- ඉන් ඵලදායිතාව, තරගතකාරීත්වය, ආයෝජන රැගෙන එන බව පවසයි
භානුක අමරසිංහ
|
ආචාර්ය අනිල් පෙරේරා |
රටක ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා නවෝත්පාදනය මූලික අවශ්‍යතාවක් බව මහ බැංකුවේ අධ්‍යක්ෂ (වෙළෙඳපොළ මෙහෙයුම්) ආචාර්ය අනිල් පෙරේරා මහතා සඳහන් කරයි. අද වන විට ඒ සම්බන්ධ බොහෝ උදාහරණ පෙන්වා දිය හැකි බවත් ඔහු පවසයි.
“මෙම නවෝත්පාදනය ඵලදායිතාව ඇති කරනවා, තරගකාරීත්වය ඇති කරනවා, නවෝත්පාදනය මගින් නව අදහස් සහ නව ආයෝජන ගෙන එනවා. ඒ වගේම සමස්තයක් විදියට ගත්තම නවෝත්පාදනය ආර්ථික වර්ධනයේ එන්ජිම බඳු පෞද්ගලික අංශයේ භූමිකාව තවදුරටත් උද්යෝගිමත් කිරිමට හේතු වෙනවා.’’ නවෝත්පාදනය ප්‍රවර්ධනය කියන්නේ තිරසාර ආර්ථික වර්ධනයකට අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම එය ඒකපුද්ගල දළ ජාතික ආදායම ඉහළ නැංවීමට හේතු වෙනවා. මුල් කාලයේදී කාර්මීකරණයට ලක් වූ රටවල් වගේම මෑතකදී කාර්මීකරණයට ලක් වූ රටවල් පවා දියුණු වුණේ මේ නවෝත්පාදනය නිසා.“
එසේම මිල ස්ථාවරත්වය, විදේශ අංශයේ ස්ථාවරත්වය, මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය කියන මේ සියලුම කාරණා සාර්ව ස්ථාවරත්වයට සම්බන්ධ බවත්, නවෝත්පාදනය මෙම අංශ වෙත ඍජුවම සහාය දක්වන බවත් ඒ මහතා සඳහන් කළේය.
“නවෝත්පාදනයේ සහායෙන් සිදු වන සැපයුම් ඉහළයෑම මිල ස්ථාවරත්වය ඇති කරනවා. නවෝත්පදනය හරහා ඇති කරන අපනයන තරගකාරීත්වය හරහා වැඩි විදේශ විනිමයක් රටට ගෙන එනවා. ඒ නිසා සාර්ව ආර්ථිකයේ මේ සෑම අංශයක් සමගින්ම නවෝත්පාදනය සම්බන්ධ කරන්න පුළුවන්.’’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd