- මෙතෙක් පැමිණි සංචාරකයන් දොළොස් ලක්ෂ අසූපන්දහස ඉක්මවයි
ජූලිමාසයේ මුල් දින 22 තුළ මෙරට වෙත විදෙස් සංචාරකයන් 138,730 දෙනෙකු පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1,285,303 ක් බවට පත්ව තිබේ. ජූලි මාසයේ වැඩිම සංචාරක පැමිණීමක් සිදු වූ සතිය ජූලි 15-21 ත් අතර සතිය වන අතර එහිදී සංචාරකයන් 48,161 දෙනකු පැමිණ තිබේ. ඒ අනුව මාසය තුළ මේ දක්වා දෛනික සංචාරක පැමිණීම්හි සාමාන්‍ය 6,306 ක් බවට පත්ව තිබේ.
මාසයේ මෙතෙක් පැමිණි සංචාරකයන්ගෙන් 31,734 ක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 23 කි. එක්සත් රාජධානියෙන් සංචාරකයන් 14,959ක් සහ චීනයෙන් 8,484 ක්ද පැමිණෙමින් තෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙයි. මේ අතර වසරේ මේ දක්වා පැමිණි ඉන්දියානු සංචාරකයන් සංඛ්‍යාව 325,417 කි. එසේම එක්සත් රාජධානියෙන් සහ චීනයෙන් පැමිණි සංචාරකයන් 123,526ක් සහ 84,655ක් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd