IMG-LOGO

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා


රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව මේ වසරේ සිට

තිරසාර මුල්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම අරමුණක්
ගිණුම්වලට අනවසර පිවිසීම්වලට ආරක්ෂාවක්
ගෙවීම් සේවා බලපත්‍ර ලබාදීමේ ක්‍රමය සමාලෝචනයට


රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව (Government Digital Payment Platform - GDPP) සම්බන්ධයෙන් 2024 වසරේදී සිදු කරන ලද සාර්ථක නියමු පරීක්ෂණවලින් පසුව 2025 වසරේදී ක්‍රියාත්මක වනු ඇතැයි මහ බැංකුව පවසයි.

ඩිජිටල්කරණය වූ දත්ත ගබඩා නොමැති රාජ්‍ය ආයතනවලට අන්තරජාල බැංකුකරණය/ජංගම ගෙවීම් යෙදුම් හරහා මහජනතාවගේ තත්කාලීන ගෙවීම ලබා ගැනීමට සහාය වන ලෙස මෙම වේදිකාව නිර්මාණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් මෙම කරුණු සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම මහ බැංකුව 2024 වසර තුළදී කලාපීය සහ වෙනත් රටවල්වල ගෙවීම් ජාල සමග ඒකාබද්ධවීම මගින් ජාතික ගෙවීම් පද්ධති යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම සිදු කළ බව ද මහ බැංකුව පවසයි.
එසේම ශ්‍රී ලංකාවේ ගෙවීම් යටිතල පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කිරීමේ අරමුණින්, නව තත් කාලීන දළ පියවීම් පද්ධතියක් (Real Time Gross Settlement System RTGS හඳුන්වාදීමටද මහ බැංකුව කටයුතු කර තිබේ.

“අන්තර් බැංකු ගෙවීම් පද්ධති වෙත සාමාජිකයන් සම්බන්ධ කරවීමේ ක්‍රියාපටිපාටිය මෙන්ම ගෙවීම් සේවා සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාපටිපාටිය සමාලෝචනය කිරීමටද මහ බැංකුව මේ වසරේදී අපේක්ෂා කරන බවද පවසයි.

“2025 වසරේ ජනවාරි මාසයේ සිට LANKAQR සඳහා වෙළෙඳ වට්ටම් අනුපාතය සියයට 0.5 සිට සියයට 1ක් දක්වා ප්‍රතිස්ථාපනය කරනු ලබන අතර, එමගින් මූල්‍ය ආයතන සහ මූල්‍යතාක්ෂණ ආයතන (FinTechs) LANKAQR සක්‍රියව ප්‍රවර්ධනය කිරීමට දිරිමත් කරනු ඇත.“ යනුවෙන් මහ බැංකු අධිපතිවරයා මේ පිලිබඳව සඳහන් කළේය.

එපමණක් නොව ඩිජිටල් ගෙවීම් ආශ්‍රිතව මහජනතාවට ඇති ගැටලු‍ හඳුනා ගනිමින්, වංචා සිදුවන ආකාරය නිරීක්ෂණය කිරිම සහ අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමෙන් මහජන විශ්වාසය සුරක්ෂිත කිරිමටද මහ බැංකුව කැපවී සිටින බවද අවධාරණය කර සිටියි.

“මෙහි අදියරක් ලෙස ගෙවීම් යෙදුම් හරහා ගනුදෙනුකරුවන්ගේ ජංගම සහ ඉතුරුම් ගිණුම් වෙත අනවසරයෙන් සිදු කරන ප්‍රවේශවලින් ආරක්ෂා කිරීම මහ බැංකුව 2025 වසරේ මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි 2024 වසරේදී චක්‍රලේඛයක්ද නිකුත් කර තිබෙන බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී පවසා සිටියේය.

විශේෂයෙන්ම වඩාත් විනිවිදභාවයකින් යුතු සහ පාරිභෝගික කේන්ද්‍රීය තිරසාර මූල්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම මහ බැංකුවේ අරමුණ බවත්, ඒ සඳහා 2025 වසරේදී සහ ඉන් ඔබ්බට උපාය මාර්ගික මුලපිරීම් මාලාවක් සැලසුම් කර ඇතැයිද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.



අදහස් (0)

රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව මේ වසරේ සිට

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

කුඩා - මාධ්‍ය ව්‍යාපාර නංවන්න ප්‍රමාණවත් සහායක් නෑ
2025 ජනවාරි මස 24 26 0

ප්‍රතිපත්තිමය වැරදි සහ ආර්ථික අර්බුදය හේතුවෙන් කඩාවැටුණු සිය ව්‍යාපාර නැවත නඟා සිටුවීමට ප්‍රමාණවත් සහායක් තවමත් ලැබී නැතැයි මෙරට ආර්ථිකයේ කොඳු නාර


ආහාර සුරක්ෂිතතා කමිටුව මුල්වරට රැස්වෙයි
2025 ජනවාරි මස 24 22 0

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහ


ඉතාලි ‘බෙන්ජි’ සමාගමෙන් ඩො.මි. 35 ක ආයෝජනයක්
2025 ජනවාරි මස 24 95 0

ඇඟලු‍ම් කර්මාන්තයේ නියැලෙන ඉතාලි සමාගමක් වන ‘බෙන්ජි’ සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඩොලර් මිලියන 35 ක ව්‍යාපාර පුළුල් කිරීමේ ගිවිසුමක් පසුගියදා අත්


සියලු‍ කොටස් මිල ඒකක 17,000 පනී
2025 ජනවාරි මස 24 21 0

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමුවරට සියලු‍ කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව ඊයේ (23) පසු කළේය.


ෆිච් රේටින්ග්ස් බැංකු 10 ක ශ්‍රේණිය ඉහළ නංවයි
2025 ජනවාරි මස 24 15 0

ඇමෙරිකාව පදනම් කරගත් ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් මෙරට බැංකු 10 ක ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම පසුගියදා ඉහළ දැමීමට කටයුතු කළේය.


ඇඟලු‍ම් අපනයන ආදායම ඩො. බි. 4.76ක්
2025 ජනවාරි මස 24 9 0

පසුගිය වසරේ මෙරට ඇඟලු‍ම් අපනයන ආදායම 2023 වසර සාපේක්ෂව සියයට 5 කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.76 දක්වා වර්ධනය වී ඇතැයි මෙරට ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය විසින


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 18 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 548 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 646 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site