය! (නි)
හොද වෙලාවට මේක හම්බන්තොට ගියේ නැත්තෙ.. නැත්නම් උදේ ඉදලා රෑ වෙනකම්ම අහන්න වෙන්නේ මේක ගැන.. (නු)
මගේ රට දැන් හුගක් දියුණුයි. මේ රජයට මම ආදරෙයි.(නදී
කෙනත්, ලක්මාල්, අර්ජුන, මේ තොරතුරු වලට ස්තූතියි. (නි)
ඇයි මේ නැව හම්බන්තොටට ආවේ නැත්තේ (ස)
කොළඹ මේ කට්ටියට මොනවද බලන්න තියෙන්නේ? (නි)
මේ නැවේ පින්තුර ගන්න මාද්‍යවෙදියෝට යන්න දෙන්නේ නැද්ද?(නදී)
මෙයාලට පිස්සුද කොහේද? (නි)
කවීන් මේරි 1 නැව (1936-1967) ඉතා විසල මගී නෞකාවක්. දැනට එය සේවයෙන් ඉවත් කොට ඇමෙරිකාවේ ලොස් අන්ජෙලෙස් නුවර , ලෝන්ග් බීච් හි 1967 සිට කෞතුක වස්තුවක් ලෙස නැංගුරම් දා ඇත. නමුත් තවම එය සංචාරකයන ඇදගනිමින් සහ හෝටලයක් ලෙස පවත්වාගෙන යයි. ඕනෑම කෙනෙකුට එහි ඇතුලට ගොස් එන්ජින් සහිත මුහුදු මටටමින් පහල විශාල කොටස් වලටද යන්න පුළුවන්. මමද මෙය තුලට කිහිපවිටක් ගොස් ඇත. කවීන් මේරි 1 දෙවන ලෝක යුධ සමයේ ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය අතර සොල්දාදුවන් ප්‍රවාහනයට යොදාගෙන ඇත. එහි ආරක්ෂාවට බ්‍රිතාන්‍ය ඩිස්ට්රෝයල් නෞකා 2ක් නිතරම දෙපසින් ගොස් ඇත. නමුත් ජර්මානු සබ්මැරින් ප්‍රහාර මගහැරීමට 'සිග් සැග්' ක්‍රමයට නෞකා හැසිරවීමේදී මෙම එක ඩිස්ට්රෝයල් නැවක් ඉතා දරුනු ගැටීමක් ඇති වී තිබේ. ඩිස්ට්රෝයල් නැව හරි මැදින් දෙකට වෙන් විය, නාවික සෙබළුන් 300 ක් පමණ අත්ලාන්තික් සයුර මැද මරණය වැලදගත්හ. ගිලෙන නැවේ සෙබළුන් බේරා ගැනීමට කුවීන් මේරි 1 නතර නොවීය, මන්ද ඒ ප්‍රමාදය ජර්මානු සබ්මැරීන් ප්‍රහාරයකට ගොදුරක් වී තවත් සෙබළුන් 16,000 ක් පමණ අනතුරේ වැටීමේ අවදානම නිසාය. කුවීන් මේරි නැවේ එන්ජින් කාමරය මෙමගින් දරුනු ලෙස හානි විය , මිනිසුන් ගණනක් මියගියහ. අදද මේ අයගේ හොල්මන් අවතාර මේ නැවේ අදුරු කොටස් වල සැරිසරන බව ඉතා ජනප්‍රිය දෙයක්. මේ සදහා අද නව තුල "හොල්මන් බැලීමේ සංචාර" පවා දෙනවා, එයනම් ඇත්තටම බයහිතෙනවා.(නදී)
මේ නැව බලන්න අපටත් යන්න දෙනවනම් ඒක තමයි අති විශිෂ්ඨ. (ස)
ඔය දාලා තියෙන පින්තූ ලංකාවේ ගත්ත ඒවා නෙමෙයි නේද?(නදී)
මේකෙ ප්‍රතිචාර ලියපු අය හුඟක් අසුභවාදී විදියටනෙ බලන්න පුරුදු වෙලා තියෙන්නේ. ලෝකෙ පිළිගත් ලොකුම නැවක් ලංකාවට ආව කියන එක කොච්චර සතුටු වෙන්න ඕනෑ දෙයක්ද? දකුණු ආසියාවෙන්ම ලංකාව ඇතුළු තවත් රටකට විතරයි ඒක ගිහින් තියෙන්නෙ. (නි)
ලංකාවට ආඩම්බරයක්! (නි)
හම්බන්තොටටත් ගියා නම් නේද හොද? (නදී)
අපේ දරුවන්ගේ අනාගතය සුබ වේවි. (නදී)
ඇත්තෙන්ම ලංකාව ගැන හරිම ආඩම්බරයි. (නි)
මේක ලෝකයේ හත් වැනියට ලොකුම නැව. දිග මීටර් 340යි. පළල මීටර් 45යි . 'මුහුදු ආකර්ෂණය' (MS Allure of the Seas)හා 'මුහුදු ක්ෂේමභූමිය' (MS Oasis of The Seas) තමා ලොකුම මගී නෞකා(දිග මීටර් 362යි පළල මීටර් 65යි ). මේරි(RMS Queen Mary 2) හැම අවුරුද්දෙම එනවා ඕස්ට්‍රේලියාවට. සමහරවිට දෙතුන් දොහක්. මෙයාගේ අක්කා(RMS Queen Mary) 1930 ගනන්වල හදපු මීටර් 310ක් දිග නැවක්. එයාව හදලා තියෙන්නේ එංග්ලන්තයේ පස්වැනි ජෝජ් රජ්ජුරුවන්ගේ බිරිඳ මේරි රැජිණගේ අනුග්‍රහයෙන්. (නි)
හොද වෙලාවට ලස්සන මගී නැවක්. කොළඹට ආවේ. ක්වීන් මේරි 02, මෙච්චර සුඛෝපභොගී නම් ක්වීන් මේරී 01 කොහොම ලස්සනට ඇත්ද?(නදී)
පුදුමයි මාගම්පුරයට නොගිය එක. (නි)
හම්බන්තොට වරායටත් යන්නයි තිබුණේ (ස)
හමිබන්තොට වරායට යන්න කාර් ගෙනත් නැහැ.(නදී)
ඔවු මංජුල, ඒක ඇත්ත තමයි. (නි)
මේ ලොව ලොකුම සුකෝපබෝගී මගී නැව නෙමෙයිනේ.(නදී)
ඇයි මේ මිනිස්සු මේ තරම් මෝඩ ? හම්බන්තොට කියන්නේ අපේ රටේම කොටසක්. එහි ජීවත්වන්නේ අපේම මිනිස්සු. හම්බන්තොට වරාය අපට අයිති තවත් සම්පතක් . (නි)
හම්බන්තොටට එන්නේ කාර් නැව් (ස)
හරිම ලස්සනයි. බලන්න යන්නත් ආසාවක් ඇති වෙනවා (ස)
අපේ මිනිස්සු හැමදේම දිහා අසුභ විදියටමනේ බලන්නේ. (නි)
ලංකාවට ආඩම්බරයක්. (නි)
පුදුමයි ඕක කොළඹට ආවා කිව්වම. මමනම් හිතුවේ හම්බන්තොට වරායට ඒවි කියලා (ස)
මේ ලිපියට තොරතුරු එවපු සහ එවන අයට ස්තූතියි. (නි)
ඇත්තෙන්ම ලංකාවට ආඩම්බරයක්.(නදී)
ඇත්තෙන්ම ලංකාවට ආඩම්බරයක්.(නදී)
ලස්සනයි රටට ආඩම්බරයක්.(නදී)
ලස්සන නැවක්.(නදී)
ඇත්තෙන්ම ලංකාවට ආඩම්බරයක්.(නදී)
වැරදිලාවත් නැව හම්බන්තොට වරාය පැත්තෙ ගියානම් විපක්ෂය ඉවරයි.. (නු)
ලංකාවට ආවේ අළුත් නමක් දාගන්න වෙන්න ඇති.(නදී)
ඒ වුනාට මේ නැවිවල වැඩ කරන අය නම් බොහොම දුක්ඛිත ජීවිත ගතකරන්නේ.(නදී)
අපි හැමෝම රට ගැන ආඩම්බයෙන් කථා කරන්න අවශ්‍යයි. රටේ සාමය ඇතිවෙලා ආර්ථික වශයෙන් දියුණු රටවලින් ලංකාවට එනවා කියන්නේ රටේ ජයග්‍රහනයක්.(ස)
පාලිත ,සාම ගිවිසුම් කාලේ මුලතිවු වලට ආවේ ආයුධ නැවු තුනද? (නි)
ඔව්... දැන් ඉතින් ලංකාවේ හැමදේම වෙන්නේ ලෝකෙ ලොකුම ඒවනේ... ඉතින් ඕකත් අවුලක් නෑ. ඕකත් මහලොකු දෙයක් නෙමෙයි ඒක නිසා..(ස)
හම්බන්තොටට යන්නෙ කොහෙද! අලිය බෝට්ටුවක්වත් යන්න බැරිව. මිනිස්සුන්ගෙ සල්ලිනෙ.මේ දේශපාලන සංස්කෘතිය වෙනස්වෙන්නෙ කවදද?(නදී)
කාටද ආඩම්බර (දී)
ඔඒසිස් ඔප් ද සීස් කෘයිස් නේද ලෝකෙ ලොකුම නැව.(නදී)
ඔඒසිස් ඹප් ද සීස් කෘයිස් නැව.(නදී)
එතකොට 1980 ගනන් වල ආව කියපු නැව ගැන කව්රුහරි දන්නවා නම් කියන්න බලන්න.(නදී)
ජය ශ්‍රී ලංකා..!(නු)
ලංකාවට වැරදිලා ඇවිල්ලද කොහෙද? ඉක්මණට ගියොත් හොදයි. නැත්නම් පොඩි එවුන්ට අසා හිතුනොත්??? (නි)
ලංකාව ආසියාවෙ ආශ්චර්යය වෙන එක නවත්වන්න බැහැ. (නි)
ළගදීම ක්වීන් එලිසබත් නැව හම්බන්තොටට එනවා..!(නු)
මේ වගේ නැවක සංචාරයක් යන්න මුදල් තිබුනට මදි පිනක් තියෙන්න ඕන..!(නු)
ඉතාම ආඩම්බරයි! (නි)
මේ නැව එක කාලයකට හලිපැක්ස් වරායට එනවා. ගිය අවුරුද්දෙත් ආවා. අපේ ගෙදර තියෙන්නේ මේ වරාය ලග නිසා නිතර දකිනවා. අපේ ගෙදර ඉස්සරහින් තමයි නැව හරවලා යන්නේ. හරිම ලස්සනයි. මගේ ගාව තියෙනවා ගෙදර ඉදන් ගත්ත නැවේ පින්තූර.(නදී)
මේක හතරවැනි ලොකුම නැවලු. (නි)
මම මේක වරාය ලඟදි දැක්කම හිතුවේ බිල්ඩිමක් කියල, දැන් තමයි හොඳට දැක්කේ. ඇත්තටම හරිම විශාලයි.(නදී)
හම්බන්තොටට ආවා නම් කොහොමද? කණක් ඇහිලා ඉන්න වෙන්නෙ නැහැ. (නි)
හොද පුවතක්. ලස්සනයි. (නි)
ලඟදි ඉදලා ලොකු ලොකු දේවල් හා හොඳ හොඳ දේවල් තමයි ලංකාවට එන්නේ, ලැබෙන්නේ .(ස)
හරිෂ්, මටත් ඒකම හිතෙනවා. (නි)
ලංකාවට මොකක් හරි ආවොත් ඒක ලෝකෙ ලොකුම එක හරි, ලෝකේ හොදම ඒක,,,වෙන ඒවා ලංකාවට එන්නේ නැත්ද,, අනේ මන්ද මේවා මිනිස්සු විස්වාස කරනවනේ...(ස)
ලංකාවේ අපි අපේ රට ගැන ආඩම්බර වියයුතුයි. (නි)
මේ නෞකාව ජර්මනියෙ හැම්බර්ග් වරායට ආවම ඒක පිළිගන්න උත්සව පැවැත්වුවා. නැව වරායෙ තියනකල්ම වරාය උත්සව සිරියක් ගත්තා. මිනිස්සු දහස් ගාණක් නැව දැක ගන්න වරායට ආවා. නැව ගැන සඟරා පවා පළ කළා. මම මේවා දැන ගත්තෙ මගේ ජර්මන් ජාතික මිතුරෙකුගෙන්. ඔහු ලංකාවට එද්දි මට ඒ සඟරාවක් අරන් ආවා. මේ නැව ඔවුන්ගේ වරායට පැමිණීම ගැන ඔහු කතා කළේ ඔවුන් ලබපු ලොකුම ගෞරවයක් විදියට. ඉතින් මේ නැව ලංකාවට ආපු ඒකේ වටිනාකම මට හොඳට දැනෙනවා. (නි)
ලංකාවේ අපිට ආඩම්බරයි... අපේ රට ගැන ආඩම්බර විය යුතුයි!! (ස)