විමුක්ති එස් රුද්‍රිගු
වාහන ආනයනය කිරීමේදී පනවා ඇති බදු සීමා අඩු කිරීමට රජය මෙම වසරේදී බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා රූපවාහිනී වැඩසටහනකදී පසුගියදා ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් වෙළෙඳපොළේ වාහන මිල ගණන් මෙම වසර තුළදී නොවෙනස්ව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේය. වාහන ආනයනයෙන් රුපියල් බිලියන 300 ත් 350 ත් අතර ආදායමක් රජය බලාපොරොත්තු වන බවත් වත්මන් ආර්ථික වර්ධනය සැලකිල්ලට ගනිමින් වාහන ආනයනය ගමන් කරන දිශාව රජය විමසිල්ලෙන් බලා සිටින බවත් හුලංගමුව මහතා පැවැසුවේය.
යම්කිසි පුද්ගලයකු වාහන බදු අඩු කිරීමක් බලාපොරොත්තුවෙන් සිටී නම් එය මෙම වසරේ සිදු නොවන බව ප්‍රකාශ කළ යුතු යැයි හුලංගමුව මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තිබෙන ගිවිසුමේ මෙම වසරේදී වාහන ආනයන බදු අඩු කළ නොහැකි බව පැහැදිලිව සටහන් වන බව ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුවේය.
මීළඟ මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය පිළිබඳ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දුමින්ද හුලංගමුව මහතා ප්‍රකාශ කර සිටියේ එම තීරණය ජනාධිපතිවරයා සතු වන බවයි.
2025 දෙසැම්බර් මස 18
23
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේ වසරේ වාහන ආනයන බදු අඩුවීමක් නෑ