(බිඟුන් මේනක ගමගේ)
මේ වසර අවසානය වනවිට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට සහාය නොදැක්වීමට වට්ස්ඇප් ආයතනය තීරණය කර ඇති බව තමන්ට දන්වා ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ නිසා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකථනය භාවිතා කරන්නන්ට හැකි ඉක්මණින් IOS හෝ Android මෙහෙයුම් පද්ධතියකින් ක්‍රියාත්මක වන ජංගම දුරකථනයක් කරා මාරු වන ලෙස ඉල්ලා සිටින බවද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය එහි සඳහන් කර ඇත.
ඒ අනුව ඇන්ඩ්‍රොයිඩ් 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධතිවලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන whatsApp භාවිතය සඳහා යොදාගන්නා ලෙස වට්ස්ඇප් ආයතනය දන්වා ඇතැයි ද එම සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වට්ස්ඇප් නෑ කියලා පාවිච්චි කරන දුරකථනය විසිකරන්න කියලද කියන්නේ..? වට්ස්ඇප් නැතිනම් ඉමෝ, වයිබර්, ලයිම් වගේ මෙකීනොකී ඇප් කොච්චර තියෙනවද..? මම නම් හිතන්නේ නෑ වට්ස් ඇප් නෑ කියලා ෆෝන් එක විසිකරයි කියලා..